පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉතා ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක් වන අතර එහි ප්‍රධාන ගොඩනැගිල්ල 1876 වර්ෂයේදී බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉදිකර බෝගම්බර බන්ධනාගාරය පිහිටුවන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුලද බෝගම්බර බන්ධනාගාරයට සුවිශේෂී වැදගත් කමක් හිමි වේ. වරෂ 1815 න් වසර 61 කට පසුව එනම් වරෂ 1867 දී එංගලන්ත එඩිම්බරෝ වික්ටෝරියා මහරැජිනගේ ඔටුන්න ආකෘතියට මේ බෝගම්බර දඟගෙය ගොඩනංවා ඇත. හිස් පළඳනාව හෙවත් ඔටුන්නෙහි හැඩය විදහා පාමින් දිගින් අඩි 556 ක්ද, පළලින් අඩි 144 ක්ද, උසින් අඩි 102 ක් වන එකම අත්තිවාරමේ තැනූ මේ මහා ප්‍රාසාදය ආසියාවේම වූ දිගම අත්තිවාරම ලෙස නම් දරා තිබේ. මෙවන් අපූරු ගෘහ නිර්මාණ ශිල්පයක් ඇසුරෙහි වූ මේ ගොඩනැඟිල්ලේ ඇත්තේ දොරටු දෙකකි.
එම දොරටු දෙක ගොඩනැඟිල්ලේ වම්පස හා දකුණුපස ඉදිකොට ඇති හෙයින් එක්කෝ වම් පසින් ඇතුළු වී දකුණු පසින් පිටවිය හැකියි. නැතිනම් වම් පසින් ඇතුළුව දකුණු පසින් පිටව යා හැකිය. එනමුදු …….
මෙම ගොඩනැගිල්ල හා කොටු පවුර ඉදිකර ඇත්තේ මෙරට එවකට බන්ධනාගාර පරිපාලක ජෙනාල් හා පොලිස් කොමසාරිස්වරයා වූ N.R.Sondrass මහතාගේ අධීක්ෂණය යටතේ රජයේ වැඩදෙපාර්ථමේන්තුව සහ එවකට සිරකරුවන් 92 ගේ ආධාරයෙනි. මුලු භූමිය හෙක්ටෙයාර් 5596 කි. සිරමැදිරි 04 කින්, සිරකුටි 43කින් සිරකරුවන් 408 ක් දැමියහැකි සිරමැදිරි 328 කින් සමන්විත ගොඩනැගිල්ලකි. ප්‍රථම ජේලරවරයා වන්නේ Wolintan මහතාය.
මෙම බෝගම්බර බන්ධනාගාරය මහල් තුනකින් සමන්විත වන අතර මෙය ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. ලංකාව තුල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල බන්ධනාගාර දෙකෙන් එකක් ලෙසද බෝගම්බර සිර ගෙය ප්‍රසිද්ධිය උසුලයි.
බෝගම්බර බන්ධනාගාරය, ශ්‍රී ලංකාවේ පිහිටි දෙවන විශාලතම සිරගෙය වේ. මෙහි සිටි රැඳවියන් සඳහා තම ආගම ඇදහීමට අවැසි සියලුම සිද්ධස්ථාන ද මෙම බන්ධනාගාරය තුළ ස්ථාපිත කර තිබී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් බෝගම්බර හිර ගෙය නිරමාණය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ දේශප්‍රේමී ප්‍රභූන් හා රදලයන් රඳවා තබනු පිණිස වන නමුත් පසු කාලයේදී දරුණු ගණයේ අපරාධකරුවන්, මිනීමරුවන්, මංපහරන්නන් රඳවා තබන ස්ථානයක් බවට බෝගම්බර සිපිරි ගෙය පරිවර්තනය වී තිබේ.මෙම අති දැවැන්ත බන්ධනාගාර ගොඩනැඟිල්ල අභ්‍යන්තරය ගුප්ත අඳුරින් වැසී ඇත. ලී තරප්පු පෙළෙහි ඇත්තේ බොල් හඬකි. එම බිහිසුණු පරිසරය තුල රැඳවියකුගේ සියොළඟම සලිත කරවීම අරමුණු කොට ගෘහ නිර්මාණ ශිල්පය පවා යොදා ගත් බව පැහැදිලිය.
