in

වයසට යාම මන්දගාමී කරන්න කොකෝවාවලට පුළුවන් කියලා දැනගෙන හිටියාද..?

ඝර්ම කලාපීය දේශගුණයක වැවෙන කොකෝවා ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව ඔබ දැන සිටියාද..? 

කොකෝවා සාරය ශරීරයේ වයසට යාම මන්දගාමී කරන බව ඔබ දැන සිටියාද..? මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්. කොකෝවා සාරය නිසා වයසට යාම මන්දගාමී කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. විශේෂයෙන් වැඩිහිටියන් සඳහා ඇති අවදානම අඩු කිරීමට කොකෝවා සාරය උපකාරී වන බව හෙළිව තිබෙනවා.

අමෙරිකාවේ බොස්ටන්වල මාස් ජෙනරල් බ්‍රිග්හැම් හී විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 02ක් පුරා දිනකට කොකෝවා සාරය මිලිග්‍රෑම් 500ක් පමණ ලබාගත් වයස අවුරුදු 70ක් පමණ වන වැඩිහිටියන් 600කට ආසන්න සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබෙනවා.

එහිදී හෙළිව තිබෙන්නේ එම වැඩිහිටියන්ගේ රුධිර සාම්පලවල වයසට යාම මන්දගාමි කරන සලකුණු දැකිය හැකි වූ බවයි.

කෙසේ වෙතත් කොකෝව සාරය යනු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ආදේශකයක් නොවන අතර විද්‍යාඥයින් මේ පිළිබඳව තව දුරටත් පර්‍යේෂණ සිදු කෙරිමින් පවතින බව පවසා තිබෙනවා.

උපුටා ගැනීම: gossip.Hirufm

What do you think?

Written by Mic

ඔබත් සමහරවිට ඉරුවාරදය නිසා පීඩාවට පත්වෙලා ඇති.. එහෙනම් ඔබට මේ ලිපිය ගොඩක් වැදගත් වේවි..

ගොඩක් අය ගස්ලබු කිරි මේ තරම් ගුණදායකයි කියලා ඇත්තටම දැනුවත් නැහැ.. මෙන්න මේ ගැටලුකාරී තත්ත්වවලට ඒක හොඳ විසඳුමක්..