Scientific American සඟරාවට අනුව, මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ චාරිත්‍ර වාරිත්‍ර(අභිචාර = rituals) පෙනෙනවාට වඩා තාර්කික විය හැකි බවයි. චාරිත්‍ර වාරිත්‍ර යනු මනෝවිද්‍යාත්මකව සකස් කරන ලද සහ සංස්කෘතික වශයෙන් උරුම වූ අපේ මානව විශේෂයේ විශිෂ්ට හැසිරීම් ලක්ෂණයක් බව සමහරු පවසති. (AI generated)
චාරිත්‍ර වාරිත්‍ර(rituals) අපට පෙනෙනවාට වඩා තාර්කික විය හැකියි
ඔබ රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙණී සිටීමට, සභාවක් ඉදිරියේ ඉදිරියේ කතාවක් පැවැත්වීමට හෝ පෙම්වතිය සමග පළමු හමුවීමට යෑමට ආදී අවස්ථාව ගැන සිතන්න. ඔබේ ස්නායු සන්සුන් කිරීම පිණිස ඔබ කාලය ගත කරනු ඇති – සිතේ අවුල් ගතිය ඇති කරවන තත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින් සාමාන්‍යයෙන් සූදානම් වීමේ ක්‍රියාකාරකම්වල යෙදීම හරහා සැනසීමක් ලබා ගන්නේ සියල්ල නැවත තමන්ගේ පාලනයට පත්වීමේ හැඟීමක් ඇති කරමින් සහ අවිනිශ්චිතතාවය අඩු කරමිනි.

අපගේ පර්යේෂණයට එක්වූ එක් පුද්ගලයෙකු කරන විස්තරය මෙන්න:
“මම මගේ පාද දෙකෙන් කිහිප වතාවක්ම බිමට තදින් අනිමි; මම ගැඹුරු හුස්ම කිහිපයක් ගනිමි; තවද, ඕනෑම ස්ර්ය්ණාත්මක ශක්තීන් ඉවත් කර හැරීමට මම මගේ ශරීරය “සොලවන්නෙමි”. මම මෙය බොහෝ විට රැකියාවට යාමට පෙර, රැස්වීම්වලට යාමට පෙර සහ දවසේ වැඩි කාලයක් වෙහෙස වී ආපසු විත් මගේ නිවසට ඇතුළු වීමට පෙර ඉදිරිපස දොර ළඟ දී මේවා කරමි.”
මෙම පුද්ගලයාගේ මෙලෙස අනුගමනය කරන චාරිත්‍ර – අර්ථවත් සිදුවීමකට පෙර, සිදුවීම අතරතුර සහ සිදුවීමෙන් පසුව කරනු ලබන සංකේතාත්මක හැසිරීම් – සංස්කෘතිය සහ කාලය හරහා පුදුම සහගත ලෙස සාර්වත්රික වේ. චාරිත්‍ර වාරිත්‍ර, සමහර විට වාර්ගික හෝ ආගමික පසුබිමක සිදු කරන විට, තවත් විටක හුදකලාවේ සිදු කරන විට; සමහර අවස්ථාවලදී ස්ථාවර, පුනරාවර්තන ක්‍රියා අනුපිළිවෙලවල් ඇතුළත් වන වෙනත් අවස්ථාවලදී ඇතුළත් නොවන අසාමාන්‍ය ආවලියක හැඩ සහ ස්වරූප ගනී. මිනිසුන් චාරිත්‍ර වාරිත්‍රවල නියැලෙන්නේ ඔවුන්ගේ කනස්සල්ල අඩු කර ගැනීමේ සිට ඔවුන්ගේ විශ්වාසය වැඩි කර ගැනීම දක්වා, අභියෝගයකදී හොඳින් දස්කම් දැක්වීම දක්වා ඔවුන්ගේ ශෝකය සමනය කර ගැනීම දක්වා – හෝ සමහරවිට වර්ෂාව ලබා ගැනීම දක්වා පවා පුළුල් අපේක්ෂිත ප්‍රතිඵල මාලාවක් ලබා ගැනීමේ අදහසිනි.
