සුරතල් සතුන්, පරාග සහ දූවිලි වැනි හේතූන් නිසා අසාත්මිකතා හදිසියේ ඇති විය හැකියි එවැනි අවස්ථාවකදී කලබල නොවී කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
ඔබ අවට ඇති පරිසරය පාලනය කරන්න
බොහෝවිට අසාත්මිකතා ඇති වන්නේ අවට පරිසරයේ ඇති ගැටලුවක් නිසයි. ඔබ පිටතට ගොස් පැමිණි විගස ඔබගේ මුහුණ සහ ඇඳුම් පිරිසිදු කර ගන්න. ඔබ පරාග වලට අසාත්මික වන බව දන්නවා නම් පරාග සමයේදී ජනෙල් දොරවල් වසා තබන්න. පිටතට ගොස් පැමිණි විගස ස්නානය කරන්න. පරාග ඇලී තිබුණහොත් ඒවා ඉක්මනින් ඉවත් කිරීම මගින් අසාත්මිකතා ඇති වීම වළක්වා ගත හැකිය. රෙදි සේදීමේදී ප්‍රවේශම් වන්න. රෙදි වල ඇති පරාග සිරුරේ තැවරීම වලක්වා ගන්න අත්වැසුම් භාවිතා කරන්න.
සුරතල් සතුන් හා හොඳින් පිරිසිදු කරන්න. ඔවුන්ට අවශ්‍ය ඖෂධ නිසි කාලයේදී ලබා දෙන්න. ඔවුන්ගේ සිරුරේ ජිවත් වන පරපෝෂිතයන් ඉවත් කරන්න. එමගින් සුරතල් සතුන් හරහා ඇති වන අසාත්මිකතාවයන් වළක්වා ගත හැකිය.
ඇඳ ඇතිරිලි සහ තිරරෙදි නිතර සෝදා පිරිසිදු කරන්න. එමගින් දූවිලි නිසා ඇති වන අසාත්මිකතා වළක්වා ගත හැකිය. සුලං සහිත දිනවලදී පිටතට යාම අඩු කරන්.න අධික සුළං ඇති කාලවලදී පරාග, දූවිලි ආදිය පහසුවෙන්ම පරිසරය පුරා පැතිර යනවා. නමුත් වර්ෂාවෙන් පසු මෙම අවදානම අඩු වෙනවා. අසාත්මිකතාවයන් නවත්වා ගැනීමට කළ හැකි හොඳම දේ වන්නේ අසාත්මිකතා ඇති විය හැකි කාරණා ඉවත් කිරීමයි. දුවිලි සහ දූවිලි මයිටාවන් ඉවත් කර ගැනීම සඳහා නිවස තුළ වායු පවිත්‍ර කාරකයක් තබන්න. නිතර නිතර කාපට් ගසා පිරිසිදු කිරීම, ඒවා වැකියුම් කිරීම ආදී පියවර මඟින් අසාත්මිකතා ඇති වීම වළක්වා ගත හැකි වනු ඇත.
ශරීරයේ පාලනය කිරීම
මෙහිදී ඔබගේ ශරීරයට ඔබ පිටතින් ඇතුළු කර ගන්නා ආහාර පාන පිළිබඳව සැලකිලිමත් වීම අදහස් කෙරේ. ජලය පානය කිරීමේදී පිරිසිදු හෝ ඛණිජ ජලය පානය කරන්න. අපිරිසිදු ජලය පානය කිරීමෙන් වළකින්න. උණුකර නිවාගත් ජලය නිර්දේශ කළ හැකිය. සිරුර පිරිසිදු කිරීමට දායක වන ඖෂධීය තේ වර්ග පානය කරන්න. වතුර හොඳින් පානය කිරීමෙන් සිරුර සජලනය වන අතර අසාත්මිකතා ඇති වීමේ අවදානම අඩු වේ. ඔබ ලබා ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් වන්න. අසාත්මිකතා ඇති වීම පාලනය කිරීමට උපකාරී වන ආහාර පිළිබඳව දැනුවත් වන්න. ඔබගේ ආහාර වේලට ගෝවා, ගම්මිරිස්, බෙරි, ඇපල්, ලූනු ආදී ආහාර එකතු කර ගන්න.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ආහාර ලබා ගැනීම නිසා ඔබ අසාත්මිකතා වලට ගොදුරු වීමේ අවදානම වැඩි විය හැකිය. මේ නිසා තිරිඟු, කිරි වර්ග, සීනි අධික ආහාර ලබා ගැනීමෙන් වලකින්න. සැකසූ ආහාර, රසකාරක එකතු කළ ආහාර වලින් වැලකී සිටින තරමට අසාත්මිකතාවලට ගොදුරුවීම වළක්වා ගත හැකිය. ඔමේගා – 3 අඩංගු ආහාර පාන ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න විටමින් ඩී පිටතින් ලබා ගන්න. එමගින් අසාත්මිකතා ඇති වීම පාලනය වේ. මේ සඳහා විටමින් ඩී අඩංගු අතිරේක ලබා ගැනීම නිර්දේශ කළ හැකිය.


