දෙපාර්ශවයක් අතර ගැටලුවක් ඇතිවුණාම එය විසඳ ගන්න තියෙන හොඳ ධනාත්මක ක්‍රමයක් තමයි සමාව ඉල්ලීම. හැබැයි සමාව ඉල්ලීම සෘණාත්මක ප්‍රතිඵලයක් ලබා දෙන්නත් පුළුවන්. වරද ගැන අවංකව පසුතැවිලි වී සමාව ඉල්ලන පුද්ගලයා තවත් මානසිකව බිඳ වැටෙන්න සමාව ඉල්ලීමේ ක්‍රියාවලිය හේතු වෙන්නේ මෙහෙමයි.
ප්‍රතික්ෂේප කිරීම
ඔබ සමාව ඉල්ලන පුද්ගලයා ඔබට සමාව දෙන්න කැමති වෙන්නත්, අකමැති වෙන්නත් ඉඩ තියෙනවා. මිනිසුන් හැම වෙලාවෙම සමාව භාරගන්නේ නැහැ.
සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න විවිධ සාධක බලපානවා. සමාව දීම දුර්වලකමේ සලකුණක් ලෙස සමහරු දකිනවා. අනිත් කෙනාගේ සමාව අයැදීම සැබෑ සමාව ඉල්ලීමක් යැයි විශ්වාස නොකිරීම තවත් හේතුවක් විය හැකියි. තවත් හේතුවක් වන්නේ අමනාපය අත්හැරීමට සූදානම් නොමැති වීමයි. කුමන හෝ හේතුවක් මත සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප වීම චිත්තවේගීයව දරා ගැනීමට අපහසු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට වරදකාරී හැඟීම, පසුතැවිල්ල උග්‍ර වෙන්න ඉඩ තියෙනවා.
සම්බන්ධතාවයට තවදුරටත් හානි වීම
සමාව ඉල්ලා සිටීමේ ක්‍රියාවලියේදී ඔබ අතින් වරද සිදු වූ අවස්ථාවේදී අනෙක් පාර්ශවයට අත්විඳීමට සිදු වූ වේදනාව අපහසුව නැවතත් මතකයට නැගෙනවා. අමතක කිරීමට උත්සාහ කළ රිදවුම් නැවත මතක් වීමෙන් සබඳතාවය අලුත්වැඩියා වෙනවා වෙනුවට තවදුරටත් හානි වෙන්න ඉඩ තියෙනවා.
කොන්දේසි පැනවීම
සමහර පුද්ගලයන් සමාව ලබාදෙන්නේ එය අනෙක් පාර්ශවයට කොන්දේසි පැනවීමේ අවස්ථාවක් කරගන්නා ගමන්ය. මෙයින් බොහෝ විට කාලයත් සමඟ වරද සිදුකළ පාර්ශවය ආතතියට පත්වෙනවා.
චිත්තවේගීය බිඳ වැටීම
සමාව ඉල්ලීමේ අවදානම භාර ගැනීම, වැරදි පිළිගැනීම, අවංක ලෙස පසුතැවිලි වීම ආදී අවස්ථා වලදී බොහෝ දෙනකුගේ චිත්තවේගීය ශක්තිය මඳ වශයෙන් හෝ බිඳ වැටෙනවා. වරද සැලකිය යුතු ප්‍රමාණයක වරදක් නම් සහ අනෙක් පුද්ගලයා ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව බියක් තිබෙනවා නම් මෙම චිත්තවේගීය බිඳ වැටීමේ වේගය තවත් වර්ධනය වෙනවා.
ආත්ම අභිමානය බිඳ වැටීම
සමහර පුද්ගලයන් සමාව ඉල්ලීමට සිදුවීම තම අසාර්ථකත්වයේ දුර්වලකමේ පිළිබිඹුවක් ලෙස පිළිගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ආත්ම අභිමානය බිඳ වැටෙනවා. විශේෂයෙන්ම ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට සිදු වීම වැනි දෙයින් කීර්තිනාමය අනතුරේ වැටෙනවා. අන් අය ඉදිරියේ සමාව ඉල්ලීමට සිදුවීම නින්දාවක් ලෙස හැඟෙන නිසා ඔවුන්ගේ ආත්ම අභිමානය පහළ වැටෙනවා.
නීතිමය ගැටලු
ඇතැම් අවස්ථාවලදී සමාව ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස නීතිමය ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. එයට හේතු වන්නේ සමාව ඉල්ලීම හරහා වරදේ වගකීම, චෝදනා සියලු දේ භාර ගත් බව සනාථ වීමයි. වරද පිළිගැනීමෙන් අනතුරුව නීතිමය ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙන්න වැඩි ඉඩක් තියෙනව. සමාව අයැදීම යමෙකුට එරෙහිව නීත්‍යානුකූලව භාවිතා කළ හැකි සාක්ෂියක් වීමට වැඩි ඉඩක් තියෙනවා.
කෝපයෙන් ප්‍රතිචාර දැක්වීම
යමෙකු පසුතැවිලි වී සමාව ඉල්ලන විට අනෙක් පුද්ගලයා කෝපයෙන් ප්‍රතිචාර දැක්විය හැකියි. වරද නිසා පීඩා විඳි පුද්ගලයා සිය හැඟීම් නිරාකරණය කර නොගෙන සිටි අවස්ථාවක සමාව ඉල්ලීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ඇතිවෙන්න වැඩි ඉඩක් තියෙනවා. එය නව රිදවීමක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන්.
සමහරු සමාව පිළිගන්නවා වෙනුවට විවේචනය කිරීම, තවදුරටත් දෝෂාරෝපණය කිරීම ආදියට පෙළඹෙනවා. සමාව ඉල්ලන අවස්ථාවේදී ඔබට වරද පැටවීමට, ඔබගේ වරදකාරී හැඟීම තවත් වර්ධනය කරවීමට, ඔබගේ චරිතය විවේචනය කිරීමට සමහරු පෙළඹෙනවා. සමාව දීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීයකරණය කිරීම සඳහා ඔබ අතීතයේදී සිදුකළ වැරදි පවා හුවා දක්වන්න වැඩි ඉඩක් තියෙනවා. මෙයින් සමාව ඉල්ලූ පුද්ගලයා මනසින් බිඳ වැටෙනවා.
උපුටා ගැනීම : wellness expert


