in

විභාගයක් ආසන්න විට මානසික සුවතාවය පවත්වා ගන්නේ කෙසේද?

විභාගයක් යනු අනිවාර්ය වශයෙන් අප ඕනෑම අයෙකුට මානසික ආතතියක් ඇති කරන කාලයකි. ඒ කුමන තත්ත්වයක් යටතේ වුවත් මානසික සුවතාවය හොඳින් පවත්වා ගැනීම සහ නිරෝගී ජිවිතයක් පවත්වා ගැනීම විභාගයට හොඳින් මුහුණ දීමට ඉතා වැදගත් වේ. මෙම ලිපිය මගින් විස්තර කරන්නේ විභාගයක් ආසන්නයේ සන්සුන්ව සිටිමින් විභාගය වෙත ඔබේ අවධානය යොමු කර ආත්ම විශ්වාසයෙන් යුතුව එයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රායෝගික පියවර කිහිපයකි.

  • පාඩම් කිරීම සඳහා කාලසටහනක් සකස් කර ගන්න 

ක්‍රමානුකුලව සැලසුම් කල කාලසටහනක් මගින් ඔබට විභාගය සඳහා හොඳින් සංවිධානය විය හැකි අතර, තිබෙන කාල ප්‍රමාණය පිලිබඳ වටහාගෙන වඩාත් වැදගත් කොටස් පාඩම් කිරීමට එම කාලය යෙදවීම මගින් ඔබට අඩු කාලයකින් වැඩි ප්‍රතිපලයක් ඇත කර ගත හැකි වනවා පමණක් නොව අන්තිම මොහොතේ ඇති වන ආතතිය නැත්නම් Last Minute Stress අඩු කර ගත හැකිය. එසේම පවතින කාලය අනුව ඔබට විවේකයක් සඳහා යොදා ගත හැකි කාලයද මෙමගින් තීරණය කල හැකිය. 

  • ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න 

නින්ද විෂය කරුණු අපේ මොලය තුල ක්‍රමානුකුලව තැන්පත් වීමට අත්‍යවශ්‍ය වේ. විභාගය අවස්ථාවේ එම විෂය කරුණු ක්‍රමානුකුලව පිටතට ගත හැක්කේ එලෙස පිළිවෙලකට තැන්පත් වී ඇත්නම් පමණි. මෙහිදී දිනකට පය 7 – 8 ක් නින්දක් සුදුසු වන අතර විභාගයට පෙර දින හොඳ නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. රාත්‍රිය පුරා නිදි නොලබා වැඩ කලත් ඔබට ඒවා ධාරණය කර ගැනීමට ඇති හැකියාව ඉතා අඩුය.

  • ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ව්‍යායාම වල නිරත වන්න 

ඔබට විභාගය සම්බන්ධව කුතුහලයක් නැතිනම් භයක් ඇති වන විට ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ව්‍යායාමවල දීමෙන් සැහැල්ලු විය හැකිය. ඔබට බයක් දැනෙන විටකදී හෝ දිනපතා පුරුද්දක් වශයෙන් වුවද මෙම ව්‍යායාමවල දීම ඉතා ඵලදායි වනු ඇත.

  • සමබර ආහාරවේලක් අනුභව කරන්න 

පෝෂණයෙන් සපිරි ආහාරවේලක් අනුභව කිරීම ඉතා වැදගත් වේ. හොඳින් ජීරණය විය හැකි ආහාර භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. අධික ලෙස කැෆෙන් අඩංගු ආහාර සහ සිනි අධිකව අඩංගු වන ආහාර නුසුදුසු වේ.

  • කායිකව ක්‍රියාකාරී වන්න 

පාඩම් කිරීමේදී දවසෙම එකම තැන වාඩි වී ගත කිරීමෙන් වලකින්න. ව්‍යායාම මගින් එන්ඩොෆින් නම් රසායනිකයක් ශරීරයෙන් නිකුත් කරන අතර එය කායික හා මානසික වශයෙන් ඇති ආතතීන් සමනය කිරීමට වැදගත් වේ. විනාඩි 30 ක් පමණ ඇවිදීම, යෝග අභ්‍යාස සිදු කිරීම ආදිය සිදු කිරීමෙන් මෙම ප්‍රතිපල අත් කර ගත හැකි අතර එමගින් ඔබේ මනස විභාගයකට මුහුණ දීමට හැකි ආකාරයට සකස් කර ගත හැකිය.about:blank

