නගර, නවීකරණය සඳහා වැදගත් වාහකයක් මෙන්ම ජන ජීවිතයේ යහපැවැත්ම සඳහා තීරණාත්මක අවකාශයක් සදහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය උසස් ගුණයෙන් සපිරි නාගරික සංවර්ධනය ඉදිරියට ගෙන යාම පිළිබඳව මාර් ගෝපදේශ නිකුත් කර තිබේ.
වසර 2030 වන විට, නවීන මහජන නගර සංවර්ධනය මනා ප්‍රගතියක් ලබා ගැනීම, උසස් ගුණයෙන් යුත් නාගරික සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති ක්‍රමය අඛණ්ඩව යහපත් වනු ඇතැයි නව මාර්ගොපදේශයේ සඳහන් වේ.
ජනතා හිතකාමී තත්ත්වය මනාව වැඩිදියුණු වනු පිණීස පැරණි බවේ සිට නව වේගවත් පරිවර්තනයක් ඇති කර හරිත ප්‍රතිසංස්කරණය පුළුල් වී ආරක්ෂිත පදනම ස්ථිරව ශක්තිමත් කිරිම එහි සඳහන්ය. ඒ තුළින් සංස්කෘතික චමත්කාරය පෙන්නුම් කරමින් පරිපාලන ධාරිතාව ද කැපී පෙනෙන සේ දියුණු වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. 2035 වසර වන විට, චීනය නූතන මහජන නගර මූලික වශයෙන් සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇත.

උපුටා ගැනීම : විජය.