මෑත කාලීන පර්යේෂණවලින් පෙනී යන්නේ චාරිත්‍ර වාරිත්‍ර පෙනෙනවාට වඩා තාර්කාන්විත විය හැකි බවයි. ඇයි? සරල චාරිත්‍ර පවා අතිශයින්ම ඵලදායී විය හැකි බැවිනි. – ආදරණීයයන්ගේ සිට ලොතරැයි දක්වා අහිමිවීම් හෝ අලාභයන් අත්විඳීමෙන් පසු සිදු කරන චාරිත්‍ර ශෝකය සමනය කරයි; එමෙන්ම, ප්‍රසිද්ධියේ ගී ගායනා කිරීම වැනි අධි පීඩනයක් ගෙන දෙන කාර්යයන්ට පෙර සිදු කරන චාරිත්‍ර ඇත්ත වශයෙන්ම උද්වේගය හෙවත් සිත අවුල් සහගත බව අඩු කර මිනිසුන්ගේ විශ්වාසය වැඩි කරයි. එපමණක්ද නොව, චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාත්මක වන බව විශ්වාස නොකරන බව පවසන පුද්ගලයින්ට පවා චාරිත්‍ර වාරිත්‍ර ප්‍රයෝජනවත් වන බව පෙනේ. මානව විද්‍යාඥයන් සංස්කෘතීන් හරහා චාරිත්‍ර වාරිත්‍ර ලේඛනගත කර ඇති අතර, මෙම පෙර අවධියේ පර්යේෂණ මූලික වශයෙන් නිරීක්ෂණාත්මක විය. මෑතකදී, මනෝවිද්‍යාඥයින් විසින් කරන ලද විමර්ශන මාලාවක් මගින් මිනිසුන්ගේ සිතුවිලි, හැඟීම් සහ හැසිරීම් වලට චාරිත්‍රානුකූල බලපෑමක් ඇති කළ හැකි බව පෙන්නුම් කරන කුතුහලය දනවන නව ප්‍රතිඵල අනාවරණය කර ගනු ලැබ ඇත.
පැසිපන්දු සුපිරි තරුව Michael Jordan සෑම තරගයකදීම ඔහුගේ උතුරු කැරොලිනා කොට කලිසම, ඔහුගේ Chicago Bulls කොට කලිසමට යටින් ඇඳ සිටියේය. නිව් යෝර්ක් ජෙට්ස් හි Curtis Martin සෑම තරගයකටම පෙර 91 වන භක්ති ගීතිකාව කියවයි. එමෙන්ම, බොස්ටන් රෙඩ් සෝක්ස් හි හිටපු තුන්වන බේස්මන් ක්‍රීඩක Wade Boggs, සෑම දිනකම එකම වේලාවක අවදි විය, සෑම ක්‍රීඩාවකටම පෙර කුකුල් මස් අනුභව කළේය, හරියටම ප්‍රායෝගිකව බිම පන්දු 117 ක් ගෙන, 5:17 ට පිතිකරණ පුහුණුවීම්වල නිරත විය. තවද, 7.17 ට වේග, කෙටි දුර දිවීම්වල ය. (Boggs පන්දුවට පහර සෑම අවස්ථාවකම, ඡෛ (“ජීවත්වෙනවා”) යන හීබ්‍රෙව් වචනය දූවිලි මත ලිවීය.(Boggs යුදෙව් ජාතිකයෙක් නොවීය).