  • විටින් විට විවේකයක් ගැනීම වැදගත් වේ

විවේකයක් නොමැතිව එක දිගට පාඩම් කිරීම ඔබව අධික වෙහෙසට පත් කල හැකිය. මෙලෙස පාඩම් කරන අතරතුර විවේක ලබා ගැනීමට ඔබට Pomodoro Technique එක අනුගමනය කල හැකිය. මෙයට අනුව විනාඩි 25ක් පාඩම් කර විනාඩි 5 ක් විවේකයක් ලබා ගත යුතුය. ඔබට  කිරීමට පහසුවෙන් App එකක් භාවිතා කල හැකිය. මෙම විවේක කාලය තුල වතුර බොන්න, මදක් හාන්සි වන්න, අතපය මදක් දිග හරින්න. නැවත නිරවුල් මනසකින් පාඩම් කිරීමට පටන් ගන්න.

  • පරිගණක හා ජංගම දුරකථන තිරවල යොදවන කාලය හැකිතාක් අඩු කරන්න 

පාඩම කරන කාලය තුල ජංගම දුරකථන තිර දෙස හා සමාජ මාධ්‍ය භාවිතය හැකිතාක් අඩු කරන්න. එවැන්නක් අවශ්‍යයි නම් එයට සුදුසු වෙලාවක් වෙන් කරන්න. දුරකථනය මගින් එයට පරිබාහිර වේලාවන්හිදී සිදු වන බාධා කිරීම් වලක්වා ගැනීමට Notification Off කිරීම, Sleep Mode දැමීම වැනි සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න.

  • ධනාත්මක මානසිකත්වයකින් යුක්තව ඔබටම කතා කරන්න

මට මෙය කරන්න බෑ වැනි සිතිවිලි හිතින් ඉවත් කරන්න. මම ලෑස්තියි, මට හැකි උපරිමය කරනවා යැයි තමාටම සිතා ගන්න. තමාටම කියා ගන්න. ඔබ විභාගය සමත් වූ පසු හැසිරෙන අයුරු සිතින් මවන්න. මෙමගින් ඔබේ අතම විශ්වාසය ඉහල නැංවීමටත් මානසික ආතතිය අවම කිරිමටත් හැකි වනු ඇත.

  • අවශ්‍ය නම් උදව් ලබා ගැනීමට නොපැකිලෙන්න 

ඔබට දරා ගැනීමට නොහැකි අවස්ථාවල යහළුවන්ට, පවුලට, ගුරුවරුන්ට කතා කරන්න. ඔබේ අදහස් අන් අය සමඟ බෙදා හදා ගැනීම ඔබේ මනස සැහැල්ලු කිරීමට උපකාරී වේ. එමෙන්ම යහපත් ඇසුර මගින් ඔබට වටිනා උපදෙස් සහ දිරි ගැන්වීම් ලබා ගත හැකිය.

  • මනස සැහැල්ලු කරන ව්‍යායාමවල යෙදෙන්න 

මනස සැහැල්ලු කිරිමට හැකි භාවනාව, ගීත වලට සවන් දීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙන්න. මෙහිදී ඇබ්බැහි වන සුළු දේවල් වලින් වැළකීමට වග බලා ගන්න. Headspace හෝ Calm වැනි App මේ සඳහා ඔබට උපකාරී වනු ඇත.

මානසික සුවතාවය විභාගයක් ආසන්නයේදී වැදගත් වන්නේ ඇයි?

සන්සුන් සහ නිරවුල් මනසක් මතකය රඳවා තබා ගැනීමටත්, ගැටළු විසඳීමටත්, ඔබේ සමස්ථ ක්‍රියාකාරිත්වය ඉහල දැමීමටත් වැදගත් වේ. මෙමගින් ඔබට විභාගයට හොඳින් මුහුණ දීමට හැකි වනවා පමණක් නොව දිගු කාලින මානසික ගැටළු ඇති වීම වලක්වා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. 

මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වනු ඇති අතර නිරවුල් මනසක් ලබා ගැනීමටද හැකියාව ලැබෙයි. ඔබේ සෞඛ්‍යයත් විභාගය තරමටම වැදගත් බව හොඳින් මතක තබා ගන්න. 

උපුටා ගැනීම: betterlife

What do you think?

Written by Mic

ඔබේ සම වියලිද? එයට හේතු හඳුනා ගමු 

මාංශ පේශි වර්ධනය සඳහා පෝෂණ මූලධර්ම