කොහොඹ
ප්‍රති-දිලීර හා ප්‍රතිබැක්ටීරීය ගුණ ඇති කොහොඹ හිසෙහි ඇති ඉස්සොරි ඇතුලු සියලු ආසාදන වලට ගුණ දේ. ඔබේ හිස්කබලෙහි තෙතමනය නියාමනය කර එහි සෞඛ්‍ය සම්පන්න බව ඉහල නංවයි.
හිස කෙස් සඳහා කොහොඹ සත්කාරයක් ලබා දිය යුත්තේ ස්නානයට පෙරයි. හිසකෙස් මත කොහොඹ යුෂ වත් කර අවම වශයෙන් විනාඩි 10 ක්වත් සිටිය යුතුය. ඒ අතර හිස්කබල මෘදු ලෙස සම්බාහනය කල යුතුය. සතියකට දෙවරක් මෙම සත්කාරය සිදු කිරීමෙන් හිස් කබලෙහි ඇති සියලු ආසාදන සහ ගැටළු දුරු වී හිස කෙස් ඝනව වැවෙනු ඇත.
ජෙලටීන් ආලේප කිරීම
ජෙලටින් වල ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් අඩංගුයි. ජෙලටින් ආලේප කිරීමෙන් හිස කෙස් වලට මනා පෝෂණයක් ලබා දිය හැකියි. ජෙලටින් ස්වල්පයක් ගෙන උණු වතුර දමා හොදින් දිය කර ගන්න. එයට පොල් තෙල් ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. නිවුණු පසුව හිසකෙස් වල ආලේප කරන්න. මිනිත්තු දහයකින් පමණ ස්නානය කර සෝදා හරින්න.
යෝගට් සහ බිත්තර
බිත්තර සහ යෝගට් වල හිසකෙස් වලට ගුණ දෙන පෝෂක ගණනාවක් අඩංගු වෙනවා. බිත්තරයක් සහ යෝගට් කෝප්ප භාගයක් ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. ඉන් පසුව එය හිසකෙස්වල සහ හිස් කබලේ ආලේප කර ගන්න. පැයක් පමණ මිශ්‍රණය හිසකෙස් මත තිබෙන්නට ඉඩ දී පසුව සෝදා හරින්න.
අලිගැටපේර සහ බිත්තර
හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩි භාගයක මදය සූරා ඉවත් කරගන්න. එය හොදින් පොඩි කර ගන්න. ඊට බිත්තරයක් දමා හොදින් මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණය හිසකෙස් වල සහ හිස් කබලේ ආලේප කරන්න. හිස සම්බාහනය කිරීමෙන් හිස් කබලට මනා පෝෂණයක් ලැබෙනු ඇත. එමෙන්ම හිසකෙස් වල දුර්වල බව නැතිවී එහි ඝනත්වය වැඩි වනු ඇත. පැයකට පමණ පසුව හිසකෙස් සෝදා හරින්න.
ඔලිව් ඔයිල්
දුර්වල හිස කෙස් වෙනුවෙන් ඔලිව් ඔයිල් සත්කාරයක් කර ගන්න ඔලිව් ඔයිල් වලට පුළුවන් ඔබේ හිස කෙස් වලට ඉහල මට්ටමේ පෝෂණයක් ගෙනත් දෙන්න. ඔලිව් ඔයිල් වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරක සහ විටමින් E වලින් හිස කෙස් වල ශක්තිය වැඩි කර, ඝනැති සහ දිදුලන ස්වභාවයක් ලබා දීමට සමත් වෙනවා.
විටමින් b-12
ඔබේ හිස කෙස් ඔබට අවශ්‍ය විදිහට ඉක්මනින් සහ ඝනව වැවෙන්නේ නැති නම්, ඔබේ කෙස් සිහින් නම්, වියලි නම්, කැඩෙන සුළු නම් එයට හේතුව විය හැක්කේ විටමින් b-12 ඌණතාවයයි. හිස් කබලේ සෞඛ්‍ය තත්වය සඳහාත් විටමින් b-12 අත්‍යවශ්‍යයි. විටමින් b-12 ලබා ගන්න.
උපුටා ගැනීම: Wellnessexpert