මේ ආකාර අභිචාර සැබවින්ම, කාර්ය සාධනය වැඩි කළේ ද? මෑත කාලීන එක් අත්හදා බැලීමකදී, පුද්ගලයින්ට “වාසනාවන්ත ගොල්ෆ් බෝලයක්” හෝ සාමාන්‍ය ගොල්ෆ් බෝලයක් ලැබුණු අතර පසුව ඔවුහු ගොල්ෆ් ක්‍රීඩා කාර්යයක් ඉටු කළහ. තවත් අවස්ථාවක, මිනිසුන් චාලක දක්ෂතා කාර්යයක් ඉටු කළ අතර, එක්කෝ ක්‍රීඩාව ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනු නැතහොත් ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර පර්යේෂකයා “මම ඔබ වෙනුවෙන් යදින්නෙමි” යැයි පවසනු ඇසිණි. මිථ්‍යා විශ්වාස මත පදනම් චාරිත්‍ර වාරිත්‍ර මගින් මිනිසුන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසය වැඩි දියුණු කර, වැඩි උත්සාහයක් දැරීමටත්, පසුකාලීනව කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට මග පාදයි. මෙම සොයාගැනීම්, අවධානය සහ ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු කිරීමේ සිට චිත්තවේගීය ස්ථාවරත්වය සහ විශ්වාසය වැඩි කිරීම දක්වා පූර්ව කාර්ය සාධන චර්යාවන්හි කාර්ය සාධන ප්රතිලාභ පෙන්නුම් කරන ක්‍රීඩා මනෝවිද්‍යාවේ පර්යේෂණ සමඟ අනුකූල වේ,

නව භූමි ප්‍රදේශ ගවේෂණය වැනි පර්යේෂණාගාර අත්හදා බැලීම් සහ ක්‍රීඩා වලින් ඔබ්බට ඇති බොහෝ අවස්ථාවන්හිදී මනුෂ්‍යන්ට අවිනිශ්චිත හා චිත්තාපර ගතියක් දැනේ. 1910 ගණන්වල අගභාගයේදී මානව විද්‍යාඥ Bronislaw Malinowski දකුණු පැසිෆික් සාගරයේ දූපත් වාසීන් අතර ජීවත් විය. දූපත් වාසීහු, කොරල්පරයෙන් ඔබ්බට ඇති කැළඹිලි සහිත, මෝරුන් බහුල ජලයේ මසුන් ඇල්ලීමට ගිය විට, ඔවුන් තම ආරක්ෂාව හා රැකවරණය පතා ඉන්ද්‍රජාලික බලයන් ඉල්ලා විශේෂිත චාරිත්‍ර ඉටු කළහ. ආරක්ෂාව ඇති කලපුවක, නිසසල ජලයේ මසුන් ඇල්ලීමේදී ඔවුන් මාළු ඇල්ලීම සාමාන්‍ය සිදුවීමක් ලෙස සැලකූ අතර කිසිදු චාරිත්‍රයක් සිදු කළේ නැත. Malinowski යෝජනා කළේ මිනිසුන් මෝරුන් සිටින විට මෙන්, ප්‍රතිඵලය වැදගත් සහ අවිනිශ්චිත සහ ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට යන අවස්ථාවන්ට මුහුණ දෙන විට, අභිචාර වෙත යොමු වීමට වැඩි ඉඩක් ඇති බවයි.
ආදරය කරන කෙනෙකුගේ මරණය හෝ සම්බන්ධතාවයක අවසානය (හෝ මෝරුන් හපා කෑමෙන් අතපය අහිමි වීම) වැනි අහිමිවීම් හමුවේ චාරිත්‍ර වාර්ත්ර පැවැත්වීම, ලොව සෑම තැනකම පාහේ දැකිය හැකිය. ශෝකය ප්‍රකාශ කිරීම ප්‍රකට විවිධ චාරිත්‍ර කොපමණ ඇත් ද කීවොත්, ඒවා (එකිනෙකට) පරස්පර විරෝධී විය හැකිය: මිය යන අය අසල සිටිමින් හැඬීම කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක් ලෙස ටිබෙට් බෞද්ධයන් විසින් සලකනු ලබන නමුත් කතෝලික ලතින් ජාතිකයින් විසින් ගෞරවයේ සලකුණක් ලෙස සලකනු ලැබේ; හින්දු චාරිත්‍ර වාරිත්‍ර වැලපීමේ සමයේ දී හිසකෙස් ඉවත් කිරීම දිරිමත් කරනු ලබන අතර (රැවුලක ස්වරූපයෙන්) හිසකෙස් වැවීම යුදෙව් පිරිමින් අතර වඩාත් කැමති චාරිත්‍රය වේ.
