in

නිදාගන්න හොඳම ඉරියව්ව

නිදාගැනීමේදී උඩු අතට නිදා ගැනීමෙන් කොන්දේ වේදනාව ඇතිවීම කලින්ම වලක්වාගත හැකියි. නමුත් බොහෝ දෙනෙක්ට උඩු අතට නිදාගෙන පුරුදු නැහැ. නින්දෙන්ම එහාට මෙහාට හැරෙන්න, මුනින් අතට නිදා ගන්න ඔවුන් පෙලඹෙනවා. උඩු අතට නිදා ගැනීමේ ඉරියව්වට හුරු වන්නේ කෙසේද කියා අද අපි බලමු.

බරින් වැඩි බ්ලැන්කට්ටුවක් පොරවා ගන්න. තරමක බර බ්ලැන්කට්ටුවක් පොරවා ගැනීමෙන් එහා මෙහා හැරීම වැළැක්වෙන බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම සෙම් රෝගීන්ට නිදා ගැනීම සඳහා මේ ආකාරයේ බ්ලැන්කට් උපකාරී වන බව කියවෙනවා. එමෙන්ම කාංසාව, නින්ද නොයාමේ ගැටලුව ආදියෙන් පෙළෙන පුද්ගලයන්ට ද බර බ්ලැන්කට් භාවිතා කිරීම සුදුසු බව කියවෙනවා. සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ඔබේ සිරුරේ බරෙන් සියයට දහයක පමණ බරක් ඇති බ්ලැන්කට්ටුවක් පොරවා ගැනීම සුදුසු බවයි.

එහා මෙහා පෙරලීම වළක්වා ගැනීම සඳහා ඔබ වටා කොට්ට  අතුරන්න. ඔබගේ සිරුර වටා කොට්ට බිත්තියක් තැබීමෙන් ඔබ නින්දේදි පෙරලීමට පෙළඹෙන්නේ නැහැ. හිස දෙපස අත් කකුල් දෙපස අනිවාර්යෙන්ම උසැති කොට්ටා පෙළගස්වන්න.

ඔබ වටා කොට්ට ස්ථානගත කිරීම අපහසුයි නම් ඔබගේ හිස  තැබීමට තරමක් උස කොට්ටා දෙකක් භාවිතා කරන්න. ඔබගේ හිස කඳට වඩා උසින් පිහිටන විට ඔබ  නින්දෙන් එහා මෙහා හැරීම වැළකෙනවා.

බම්පර් බෙල්ට් එකක් භාවිතා කරන්න. ඒවා පිම්බෙන සුළු වන අතර පැළඳගෙන නිදාගැනීමෙන් එහා මෙහා හැරීම වළක්වා ගන්න පුළුවන්.

උඩු අතට නිදා ගැනීමෙන් ඔබගේ බෙල්ලේ සහ කොන්දේ ඇති පීඩනය සමනය වෙනවා. කොඳු ඇට පෙළේ ඇති ගැටළුකාරී තත්ත්වයන් වැඩිදුර වර්ධනය වීමේ අවදානම අඩු වෙනවා.

මුහුණේ සම රැලි වැටීමේ අවදානම මින් අඩු වෙනවා. මුනින් අතට වැටී නිදා ගැනීමේදී මුහුණ කොට්ටය මත තදින් ස්පර්ශ වෙනවා. මෙය නිදා ගැනීමට හොඳ ඉරියව්වක් නෙවෙයි. මුහුණ කොට්ටයට තදවීම නිසා මුහුණේ රැළි වැටීමේ වේගය වේගවත් වෙනවා. ඒ වගේම තමයි පැත්තට හැරී නිදා ගැනීමෙනුත් මුහුණේ එක් පැත්තක් විතරක් මෙම තත්ත්වයට භාජනය වෙනවා. කොට්ටය මත හිසෙහි ඇති හිස්සොරි තෙල් සහ අපද්‍රව්‍ය තැවරී තිබෙනවා. මුහුණේ සම නිතරම කොට්ටය මත ස්පර්ශ වීමෙන් මෙම අපද්‍රව්‍ය මුහුණේද තැවරෙන අතර කුරුලෑ සහ බිබිලි හට ගැනීම වේගවත් කරවනවා. මේ නිසා සෑම විටම උඩු අතට නිදා ගැනීම සිදු කරන්න.

උඩු අතට නිදා ගැනීමෙන් ආමාශයේ අම්ල ප්‍රවාහය නිසි ලෙස ක්‍රියාකරන අතර අම්ල පිත්ත හෝ අජීර්ණ රෝග ලක්ෂණ ඇති වීමේ අවදානම අඩු වෙනවා.

උඩු අතට නිදා ගැනීමෙන් සිරුරේ බර ඒකාකාරව බෙදී යනවා. වෙනත් ඉරියව් වලදී ඇති විය හැකි උරහිස් වේදනාව ආදිය වැළඳීමෙන් වැළකෙනවා. විකලාංග තත්වයන්ගෙන් හෝ තුවාල වලින් පීඩා විඳින පුද්ගලයන් සඳහා සුදුසු වන්නේත් උඩු අතට නිදා ගැනීමයි. උකුල් සහ දණහිස් වලට දැනෙන පීඩනයත් අවම වෙනවා. 

නින්දේදී ඇති වන අපහසුතා අවම කර ගන්න, ගොරවන ප්‍රමාණය අඩු කරවන්න මේ ඉරියව්ව උදව් වෙනවා. 

උඩු අතට නිදා ගැනීම මඟින් පියයුරු වල ස්වාභාවික හැඩය සහ පිහිටීම පවත්වා ගැනීමේ හැකියාව ලැබෙනවා. කාලයත් සමඟ එල්ලා වැටීමේ අවදානම අඩු වෙනවා.

උපුටා ගැනීම : Wellnessexpert

What do you think?

Written by Mic

ඩොලර් මිලියන 1.2 ක පඩි දෙන, කවුරුත් යන්න බය ප්‍රංශයේ “අත්භූත” ප්‍රදීපාගාරයේ ඇත්ත කතාව

නිදාගැනීමේ වැරදි පුරුදු