in

ඇස් පෙනීමට බාධා කරන හේතු.

ඇස් පෙනීමට බාධා කරන හේතු.

වර්තමාන සමාජයේ ඇස් රෝග ඇති වීම බහුල තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. ඇස් පෙනීමේ ගැටළු බොහෝ දෙනාට වයස් භේදයකින් තොරව ඇති වන අතර, වර්තමානය වනවිට ඒ සඳහා විවිධ හේතු බලපායි. ඔබගේ දෑස්වල පෙනීම දුර්වල කරන විවිධ හේතූන් අතර පහත සඳහන් හේතු තිබේ දැයි ඔබම කල්පනා කර බැලිය යුතුයි.

  1. පරිගණකය.

පරිගණක තිරය පමණක් නොව ජංගම දුරකතනය, ටැබ් එක වාගේම ලැප්ටොප් පරිගණකයේ තිරයත් ඔබගේ ඇස් පෙනීම දුර්වල කරවන්නක්. වර්තමානයේ තාක්ෂණය දිනෙන් දින දියුණු වන්නක්. එබැවින් තාක්ෂණයෙන් ඈත් වීම මෙහිදී සිදුකළ නොහැකියි. නමුත් තාක්ෂණය හා ළං වීම නිසා ඔබගේ ඇස් පෙනීම දුර්වල වන බව ඔබ මතක තබාගත යුතුයි. නිතරම පරිගණකය, ජංගම දුරකතනය භාවිත කරන අයෙක් විනාඩි විස්ස, තිහ අතර කාලයක් තුළ විටින් විට ඔබගේ දෑස් පියාගෙන විවේකයක් ගත යුතු යැයි වෛද්‍යවරු උපදෙස් දී තිබෙනවා. එසේ නොවුනහොත් අදාළ උපාංග දෙස එක එල්ලේ බලා සිටීම ඔබගේ දෑසෙහි සෞඛ්‍යයට නුසුදුසුයි.

  1. කණ්නාඩි භාවිතය.

පෙනීම වර්ධනය කර ගැනීමට ඔබ කණ්නාඩි භාවිත කරන අයෙක් නම්, නියමිත කාලය තුළ ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත එම කණ්නාඩියේ කාචය මාරු කර ගත යුතුයි. වසර ගණනාවක් එකම කාචයක් හරහා බැලීමෙන් ඔබගේ දෑසේ සෞඛ්‍යයට බාධා පැමිණේ.

  1. මේකප්.

මෙම ගැටළුව ඇති වන්නේ ස්ත්‍රීන්ටය. මේකප් භාවිතය නිසා දෑසෙහි පෙනීමට ගැටළු මතු වේ යැයි ඔබ නොසිතන්නට ඇති. එහෙත් මුහුණ ලස්සන කර ගැනීමට, විශේෂයෙන් දෑස ලස්සන කර ගැනීමට දෑස වටා ආලේපනය කරන විවිධ ආලේපනවල ප්‍රමිතිය, ඒවායේ සුදුසු නුසුදුසු බව පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ සතුව තිබිය යුතුයි. එම ආලේපන යම් හෙයකින් දෑස් තුළට ගියහොත් එයත් දෑසේ පෙනීම තවදුරටත් අඩාල කරවන්නකි.

  1. දුම්පානය.

මේකප් භාවිතය කාන්තාවන්ට විශේෂ වූවා සේ, දුම්පානය පිරිමි පක්ෂයට විශේෂ‍ වේ. දුම්පානය කිරීම සෞඛ්‍ය ගැටළු ගණනාවක් ඇති කරවන්නක්. ඒ අතර ඇස් පෙනීම දුර්වල කිරීමටත් හේතු වනවා. දුම්පානයට පුරුදු වූවෝ බොහෝමයකට දෑස් පෙනීමේ ගැටළු ඇති බව දැකගත හැකියි. මේ නිසා දෑසේ සෞඛ්‍ය ගැන සිතන ඔබ දුම්පානය නොකර සිටීම ඉතා වැදගත්.

  1. කාච.

කාච පැළඳීම වෛද්‍ය උපදෙස් මත සිදුකළ යුත්තක්. රූපලාවණ්‍ය උපක්‍රමයක් ලෙසත් කාච පැළඳීම දැකිය හැකියි. මේ කුමන ආකාරයකට කාච පැළඳුවත් නියමිත වෛද්‍ය උපදෙස් අනුව එය පැළඳීමෙන් දෑසේ සෞඛ්‍ය රැකගත හැකියි.

උපුටා ගැනීම : wellness expert

What do you think?

Written by Mic

කරාබුනැටි පරිභෝජනයෙන් ඔබට ලැබෙන ගුණ

දිනපතා කුරුඳු මිශ්‍ර ජලය පානය කරන්න.