පුද්ගලයෝ, ඔවුන්ගේ ශෝකය සමනය කර ගැනීමට ශෝක(වීමේ) චාරිත්‍ර ඉටු කරති. නමුත් ඒවා සාර්ථකව ක්‍රියා කරන්නේද? අපගේ පර්යේෂණවලින් පෙනී යන්නේ ඒවා එසේ සාර්ථකව ක්‍රියා කරන බවයි. අපගේ එක් අත්හදා බැලීමකදී, ආදරණීයෙකුගේ මරණය හෝ සමීප සම්බන්ධතාවයක අවසානය ගැන සිහිපත් කර (ඒ මතකයන්) ලිවීමට අපි මිනිසුන්ගෙන් ඉල්ලා සිටියෙමු. සමහරු පාඩුව අත්විඳීමෙන් පසු සිදු කළ චාරිත්‍රයක් ගැන ද ලියා ඇත:
‘Natalie Cole ගේ “I miss you like crazy” ගීතය වාදනය කළ මම එය ඇසූ සෑම අවස්ථාවකම මගේ අම්මා ගැන සිතමින් හැඬුවෙමි.’
‘අපි යාලු වෙලා හිටපු කාලේ එකට ගත්ත පින්තූර සේරම පස්සේ මම ඒවා කුඩා කැබලිවලට ඉරා දමා විනාශ කරා (ඉතාම කැමති ඒවා පවා!), පසුව අප මුලින්ම සිපගත් උද්‍යානයේ දි ඒවා පුළුස්සා දැමුවා.’
චාරිත්‍රයක නිරත වීම ගැන ලියූ අයට පාඩුව ගැන පමණක් ලියූ අයට වඩා අඩු දුකක් දැනුණු බව අපට පෙනී ගියේය.
අපි ඊළඟට වඩා ලෞකික සන්දර්භයක් තුළ බලාපොරොත්තු සුන්වීම සමනය කිරීමේ දී චාරිත්‍රවල බලය පරීක්ෂා කළෙමු: උදා,ලොතරැයි දිනුමක් අහිමි වීම. අපි පුද්ගලයන්ට පරීක්ෂණගාරයට පැමිණෙන ලෙස ආරාධනා කළෙමු: එහි දී ඔවුන්ට දන්වනු ලැබුවේ, එම ස්ථානයේදීම ඩොලර් 200ක් දිනා ගත හැකි අහඹු දිනුම් ඇදීමකට සහභාගී වී අධ්‍යයනය සම්පූර්ණ නොකරම පිටව යා හැකි බවයි. අහිමි වීමේ වේදනාව තවත් වැඩි කිරීමේ අරමුණින්, අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් (දිනුවොත් ලැබෙන) මුදල භාවිතා කරන සියලුම ක්‍රම ගැන සිතා බලා ලියන ලෙසයි. අහඹු දිනුම් ඇදීමෙන් පසුව, ජයග්රාහකයාට පිටව යාමට සිදු වූ අතර, අපි ඉතිරි “පරාජිතයන්” කණ්ඩායම් දෙකකට බෙදා සමහර අයට පහත චාරිත්‍රයෙහි නිරත වන ලෙස ඉල්ලා සිටියෙමු.
පියවර 1. ඔබට දැනට දැනෙන ආකාරය ඔබේ මේසය මත ඇති කඩදාසි මත මිනිත්තු දෙකක් තුල අඳින්න.
පියවර 2. කරුණාකර ඔබ චිත්‍ර ඇඳී කඩදාසිය මත ලුණු ස්වල්පයක් ඉසිය යුතු ය.
පියවර 3. කරුණාකර කඩදාසි කැබැල්ල ඉරා දමන්න.
