in

සෞඛ්‍යාරක්ෂිතව පොදු වැසිකිලි භාවිතා කරන අයුරු

නිවසින් එලියට ගිය වෙලාවක පොදු වැසිකිලි භාවිතා කරන්න සිදු වීම සාමාන්‍ය දෙයක්. හැබැයි මෙම පොදු වැසිකිලි වල වැඩි විෂබීජ ප්‍රමාණයක් රැඳී සිටිනවා. මෙම අධික විෂබීජ ප්‍රමාණය ඔබගේ සෞඛ්‍යයට අවදානමක් ඇති කරවන්න සමත් වෙනවා. මේ නිසා පොදු වැසිකිලි භාවිතා කළ හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රම කිහිපයක් ගැන කතා කරන්න අපි තීරණය කළා.

අත් සේදීම 

වැසිකිලිය භාවිතා කිරීමට පෙර සහ පසු සබන් හා වතුරෙන් ඔබේ අත් හොඳින් සෝදා ගන්න.  අවම වශයෙන් තත්පර 20 ක්වත් අත් සේදීමට වග බලා ගත යුතුයි. අතේ  ඇඟිලි අතර සහ නියපොතු යට ඇතුළු සියලුම ප්‍රදේශ පිරිසිදු කිරීමට වග බලා ගන්න. දෑත් වියළීම සඳහා  ටිෂූ පේපර් හෝ අත් වියළන යයන්ත්‍රයක් භාවිතා කරන්න. 

සැනිටයිසර් භාවිතා කරන්න 

සෑම විටම ඔබේ අත්බෑගයේ තත්වයෙන් උසස්  විෂබීජ නාශක දියර කුප්පියක් තබා ගැනීමට අමතක කරන්න එපා.පොදු වැසිකිලි ආසන්නයේ  සනීපාරක්ශක දියර, සැනිටයිසර් ආදිය තියලා තියෙනවා. හැබැයි ඒවා 100% ක් විශ්වාස කරන්න අමාරුයි. ඔවුන් තබා ඇත්තේ පහසු මිලකට ලබාගත හැකි, ගුණත්වයෙන් අඩු සැනිටයිසර් විය හැකිය. 

කොමඩ් එකේ සීට් එකට වැසිකිළි ආසන ආවරණයක් භාවිතා කරන්න 

කොමඩ් සීට් එක වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇති ආවරණ කීපයක් මිලදී ගෙන ඔබේ බෑගයේ තබා ගන්න. බහුතරයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා කොමඩ් එකේ සීට් එක උඩ සාමාන්‍ය ‍ටිෂූ අතුරා ඒ මත වාඩි වෙන්න. ඔවුන් විශ්වාස කරන්නේ මේ උපක්‍රමය නිසා පොදු වැසිකිලි වල තිබෙන විෂබීජ සිරුරේ ස්පර්ශ වීම වැළකෙන බවයි. නමුත් එය සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි. ටිෂූ වලට වතුර පහසුවෙන්ම උරාගන්නවා. එය බැක්ටීරියා වර්ධනයට මග පාදනවා. කොමඩ් සීට් එක මත ඇති විෂබීජ ඉවත් කිරීමට ටිෂූ පේපර් එකට සැනිටයිසර් ස්වල්පයක් යොදා කොමඩ් සීට් එක පිස දා ගන්න. ඉන් පසුව ඒ මත වාඩි වෙන්න. ටිෂූ හෝ සැනිටයිසර් නොවන අවස්තාවක කොමඩ් සීට් එක මත සම ස්පර්ශ නොවන ලෙස වාඩි වීමට උත්සාහ කරන්න.

දුර පවත්වා ගන්න

පොදු වැසිකිලියක් භාවිතා කරද්දී අනිත් අයගෙන් දුරස් වී සිටින්න. එකිනෙකා අතර නියමිත දුරක් පවත්වා ගන්න. මුත්‍රා කිරීම සඳහා කුටි තෝරා ගැනීමේදී  වෙනත් පුද්ගලයෙකුට සෘජුවම යාබදව නොමැති කුටියක් තෝරා ගන්න. මෙය ආසාදන පැතිරීමේ අවදානම අඩු කරවනවා. 

වැසිකිලියේ ඇති මතුපිටවල් ස්පර්ශ කිරීමෙන් වළකින්න

දොර හැඬල, වතුර කරාම, සබන් රඳවන ආදිය ස්පර්ශ කිරීම අවම කරන්න. ඒවා ස්පර්ශ කරන විට ටිෂූ පේපර් එකක් භාවිතයෙන් සිදු කරන්න. වැසිකිලියේ දොර ස්පර්ශ කර ඉන් පිටතට පැමිණීමෙන් පසුව දෑත සැනිටයිසර් යොදා නැවත පිරිසිඳු කර ගන්න. 

අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන්න

අපද්‍රව්‍ය බැහැර කරන විට ඒ සඳහා ලබා දී ඇති බඳුන් භාවිතා කරන්න.

උපුටා ගැනීම : Wellnessexpert

What do you think?

Written by Mic

අසාත්මිකතා සඳහා ක්ෂණික විසඳුම්

ගල්තැලුම්