in

දෙපතුලේ සෞඛ්‍ය තත්වය රැකගන්නේ මෙහෙමයි

ඔබගේ දෙපතුල හොඳින් පිරිසිදු කරන්න. උණුසුම් ජලයට මෘදු සබන් දියරයක් යොදා දිනපතා ඔබගේ පාද සෝදා ගන්න. දෙපය තෙත් කර වැඩි වේලාවක් තබන්න එපා. එය දිලීර අසාදන වලට හේතු වෙනවා. මේ නිසා දෙපා සෝදා ගැනීමෙන් පසුව හොඳින් වියළා ගන්න. ඇඟිලි අතර රැඳී ඇති ජලය හොඳින් පිරිස පිසදාගන්න.

ඔබගේ දෙපා දිනපතා පරීක්ෂා කරන්න. යටි පතුලේ කැපුම් සහ තැලුම් තුවාල තිබේදැයි පරීක්ෂා කරන්න. තුවාල හෝ ආසාදන වල සලකුණක් තිබේදැයි නිතර නිරීක්ෂණය කරන්න. දෙපයේ ඇති වන ගැටලු කල්තියා හඳුනා ගැනීමෙන් බරපතළ සංකූලතා ඇතිවීම වළක්වා ගත හැකි වනු ඇත.

නියපොතු කැපීම සඳහා විෂබීජහරණය කළ කතුරක් හෝ නියපොතු කපනයක් භාවිතා කරන්න. නියපොතු පමණට වඩා දිගු කිරීම හෝ පමණට වඩා කොට කිරීම සුදුසු නැත. ඒවා ආසාදන ඇති වීමේ හැකියාව වර්ධනය කරවයි.

දෙපයට ගැලපෙන නිවැරදි ප්‍රමාණයේ සපත්තු පළඳින්න. පමණට වඩා පටු සපත්තු පැළඳීමද, බුරුල් සපත්තු පැළඳීම ද සුදුසු නැත. පටු සපත්තු පැළඳීමෙන් දෙපය තදින් හිරවන අතර දෙපයේ සමට හුස්ම ගැනීමේ හැකියාවද අහිමි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපය දිලීර ආසාදන වලට ගොදුරු වනු ඇත.

පාවහන් දිනපතා වියලා ගන්න. එයින් පාවන්වල තෙතමනය එක් රැස්වීම වැලකේ. තෙතමනය එක් රැස් වූ පාවහන් පැළඳීමෙන් දෙපයේ ඇතිවිය හැකි දිලීර ආසාදන අවදානම මින් අඩු කරගත හැකිය.

 ඔබගේ යටි පතුල් ආරක්ෂා කර ගැනීමට කළ යුතු තවත් දෙයක් වන්නේ ඔබගේ බර පාලනය කර ගැනීමයි. අධි බර ඔබගේ දෙපාවලට අමතර අතතියක් ඇති කර දෙපාවල ගැටලු ඇති කරනු ලැබේ. නිතිපතා ව්‍යායාම කර, සමබර ආහාර වේලක් ලබා ගැනීම මගින් නියමිත බර පවත්වාගන්න.

ඔබේ දෙපා සඳහා ව්‍යායාම සිදු කරන්න. එමගින් දෙපයේ ශක්තිය සහ නම්‍යශීලී බව වැඩිදියුණු කරගත හැකි වනු ඇත. දෙපයේ ඇඟිලි දිගු කිරීම, වළලුකර ප්‍රදේශවලට සරල ව්‍යායාමයක් ලබා දීම ආදියෙන් ඔබගේ පාද නිරෝගීව තබා ගන්න.

වාඩි වී සිටින විට ඔබගේ දෙපය බංකුවක් උඩින් තබා ගන්න. එයින් දෙපය ඉදිමීම වැලකීම, රුධිර සංසරණය වැඩිදියුණු වීම වැනි වාසි ඔබට හිමිවනු ඇත. ඔබ දවසෙන් වැඩි වේලාවක් වාඩි වී හෝ සිටගෙන සිටින්නේ නම් ඉහත උපක්‍රමය අනුගමනය කරන්න.

 ඔබගේ පාදවල යම් වේදනාවක් දැනෙන්නේ නම් එය නොසලකා හැරීමෙන් වළකින්න. අනාගතයේදී ඇතිවිය හැකි බරපතල සංකූලතා වළක්වා ගැනීම සඳහා ඉක්මන් විසඳුමක් ලබාගන්න. හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු වී දෙපයේ තත්ත්වය ගැන දැනුම් දෙන්න.

 පොදු පිහිනුම් තටාක භාවිතා කිරීමේදී දෙපයට දිලීර ආසාදන ඇති විය හැකි බව අමතක කරන්න එපා. අන් අයගේ සපත්තු භාවිතා කිරීමෙන් වළකින්න.

 ඔබගේ පාද සම්බාහනය කරගන්න. එයින් දෙපයේ රුධිර සංසරණය වැඩි දියුණු වී දෙපයේ ආතතිය අඩු වනු ඇත. පාද මෘදු ලෙස සම්බාහනය කරමින් දෙපතුලේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්න.

 හොඳින් ජලය පානය කරන්න. එයින් ඔබගේ දෙපයේ තෙතමනය ආරක්‍ෂා වනු ඇත. දෙපයේ සමේ පටකවල සජලන මට්ටම පවත්වාගත හැකි වනු ඇත.

 දුම්පානය අඩු කරන්න. එය රුධිර සංසරණයට ඍජුවම බලපාන අතර පාදවල ගැටලු ඇති වීමේ අවධානම වැඩි කරන සාධකයකි. දුම්පානය නතර කිරීමෙන් දෙපතුලේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගත හැකිය.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

දෙනෙතට සුව ගෙනෙන අයි ක්‍රීම්

පැහැබර සමක් හිමි කරන අගනා සත්කාර 5ක්