in

අවුරුදු 150කට පසු ස්පාඤ්ඤයේ පළමු රැජින බවට පත්වීමට 20 හැවිරිදි ලියොනොර් කුමරිය සූදානම් වෙයි..

වසර 150කට පසු ස්පාඤ්ඤයේ පළමු පාලක රැජින වීමට සැරසෙන 20 හැවිරිදි ලියොනෝර් කුමරිය ස්පාඤ්ඤ රාජාණ්ඩුවේ නව යුගයක සනිටුහන් කරන බව නම් නිසැකයි.

20 හැවිරිදි ලියොනෝර් කුමරිය (Princess Leonor) එරට අනාගත රැජින ලෙස රාජ්‍යත්වය භාර ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. ඇය සිහසුනට පත් වූ පසු, 1868 වසරේ පාලනය අවසන් කළ දෙවන ඉසබෙලා රැජිනගෙන් පසුව ස්පාඤ්ඤයේ රජකම් කරන පළමු පාලක රැජින (Queen Regnant) බවට ඇය පත්වනු ඇතියි.

ස්පාඤ්ඤ ඉතිහාසය දෙස බලන විට වසර 150කට අධික කාලයක් එරට පාලනය කළේ රජවරුන් විසින්. හයවන ෆෙලිප් රජුගේ (King Felipe VI) වැඩිමහල් දියණිය වන ලියොනෝර් කුමරිය, ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව සිහසුනට උරුමකම් කියන පළමු තැනැත්තිය වෙනවා. ඇයගේ මෙම පැමිණීම ස්පාඤ්ඤ රාජාණ්ඩුවේ නවීකරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානත්වයේ සංකේතයක් ලෙස සැලකෙනවා.

රැජිනක ලෙස අනාගතයේදී සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට ඇය දැනටමත් සූදානම් වෙමින් සිටින ඇය මේ වන විට පොදු හමුදා ඇකඩමියේ (General Military Academy) සිය යුද හමුදා පුහුණුව නිම කර තිබෙනවා.

නාවික සහ ගුවන් හමුදා පුහුණුවීම් සඳහාද ඇය එක්වෙමින් සිටිනවා.

ඇය ජාත්‍යන්තර සබඳතා සහ නීතිය පිළිබඳවද උසස් අධ්‍යාපනය ලබා ඇති අතර, භාෂා කිහිපයක් හැසිරවීමේ දක්ෂතාවක් දක්වයි.

ස්පාඤ්ඤ ජනතාව අතර ලියොනෝර් කුමරිය ඉතා ජනප්‍රිය චරිතයක්. ඇයගේ සරල බව, බුද්ධිමත් බව සහ රාජකීය වගකීම් මැනවින් ඉටු කරන ආකාරය නිසා එරට මාධ්‍ය මෙය “Leonormania” ලෙස හඳුන්වනවා. තරුණ පරම්පරාව රාජාණ්ඩුව කෙරෙහි වඩාත් ආකර්ෂණය කර ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

“මා මගේ වගකීම් ඉටු කරන්නේ ස්පාඤ්ඤයට සේවය කිරීමේ දැඩි අභිලාෂයෙන් යුතුවයි,” යනුවෙන් ඇය සිය 18 වන උපන්දිනයේදී ප්‍රතිඥා දුන්නා.

උපුටා ගැනීම : aperata.net

What do you think?

Written by Mic

මෙන්න මේ පැලේ දැකලා ඇතිනේ.. අපෝ දැක්ක ගමන් ගලවනවා. දන්නවාද මේක කොච්චර වටිනවද කියලා