ඔයාලා පරණ වාර්තා වැඩසටහන් බලලා තියෙනවා නම් අහලා ඇති, “කොමෝඩෝ මකරා” සත්තුන්ව දඩයම් කරන්නේ උගේ කටේ තියෙන භයානක බැක්ටීරියා වලින් කියලා.
අවුරුදු ගාණක් තිස්සේ විද්‍යාඥයින් පවා හිතන් හිටියේ, මුන් කුණු වෙච්ච මස් කන නිසා මුන්ගේ කටේ තියෙන විෂබීජ සතාගේ ඇඟට ගිහින් සත්තු මැරෙනවා කියලයි.
හැබැයි 2009 දී හොයාගත්තා මේක සම්පූර්ණ බොරුවක් කියලා!
ඇත්ත කතාව ඊට වඩා භයානකයි. මේ යෝධ කටුස්සෝ හරියට සර්පයෝ වගේම “විෂ සහිත” සත්තු ජාතියක්.
මුන්ගේ යටි හනුවේ විශේෂ විෂ ග්‍රන්ථි පිහිටලා තියෙනවා. මුන් සතෙක්ව හැපුවම මේ විෂ සතාගේ ඇඟට යනවා.
මේ විෂ නිසා:
සතාගේ ලේ කැටි ගැසීම නැවතෙනවා.
රුධිර පීඩනය එකපාරටම අඩු වෙලා සතා කඩාගෙන වැටෙනවා.
ඒ කියන්නේ මුන් බැක්ටීරියා වලින් නෙවෙයි, තමන්ගේම විෂ වලින් තමයි දඩයම් කරන්නේ.
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


