කැස්ස සමඟ කෙළ වලට ලේ ටිකක් මිශ්‍ර වී යාම සහ “කට පිරෙන්න” ලේ යාම යනු සම්පූර්ණයෙන්ම දෙකකි. වෛද්‍ය විද්‍යාවේදී අපි “Massive Haemoptysis” ලෙස හඳුන්වන්නේ කෙටි කාලයක් තුළ විශාල රුධිර ප්‍රමාණයක් කැස්ස සමඟ පිටවන අවස්ථාවයි. මෙය ඉතාම භයානක හදිසි තත්ත්වයකි.
මොකක්ද මේ “විශාල ප්‍රමාණය” කියන්නේ? ![]()
සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුළත රුධිරය මිලිලීටර් 100 සිට 600ක් අතර ප්‍රමාණයක් (ඒ කියන්නේ සාමාන්‍ය තේ කෝප්ප භාගයක සිට ලොකු වතුර වීදුරුවක ප්‍රමාණය දක්වා) පිටවීම මේ ගණයට වැටේ. නමුත් මතක තබා ගන්න, පෙනහළු ඇතුලේ ලේ ගැලීමකදී පිටතට එන ප්‍රමාණයට වඩා ඇතුලේ හිරවෙන ප්‍රමාණය වැඩි විය හැක.
සරල උදාහරණයක්:
මෙය හරියට ගෙදරක බිත්තියක් ඇතුලේ තියෙන වතුර බටයක් පුපුරලා යනවා වගේ වැඩක්. බිත්තිය එළියට වතුර ටිකක් ආවට, ඇතුලේ ලොකු විනාශයක් වෙනවා. පෙනහළු කියන්නේ හුස්ම ගන්න තැන නිසා, එතනට ලේ පිරුනොත් හුස්ම ගන්න බැරි වෙලා (වතුරේ ගිලුනා වගේ) රෝගියා මිය යන්න පුළුවන්.
මෙහෙම වෙන්නේ ඇයි? (හේතු) ![]()
ශ්‍රී ලංකාවේ අපිට බහුලවම දකින්න ලැබෙන හේතු කිහිපයක් තිබේ:
ක්ෂය රෝගය (TB) හෝ එහි පසුකාලීන තත්ත්ව: පෙනහළු වල ඇතිවන කුහර නිසා ලේ නහර දිරාපත් වී පුපුරා යා හැක.
බ්රොන්කයික්ටේසිස් (Bronchiectasis): මෙය කාලයක් තිස්සේ පෙනහළු වල සෙම පැසවීම නිසා ශවසන නාල ඉදිමී විකෘති වන රෝගයකි. මේ ඉදිමුණු නාල වල ලේ නහර ඉතා දුර්වලයි.
පෙනහළු පිළිකා: පිළිකා සෛල මගින් ලේ නහර විනාශ කිරීම.
දිලීර ආසාදන: පෙනහළු වල කුහර තුළ දිලීර වර්ධනය වීම (Aspergilloma).
ගෙදරදී රුධිරය පිට වුනොත් මොකද කරන්නේ? (ප්‍රථමාධාර) ![]()
මෙය ඉතා වැදගත්ම කොටසයි. රෝගියා රෝහලට ගෙන යාමට පෙර මේ දේවල් අනුගමනය කරන්න:
කලබල වෙන්න එපා: බිය වීම නිසා හෘද ස්පන්දනය වැඩි වී ලේ ගැලීම වැඩි විය හැක.
කැස්ස පාලනය කරන්න එපා: ලේ එන එක නවත්තන්න කැස්ස තද කරගන්න එපා. ලේ පෙනහළු ඇතුලේ හිර වුනොත් හුස්ම හිර වෙන්න පුළුවන්.
නිවැරදි පැත්තට හාන්සි වෙන්න: රෝගියාට දැනෙනවා නම් ලේ එන්නේ දකුණු පැත්තේ පෙනහළුවෙන් කියලා, දකුණු පැත්ත යටට සිටින සේ හාන්සි කරවන්න. එවිට ඒ ලේ හොඳින් තියෙන වම් පෙනහළුවට ගලාගෙන යාම වැළකෙනවා. (හොඳ පෙනහළුව ආරක්ෂා කරගැනීම ජීවිතය බේරා ගැනීමට අත්‍යවශ්‍යයි).
වෛද්‍යවරු මොකද කරන්නේ? ![]()
රෝහලට ගිය වහාම රෝගියාගේ ස්වසන මාර්ගය ආරක්ෂා කර, විශේෂ එක්ස්-රේ පරීක්ෂණ (CT Scan) මගින් ලේ ගලන තැන සොයා ගනී. ඉන්පසු බොහෝ විට ශල්‍යකර්මයකින් තොරව, කකුලේ නහරයක් හරහා බටයක් යවා (Embolization) ලේ ගලන ස්ථානය අදාල රසායනික ද්‍රව්‍යයක් මගින් අවහිර කර ලේ ගැලීම නතර කරනු ලැබේ.
උපුටා ගැනීම : Lung Doctor ෆේස්බුක් පිටුව


