අන්තර්ජාලය සහ උසස් අධ්‍යාපනය යනු එකිනෙක බද්ධ වු අංශ දෙකක් ලෙස හැදින්විය හැකිය. නවමු ලෝකයකට අවතීර්ණ වී ඇති වත්මන් සමාජය තුළ අන්තර්ජාලයෙන් වියුක්ත වූ උසස් අධ්‍යාපනයක් නොමැති තරම්ය. එනිසා ම උක්ත මාතෘකාව පිළබඳව විමර්ශනය කිරීම තත්කාලීන වශයෙන් ඵලදායි වේ. වර්තමාන සමාජයෙහි අන්තර්ජාලය නැතිව උසස් අධ්‍යාපනයේ වැඩි වටිනාකමක් ඇතිකිරීම අසීරුය. යම් පුද්ගලයකු ලබන උසස් අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන ලැබීමට අන්තර්ජාලය හේතු වේ යැයි පැවසුවහොත් එය නිවැරදිය.ගෝලීයකරණයට අත්වැලක් සැපයෙන අන්තර්ජාලය උසස් අධ්‍යාපනය වෙනුවෙන්ද ඒ හා සමාන මෙහෙයක් ඉටු කරන්නේය. නූතන අධ්‍යාපන ක්‍රමය තුළ අන්තර්ජාලය නිරන්තරයෙන් සක්‍රීයව කටයුතු කරන මාධ්‍යයක් බවටද පත් වී ඇත.
මෙහිදී අන්තර්ජාලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි. අන්තර්ජාලය පිටුපසින් තාක්ෂණය විශාල ප්‍රමාණයක් ඇත. මේ සඳහා පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා තොරතුරු විශාල ප්‍රමාණයක් පමණි. අන්තර්ජාල ප්‍රවේශය මඟින් ඕනෑම පරිගණකයක් ඔස්සේ එම තොරතුරු අසන්නට හෝ කියවන්නට පුළුවන. මෙය ලොව විශාලතම පුස්තකාලය ලෙසද හඳුන්වනු ලැබේ. නමුත් සාමාන්‍ය පුස්තකාලයක පොත් මෙන් නොව වෙබ් අඩවි තුළ ශබ්ද, රූප වීඩියෝ සහ වෙළඳසැල් තිබියහැකිය. 1980 දී පෞද්ගලිකව ක්‍රියාත්මක වන අන්තර්ජාල සේවා සපයන්නන් වාණිජකරණයට ලක්වීම හා හඳුන්වාදීම, 1990දී ජනපි‍්‍රය භාවිතය තෙක් පුළුල් වීම නිසා අන්තර්ජාල සංස්කෘතිය වානිජය මත දැඩි බලපෑමක් කළේය. මේ අනුව අන්තර්ජාලය යනු තොරතුරු ලබා ගත හැකි දැනුම පුළුල්කර ගත හැකි කේන්ද්‍රස්ථානයකි.
මුළුමහත් විශ්වයම දැනුම නැමැති පිපාසයෙන් පෙළෙන්නේය. මෙය හේතු සාධකය ලෙස ගෙන බොහෝ රටවල් තුළ මූලික අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසුව විශ්වවිද්‍යාලයකින් හෝ උසස් අධ්‍යාපන ආයතනයකින් ලබන අධ්‍යාපනය සාමාන්‍ය වශයෙන් උසස් අධ්‍යාපනය ලෙස හැඳින්වේ. උසස් අධ්‍යාපනය යනු රටක පරිපාලන මය හා තීරණ ගැනීමේ හැකියාවෙන් යුතු මානව සම්පත නිර්මාණය කිරීමේ තිඹිරිගෙය වැනිය. ඒ අනුව එවැනි පදනමක හා අරමුණක් සහිත උසස් අධ්‍යාපනික ක්‍රියාවලියක මූලික ලක්ෂණ කීපයක් ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇත. දැනගැනීම පිණිස ඉගැන්වීම, දිවි පැවැත්ම සරිකර ගනීම පිණිස ඉගැන්වීම, ජීවත්වීම ජීවත් කරවීම පිණිස ඉගන ගැනීම යන කාරණා උසස් අධ්‍යාපනයකින් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවේ සෑම උසස් අධ්‍යාපන ආයතනයක් මඟින්ම පුද්ගලයෙකුට එම ආයතන ක්‍රමවේදය අනුව අධ්‍යාපනය ලැබිය හැක. රැකියා වෙළඳ පොළේ ඉහළ ඉල්ලූමක් ඇති වන අයුරින් ශාස්ත්‍රවේදී උපාධි සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විශේෂ උපාධි ලබා ගැනීමේ අවස්ථාව සැලසීමේ මේ සඳහා ප්‍රධාන පියවරකි. උසස් අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය කෙතරම් සමීපද යත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය ආයතනය තුළ බොහෝ කටයුතු සිදුකෙරෙන්නේ අන්තර්ජාලය භාවිතා කරමින්ය. එමෙන්ම මෙම ආයතන මඟින් ක්‍රයාත්මක වන වැඩසටහන් විශාල ප්‍රමාණයක් හඳුනාගත හැකිය. දැනට නොඞ්ස් ආයතනත මඟින් රට පුරා පිහිටුවා ඇති ශාඛා 26 ක් ඔස්සේ උසස් අධ්‍යාපන ආයතන තුළින් කෙරෙන දේශනයන් නැරඹීමේ හැකියාව ඇත. ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොළඹින් පිට ශාඛාවල නෝඞ්ස් ශාඛා පිහිටා තිබේ. මේ සෑම මධ්‍යස්ථානයක්ම වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවකින් සම්බන්ධ කර ඇත. කොළඹින් පිට පැවැත්වෙන දේශනයක් පවත්වනවිට අන්තර්ජාලය ඔස්සේ වීඞීයෝ කන්ෆරන්ස් හරහා එම දේශනය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන සිටින සිසුන්ට නැරඹිය හැකිය. දැනට උසස් අධ්‍යාපන ආයතන දාහතරක් නෝඞ්ස් ආයතනය හරහා සිය පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ විශේෂඥ උපාධි පාඨමාලා, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, පරිසර විද්‍යාව, හා ආපදා කළමණාකරණය පිළිබඳ පාඨමාලා අන්තර්ජාල පහසුකම් මගින් ඉගෙනීම සඳහා දැඩි ඉල්ලුමක් ඇත. මොරටුව, පේරාදෙණිය, යාපනය, විවෘත විශ්වවිද්‍යාලය වැනි ආයතන මේ සඳහා මූලික වේ.
අන්තර්ජාලයට සම්බන්ද වී මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව හිමිවීමෙන් කාලය වැය නොකර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලැබේ. එමෙන්ම අඩු වියදමකින් තමන්ට අවශ්‍යය පාඨමාලාව හැදෑරීමට හැකිවීමත් නිසා මෙය සිසුන් අතර ඉතා ජනප්රියවී ඇත. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍යයා කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනය ක්‍රමවේදයන් ලෝකයේ ජනප්‍රියවීමත් සමින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන පාඨමාලාවලට වැඩි ඉල්ලූමක් ලැබෙමින් තිබෙන්නේය.
ශ්‍රී ලංකාවේ ද බොහෝ රටවල මෙන් උසස් අධ්‍යාපන පිරිවැය අඩු කර ගැනීම සඳහා බොහෝ අවස්ථාවන් සඳහා අන්තර්ජාලය භාවිතා කෙරේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන බොහෝවිට අන්තර්ජාල පහසුකම් මගින් දේශන, විඩියෝ සම්මන්ත්රණ, සහ ඊ-ඉගෙනුම් (e-learning) ක්‍රම භාවිතා කරති.
කෙසේ වෙතත් ලෝකය පුරා උසස් අධ්‍යාපනය අන්තර්ජාලය සමඟ බැදී ඇත්තේය. අනාගතයේ, උසස් අධ්‍යාපනය තවත් අන්තර්ජාල මූලධර්මයකට සම්බන්ධ වනු ඇතැයි පෙනේ. නව තාක්ෂණය මගින්, ගුරුවරයෙකුට වඩා අන්තර්ජාලය ගුරුවරයෙකු ලෙස කටයුතු කරන අධ්‍යාපන ක්‍රම දියුණුවේ නව මට්ටමකට ළඟා වන බවක් දැකිය හැකිය.