in

පැහැබර සමක් හිමි කරන අගනා සත්කාර 5ක්

සීනි සත්කාරය 

දෙහි යුශ මේශ හැඳි දෙකක් පමණ ලබා ගන්න. එයට සීනි හැඳි තුනක් පමණ එකතු කරන්න. දෙහි යුශ සහ සීනි හොඳින් මිශ්‍ර කර ඉතාම සම මත අලේපකර හොඳින් සම අතුල්ලන්න. මැරුණ සම ඉවත් වී යාමෙන් ශරීරය පැහැපත් වේවි.

අයිස් සත්කාරය 

රාත්‍රී නින්දට පෙර මුහුණ සෝදා පිරිසිදු කර ගන්න. අයිස් දැමූ බෑග් එකක් ගෙන, මුහුණ හා ගෙල හොදින් සම්බාහනය කරන්න. මෙය මිනිත්තු 5ක් පමණ සිදු කරන්න. මෙයින් ඔබගේ මුහුණට ප්‍රාණවත් මෙන්ම සිනිදු බවක් ලැබේවි.

යෝගට් සත්කාරය 

යෝගට්  සමට ගොඩක් හොඳයි. එහි ඇති හිතකර බැක්ටීරියා සම පැහැපත් කරවනවා.  එහි ඇති alpha-hydroxy අම්ලය සමේ මැරුණ සම මෘදු ලෙස ඉවත් කරනවා. යෝගට් ඔබේ මුහුණේ අලේප කර විනාඩි 20 කින් මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

එඬරු තෙල් සත්කාරය

සමේ සුන්දරත්වය වර්ධනය කරගැනීම සඳහා එඬරු තෙල් සමේ ආලේප කරන්නත් පුළුවන්. වෙනත් තෙල් වර්ග වගේ එඬරු තෙල් සමේ සිදුරු අවහිර කරන්නේ නැහැ. ඒ වගේම එඬරු තෙල් සමට හොඳින් උරා ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට සම ගැඹුරටම පෝෂණය ලබා දෙන්න මෙම සත්කාරය සමත් වෙනවා. වියපත්  හෝ ඉරිතැලුණු සම නැවත යථා තත්ත්වයට පත්කර, මෘදු පෙනුමක් ලබා දෙන්නට එඬරු තෙල් උපකාරී වෙනවා. මීට අමතරව සමෙහි ඇදෙන සුළු බව වැඩි කරන්නත්, සමේ ඇති ඇදීම් සලකුණු මකා දමන්නත් එඬරු තෙල් සමත් වෙනවා. සමේ වියලි පෙනුම නැති කර දමා, ලප කැලැල් ඉවත් කරන්නට එඬරු තෙල් සමත් වෙනවා. සැර හිරු එළියට නිරාවරණය වීම නිසා සමෙහි ඇති වූ ලප කැලල්, පිග්මෙන්ටේශන් ආදිය ඉවත්කර දමන්නත් එඬරු තෙල් උපකාරී වෙනවා. 

තේ කොළ සත්කාරය

සමේ වියලි පෙනුම නැති කර ගන්න තේ කොළ ඔබට උදව් වෙනවා. ඉවත් කරන තේ කොළ නැවත උණු වතුරේ ගිල්වා තේ කහට සෑදෙන තුරු සිටින්න. ඉන් පසුව ඔබ මුහුණ සෝදන ජල බඳුනට තේ කොළ සහ සෑදුන තේ කහට හොඳින් මුසු කරන්න. එයින් ඔබේ මුහුණ සෝදා ගන්න. මේ ක්‍රමයෙන් ඔබේ සමේ ඇති වියලි පෙනුම නැති කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබට පුළුවන් තේ කොළ මිශ්‍රිත ජලයෙන් ඇඟ සෝදා ගන්නත්. ඔබේ තරුණ පෙනුම රැක දෙන්න මේ සත්කාරය උදව් වෙනවා.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

දෙපතුලේ සෞඛ්‍ය තත්වය රැකගන්නේ මෙහෙමයි

කනේ සෞඛ්‍යය රැක ගන්න උපදෙස්