මෙම බන්ධනාගාරය ස්ථාපිත කර ඇත්තේ ඉපැරණි බෝගම්බර වැව ගොඩ කළ ස්ථානයේ බව ඉතිහාසයේ සඳහන් වේ. එකල මහනුවර බෝගම්බර වැව පිහිටා තිබි ඇත්තේ මෙම භූමියේ බව පැවසෙන අතර, බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇති ස්ථානයේ පිහිටි බෝගම්බර වැවේ එදා ඇහැලේපොල කුමාරිහාමි දියේ ගිල්වා මරා දැමීමෙන් අනතුරුව එම මළ සිරුර ගොඩගත් ස්ථානය අදත් මෙම බෝගම්බර බන්ධනාගාරය තුළ දැක ගත හැකි ලෙසින් තැනවූ කුඩා ස්මාරකයක් ද ඇත.
උඩරට ඇතිවූ වියවුල් හේතුවෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමා ළඟින් සිටි ඇහැලේපොල නිළමේ සමඟ උරණ වී සබරගමුවට යවා ඔහුගේ දරුපවුල ඝාතනය කිරීමත් සමඟ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුලු තවත් කීපදෙනෙකු බෝගම්බර වැවේ රාජ නියෝග මත ගල්බැද ගිල්වා මරාදමා ලක්මවට කලුපැල්ලමක් එක්කරන ලද්දේ මහනුවර බෝගම්බර වැව අසලදී බව කවුරුත් දන්නා ප්‍රකට කරුණකි. ඇහැලේපොළ මොණරවිල කුමාරිහාමිගේ දේහය පාවි පාවි තිබී, ගොඩගැසු ස්ථානයේ වත්මන් බණ්ධනාගාර බෝධින් වහන්සේ පිහිටුවා ඇත. සිරිවිකුම් රජගේ අවසාන සමයේ රජු සහ දේවේන්ඳ්ර මූලාචාරියා ලවා ඉදිකරන ලද, එදවස ටිගොල් කුඹුර හා අලකොල ගොල්ලකුඹුර ගොඩකර සාදන ලද කිරිමුහුද නොහොත් වත්මන් නුවර වැව හා බෝගම්බර වැව යනු වැව් දෙකකි.
එකල කන්ද උඩරට රජු විසින් රජයට විරැද්ධව කෝලහල කළ උදවිය ඝාතනය කරන ලද්දේ වරථමාන මධ්‍යම වෙළෙඳපොලට ඉදිරියෙන් ඇති Hangmans Hills නම් ස්ථානයේය. එදවස පුද්ගලයන් එල්ලා මරන ලදී. නමුත් උඩරට සිංහළ රාජ්‍ය අහෝසිවීමත් සමඟ ලංකාවේ දණ්ඩනීතිය ඉංගිරිසි ආරයට සැකසුනි.
1876 වසරේ මහනුවර බෝගම්බර බන්ධනාගාරය ඉදි වූ පසු එහි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කර ඇත. ලංකාවේ පළමුවරට, එකවර තිදෙනෙකු එල්ලා මරා දැමිය හැකි ආකාරයේ එල්ලුම්ගසක් නිර්මාණය කර ඇත්තේ ද බෝගම්බර බන්ධනාගාරයේ පමණි. බන්ධනාගාර ගොඩනැගිල්ලේ පහත මාලයේ එල්ලුම්ගස පිහිටා තිබේ. බන්ධනාගාරයේ “ඩී” වාට්ටුව වෙන්වී තිබෙන්නේ මරණීය දණ්ඩනය නියම වූ රැඳවියන්ට හා මරණීය දණ්ඩනය ඇපිල් කළ රැඳවියන්ටය. බන්ධනාගාරයේ බිම් මහල, ජීවිතාපේක්ෂාවන් දුරස් කළ මරණීය දණ්ඩනයට නියම වූ හා මරණීය දණ්ඩනයට අභියාචනා ඉදිරිපත් කළ රැඳවියන් වෙනුවෙනි.





මරණ දඬුවමට ආසන්න දිනයන්හිදී දඬුවම නියම වූ තැනැත්තා දිනෙන් දින කාමර හතක් හරහා විත් පෝකරය අසල මැදිරියට එයි. එහිදී තමන් කැමැති ඕනෑම ආහාරයක් අනුභව කිරීමටත් නිවැසියන් බැහැ දැකීමටත් හැකි වුවද දඬුවම් ලැබූ කිසිවෙක් එහිදී ආහාරගත් බවක් හෝ නිවැසියන් සමග දොඩමළු වූ බවක් සඳහන්ව නැත.මහමෙරක් උසට ජීවිතාපේක්ෂාවන් පොදි බැඳ ජීවිතයේ එක්තරා නිමේෂයකදී ඒ සියල්ලටම සමුදීමට සිදුව මරණය එනතුරු බලා සිටින මිනිසුන් අඩි 10×10 කුඩා අඳුරු කුටියක සිර කළ කල්හි ඔවුන්ට කුමක් දැනුනු හැඟීම හා ජීවිතයේ බරැතිම වේදනාවෙන් මඩිනු ලැබූ ඔවුන්ට ලොවට කීමට යමක් තිබේද?