පියවර 4. ඔබ මනෝමයෙන් පස් වතාවක් දහය දක්වා ගණන් කරන්න.
ඉතිරි පුද්ගලයින් එකම කාලයක් තුල කාර්යයක (ඔවුන්ට හැඟෙන ආකාරය ඇඳීම) පමනක් නිරත විය.
අවසාන වශයෙන්, සෑම කෙනෙක්ම ඔවුන්ගේ ශෝකයේ මට්ටම පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ, එනම් “මට $200 දිනා ගැනීමට නොහැකි වීම ගැන තරහක් සහ කලකිරීමක් දැනිම වළක්වා ගන්නට නොහැක.”
පර්යේෂණයේ ප්‍රතිඵල ගතහොත්, ලොතරැයියෙන් පැරදුණු පසු චාරිත්‍රයක් සිදු කළ අය වාර්තා කළේ දුක අඩු වූ බවයි. අපගේ ප්‍රතිඵල යෝජනා කරන්නේ චාරිත්‍ර වාරිත්‍රවල යෙදීමෙන් ජීවිතය වෙනස් කරන්නා වූ අහිමිවීම් (ආදරණීය කෙනෙකුගේ මරණය වැනි) සහ වඩාත් ලෞකික (ලොතරැයි දිනුමක් අහිමි වීම) යන දෙකින්ම ඇති වන දුක සමනය වන බවයි.
චාරිත්‍ර ඵලදායී බව පෙණෙන නමුත්, සමාජ විද්‍යාඥයින් විසින් ලේඛනගත කර ඇති විවිධාකාර චාරිත්‍ර අතුරෙන්, කුමන ආකාරයේ චාරිත්‍ර වඩාත් හොඳින් ක්‍රියා කරන්නේදැයි අප දන්නවාද? simpatias නම් චාරිත්‍රය සිදු කරන පුද්ගලයින් බ්‍රසීලයේ සිදු කරන ලද මෑත අධ්‍යයනයක දී, පර්යේෂකයන් විසින් අධ්‍යයනය කර ඇත: simpatias යනු දුම්පානය නතර කිරීම, ඇදුම සුව කිරීම සහ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීම වැනි ගැටළු විසඳීම සඳහා භාවිතා කරන අභිචාරයකි. simpatias චාරිත්‍රයට සම්බන්ධ වන පියවර ගණන, ක්‍රියා පටිපාටි පුනරාවර්තනය කිරීම සහ නිශ්චිත වේලාවක පියවරයන් සිදු කරන්නේද යන්න මත පදනම්ව සිම්පතියා වඩාත් ඵලදායී බව (සම්බන්ධවන) පිරිස් කල්පනා කරති. අභිචාරයන්ට අදාල තවත් පර්යේෂණ අවශ්‍ය වන අතර, මෙම කුතුහලය දනවන ප්‍රතිඵලවලින් ඇඟවෙන්නේ චාරිත්‍රවල නිශ්චිත ස්වභාවය ඒවා ක්‍රියාත්මක වන විට මෙන්ම ඒවා ක්‍රියාත්මක් නොවන විට අවබෝධ කර ගැනීමේදී තීරණාත්මක විය හැකි බවයි.
චාරිත්‍රය සහ අපේක්ෂිත ප්‍රතිඵලය අතර සෘජු හේතුඵල සම්බන්ධයක් නොමැති වුවද, අපේක්ෂිත යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අරමුණින් පුද පූජා පැවැත්වීම එම ප්‍රතිඵලය සැබෑ වීමට තරම් ප්‍රමාණවත් බව පෙනේ. ලීවලට තට්ටු කිරීමෙන් වර්ෂාව අපේක්ෂා කිරීම වැනි සමහර චාරිත්‍ර ඵලදායි වීමට ඉඩක් නැති අතර, එදිනෙදා චාරිත්‍ර බොහොමයක් අර්ථවත් වන අතර පුදුම සහගත ලෙස ඵලදායී වේ.
උපුටා ගැනීම: thathu.com


