හුස්ම හිර වෙන ගතිය
හුස්ම හිර වීම සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණයක් කියලා බහුතරයක් දෙනා රැවටෙනවා. මේ වෙනුවෙන් වේදනානාශක, ප්‍රතිජීවක ලබා ගන්නවා. මෙයින් සිදු වන්නේ රෝගය යටපත් වීමයි. හුස්ම හිර වෙන ගතිය ඇති වන්නේ නිව්මෝනියාව, බ්‍රොන්කයිටිස් වැනි තත්වයක් නිසා වෙන්න පුළුවන්. මේ නිසා නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණයකට යොමු වීම වැදගත්ය.
ඉක්මණින් වෙහෙස දැනීම
පඩිපෙළ නගිද්දී මහන්සි නිසා විදුලි සෝපානය භාවිතා කරන්න පටන් ගත්තාද? පොඩි දුරක් දිව්වත්, ඇවිද්දත් මහන්සි දැනෙනවාද? මේ පෙනහළු වල තියෙන ගැටලුවක ප්‍රතිඵලයක් වෙන්න ඉඩ තියෙනවා. ඔබට සෙම්ප්‍රතිශ්‍යාව රහිත නිදන්ගත කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වී තිබෙනවා නම් එයට හේතුව ඇදුම හෝ එයට සමාන වෙනත් රෝගයක් විය හැකිය.
ගැඹුරු හුස්ම ගැනීමේ අපහසුතාවය
ගැඹුරු ලෙස හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඔබට දැනෙනවා නම් එයට හේතුව පෙනහළු වල ඇති ආසාදනයක් විය හැකිය.
කැස්ස සමඟ රුධිරය පිට වීම
කැස්ස ඇති වීමේදී දීප්තිමත් රතු හෝ දුඹුරු පැහැයෙන් රුධිරය පිට වන්නේ නම් එය නොසලකා හැරීම භයානකය. මෙම රෝග ලක්ෂණය පෙනහළු පිළිකාවක සලකුණක් විය හැකියි. නැති නම් උදරීය මාංශ පේශි වල ඇති ගැටළුවක් විය හැකියි.
කටහඬ වෙනස් වීම
සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු විට කටහඬ ගොරෝසු වීම සාමාන්‍ය දෙයක්. හැබැයි හඳුනා ගත් හේතුවක් නොමැතිව දිගු කාලයක් තිස්සේ කටහඬ වෙනස්ව පවතිනවා නම් එය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් විය හැකියි. පෙණහලුවල එතරම් වාතය රඳවා ගත නොහැකි පුද්ගලයන් තුල මෙම ගැටලුව දැක ගත හැකිය. කටහඬේ වෙනස්කම් වලට අමතරව වචන පිටකිරීමේ ගැටළු දැක ගන්නත් පුළුවන්.
උරහිස් වේදනාව
උරහිස් වේදනාව ඇති වන්නේ මාංශ පේශි වල ගැටලුව නිසා පමණක් නෙවෙයි. හැබැයි ඔබගේ මාංශ පේශී වලට හානි සිදු වන කිසිවක් සිදු වූයේ නැති නම් එය පෙනහළු වල ගැටළුවක් විය හැකියි. ඔබ දුම් පානය කරන්නෙකු නම්, ඔබගේ උරහිස් වල ඇති වන වේදනාව ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එය පෙනහළු පිලිකාවක රෝග ලක්ෂණයක් වීමට ඉඩ ඇත.
නියපොතු නිල් පැහැයට හැරීම
ඔබේ පටක වලට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නොලැබෙන විට ශරීරයේ ඇතැම් කොටස්වල වර්ණ වෙනස්වීම් ඇති විය හැකියි. තොල්, ඇඟිලි නිය ආදිය නිල්, අළු හෝ තද දම් පැහැයට හැරෙන්න පුළුවන්. වර්ණය වෙනස් වීම ඉතා සියුම් ලෙස ආරම්භ වන නිසා මුලදී ඔබගේ අවධානයට හසු නොවෙන්නත් ඉඩ තියෙනවා.
උපුටා ගැනීම : wellnessexpert