එල්ලා මරනු ලබන සිරකරුවකුගේ ගෙලට තොණ්ඩුව වැටෙන්නේ එම සිරකරු දළදා මාලිගයට මුහුණලා සිට ගත් විටය. එල්ලුම්ගස ආසන්නයේම බිත්තියෙහි ඇඳි බුදු රුවකි. බුදුරජාණන් වහන්සේගේ දියත පතළ මහා කරුණාවත්, බිඳකුදු අඩු නොවන සේ පින්සලෙන් මැවූ අපූරු සිත්තරා ද රැඳවියෙකි. ඔහු මරණීය දණ්ඩනයට නියමව එයට අභියාචනාවක් ඉදිරිපත් කළ රැඳවියෙකි. සමාධි බුදුගුණ සිත් නිවී පහන් වන ලෙසින් බිතු සිතුවමක් බවට පත් කිරීමට සමත් සිත්තරාගේ සන්සුන් මනස හා සසඳන විට බෝගම්බර ඒමට තරම් වරදක් කිරීමට ඔහු පෙළඹීම පුදදුම සහගතය. කුලියාපිටියේ සිට මරණ දණ්ඩනයට ලක්ව බෝගම්බර කල්දේරම් බතෙහි රස බැලීමට පැමිණි එම සිත්තරායේ අංකය ම.ද.නි.ඇ. 7233 ය. බුදු සිතුවම ඇඳි දිනය ලෙස සටහන්ව තිබෙන්නේ 2008-7ලෙසිනි.
1876 වසරේ සිට 1975 වර්ෂය දක්වා මෙම එල්ලුම්ගසේ වැරදිකරුවන් 524 දෙනෙකු එල්ලා මරා දමා ඇති අතර අවසානවරට එල්ලා මරා ඇත්තේ එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ ගම තුල සිදුවූ මිනීමැරුමේ වරදකරුවන් දෙදෙනා වූ ඩබ්ලිව්. ඩී. රිචඩ් හා ටී. එම්. ජයවර්ධන යන වරදකරුවන්ය. මෙහිදී ප්‍රසිද්ධ මං පහරන්නන් වූඋතුවන්කන්දේ දීකිරිකෑවගේ සරදියැල් හා මංමලේ මරික්කාර්යන අයද එල්ලා මරා ඇත.
එසේම සිරිපාල නොහොත් මරු සිරා මරණ දණ්ඩනයට ලක්වූයේද මෙහිදීය. නමුත් 1976 න් පසුව කිසිවෙකු එල්ලා මරා නැත.
මෙහි සිරගතවූ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර ආචාරය කොල්වින් ආර. ද සිල්වා, පිලිප් ගුණවරධන, විලියම් සිල්වා වැනි අයද සිටිති.
වරථමානය වන විට මහනුවර නගරය සංවරධනය හා ජනාකීරණ වීම මත එනම් 2014 වසරේ මාරතු මස 18 සිට 29 දක්වාමහජන ප්‍රදර්ශනයෙන් අනතුරුව බන්ධනාගාරය පල්ලේ කැලේ මහවැළි නදිය අසලට රැගෙන ගොස් ඇත .අද එය බෝගම්බර නොව ඳුම්ඹර බන්ධනාගාරයයි.එදා යුක්තිය පසඳලූ බෝගම්බර දඟගෙය වරතමානයේ පාලූ ස්වභාවයක් ගනී. අතීතයේ දිනක එක සිරකරුවෙකු තම මැදිරියේ ලියා තිබුනේ ,,,අපේ අම්මා මං ගැන දන්නවා,,, සටහන නුගලියැද්දේ බුවනෙක බණ්ඩාර දුග්ගන්නාරාළ වම්හ෴..2018.09.17…….ලෙසිනි.
අතීත බෝගම්බර සිපිරිගෙය වරථමානයේ සංස්කෘතික උද්‍යානයක් ලෙසට පරිවරථනය කර ඇත.
Pathiru / පතිරූ


