ඇවිදීම කියන්නේ ඉතාම සරල ව්‍යායාමයක් වුණත්, ඔබ අනුගමනය කරන පොඩි පොඩි උපක්‍රම කිහිපයකින් එය වඩාත් කාර්යක්ෂම ව්‍යායාමයක් බවට කර ගන්න පුළුවන්. ඒ සඳහා ඔබට භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයක් පහතින් දැක්වෙනවා.
1. වේගය වරින් වර වෙනස් කරන්න
එකම වේගයකින් දිගටම ඇවිදිනවාට වඩා, විනාඩි කිහිපයක් ඉතා වේගයෙන් ඇවිද, පසුව විනාඩියක් පමණ සාමාන්‍ය වේගයකින් ඇවිදින්න. මේ ආකාරයට වේගය වරින් වර වෙනස් කිරීමෙන්, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වී වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගැනීමට මඟ පෑදෙනවා.
2. කඳු හෝ බෑවුම් සහිත ස්ථාන තෝරාගන්න
තැනිතලා බිමක ඇවිදිනවාට වඩා බෑවුමක් හෝ කන්දක් දෙසට ඇවිදීමේදී ශරීරයට වැඩි ශක්තියක් වැය කිරීමට සිදු වෙනවා. මෙහිදී ඔබේ පාදවල මංශ පේශි සහ හෘද ස්පන්දනය වැඩි වන නිසා සාමාන්‍ය පාරක ඇවිදිනවාට වඩා 30%-50% අතර වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න පුළුවන්.
3. දෑත් හොඳින් සොලවන්න
ඇවිදින විට ඔබේ දෑත් ස්වභාවිකව දෙපසට සෙලවීමට ඉඩ හරින්න. දෑත් වැලමිටෙන් අංශක 90කට නමා, රිද්මයානුකූලව චලනය කිරීමෙන් මුළු සිරුරම ව්‍යායාමයට දායක වෙනවා. මෙය ඔබේ වේගය වැඩි කිරීමට වගේම අමතර කැලරි ප්‍රමාණයක් දහනය කර දැමීමටත් උදව් වෙනවා.
4. පියවර ප්‍රමාණය වැඩි කරන්න
දිගු පියවර තබනවාට වඩා, කෙටි පියවරවල් වැඩි සංඛ්‍යාවක් වේගයෙන් තැබීමට උත්සාහ කරන්න. විනාඩියකට තබන පියවර ගණන වැඩි වන විට ඔබේ හෘද ස්පන්දන වේගය ඉහළ යනවා. එය ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කිරීමට උදව් වෙන හොඳ උපක්‍රමයක්.
5. බරක් එල්ලාගෙන ඇවිදීම
ඔබට පහසු නම්, කුඩා බැක්පැක් එකක් පැළඳ හෝ අතේ කුඩා බරක් එල්ලා ගෙන ඇවිදින්න පුළුවන්. ශරීරයට අමතර බරක් දැනෙන විට එය උසුලාගෙන යාමට වැඩි ශක්තියක් වැය වෙනවා. මෙහිදී සාමාන්‍යයෙන් ඇවිදිනවාට වඩා වැඩි ප්‍රතිඵලයක් ලබාගත හැකියි.
7. හිස්බඩ ඇවිදීම
උදෑසන අවදි වූ වහාම කිසිවක් ආහාරයට නොගෙන ඇවිදීමෙන්, හදිසියකදී ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම වෙනුවෙන් තැන්පත් වී ඇති මේදය දහනය වෙන්න පටන් ගන්නවා.. බර අඩු කර ගැනීමට බලාපොරොත්තු වන අයට මෙය ඉතා සාර්ථක ක්‍රමයක්.
ප්‍රධාන ආහාර වේලකට පසු (විශේෂයෙන් රාත්‍රී ආහාරයෙන් පසු) විනාඩි 15-20ක් සෙමින් ඇවිදීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය වන අතර ආහාර ජීර්ණය පහසු කරනවා. නමුත් බර අඩු කර ගැනීමට අවශ්‍ය නම් හිස්බඩ ඇවිදීම නිවැරදි ක්‍රමයයි.
8. උදෑසන ඇවිදීම
උදෑසන ඇවිදීමෙන් දවස පුරාම ඔබේ පරිවෘත්තීය වේගය ඉහළ මට්ටමක පවතිනවා. එමෙන්ම නැවුම් වාතය සහ හිරු එළිය ලැබීම නිසා මානසික ප්රබෝධය මෙන්ම විටමින් D ද සිරුරට ලැබෙනවා.
9. ග්‍රීන් ටී පානය කර ඇවිදීම
ග්‍රීන් ටී වල අඩංගු Catechins සහ ‘කැෆේන්’ මගින් මේදය දහනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. ඇවිදීමට විනාඩි 30කට පමණ පෙර සීනි නොදැමූ ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීමෙන් ව්‍යායාමයේදී දහනය වන කැලරි ප්‍රමාණය 17%කින් පමණ වැඩි කර ගත හැකි බව පර්යේෂණ වල සඳහන් වෙනවා.
ඔබ ග්‍රීන් ටී වලට අකමැති නම්, ඇවිදීමට පෙර සීනි රහිත කෝපි කෝප්පයක් පානය කිරීමෙනුත් වැඩි ශක්තියක් සහ කැලරි දහනයක් ලබා ගන්න පුළුවන්.
උපුටා ගැනීම: Wellnessexpert


