in

සැඟවුණු විෂ දළ සහිත දඩයක්කාරයා!🐍

Cottonmouth! 💀

පළමු බැල්මට මූව දැක්කොත් ඔයා හිතන්නේ සාමාන්‍ය දියබරියෙක් කියලා. හැබැයි මූ ළඟට ගියොත් දකින්න ලැබෙන දේ ඔයාගේ හීනෙකින්වත් හිතපු නැති දෙයක් වෙන්න පුළුවන්!

අද අපි කතා කරන්නේ ලෝකයේ අමුතුම අනතුරු ඇඟවීමේ ක්‍රමයක් තියෙන, වගුරු බිම්වල රජ කරනා Cottonmouth සර්පයා ගැනයි. 🌑

කවුද මේ “පුළුන් කටා”?
මූට “Cottonmouth” කියන නම ලැබුණේ අමුතුම හේතුවකට. මූට අනතුරක් දැනුණම මූ කරන්නේ පැනලා යන එක නෙවෙයි. මූ තමන්ගේ කට ලොකුවට අරිනවා. ඒ වෙලාවට කට ඇතුළේ තියෙන පටක හරිම සුදු පාටට, හරියට “පුළුන් කැබැල්ලක්” වගේ පේනවා. ඒක සතුරාට දෙන අවසන් අනතුරු ඇඟවීමයි! ⚪⚠️

Family
මූ සාමාන්‍ය දියබරියෙක් නෙවෙයි. මූ අයිති වෙන්නේ ලෝකයේ දරුණුම සර්පයන් ඉන්න Viper (වයිපර්/පොළොං) කුලයටයි. ඒ වගේම මූ “Pit Viper” කෙනෙක්. ඒ කියන්නේ ඇස් දෙකට අමතරව සතුන්ගේ ශරීර උෂ්ණත්වය හඳුනාගන්න පුළුවන් විශේෂ “තාප සංවේදක” (Heat-sensing pits) මූට තියෙනවා. 🌡️👁️

ප්‍රමාණය
බුෂ්මාස්ටර් වගේ අඩි 12ක් දිග නැති වුණාට, මූ අඩි 3ත් 4ත් අතර දිගට වැඩෙනවා. හැබැයි ඇඟ ගොඩක් මහතයි. මූ වතුරේ පාවෙලා එනකොට පේන්නේ හරියට කළු පාට රබර් ටියුබ් එකක් වගේ! 📏🐍

කොහෙද ඉන්නෙ?
මූව ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ ඇමරිකාවේ ගිනිකොනදිග ප්‍රදේශවලයි. විශේෂයෙන්ම අපි කලින් කතා කරපු ඔකෙෆෙනොකී (Okefenokee) වගේ වගුරු බිම්, ගංගා සහ මඩ සහිත ඇළ දොළවල් ආශ්‍රිතව තමයි මූ රජ කරන්නේ. 🇺🇸💧

විෂ
මේක තමයි වැදගත්ම දේ. මූ සතු වෙන්නේ Hemotoxic කියන භයානක විෂ වර්ගයයි. මූ දෂ්ට කළොත් ශරීරයේ රුධිර සෛල සහ පටක ඉතා ඉක්මනින් විනාශ වෙන්න (Necrosis) පටන් ගන්නවා. නියමිත වෙලාවට ප්‍රතිකාර නොලැබුණොත් ඒක මාරාන්තික වෙන්න පුළුවන් වගේම අදාළ අවයවය කපා ඉවත් කරන්න පවා සිද්ධ වෙනවා. 💉💀

තවත් විශේෂ දේවල්!

  • මොනවද කන්නේ?: මූට කිසිම බේදයක් නැහැ. මාළු, මැඩියෝ විතරක් නෙවෙයි, කුඩා කිඹුල් පැටව් සහ වෙනත් සර්පයන් පවා මූ අමු අමුවේ ගිලලා දානවා. 🐸🐊
  • පිහිනීමේ දක්ෂතාව: අනෙක් දියබරියන් ඔළුව විතරක් උඩට තියාගෙන පිහිනනකොට, Cottonmouth තමන්ගේ මුළු ඇඟම වතුර උඩ පාවෙන විදියට පිහිනනවා. ඒක දැක්කම මූව ලෙහෙසියෙන් අඳුරගන්න පුළුවන්. 🏊‍♂️

සොබාදහමේ මේ වගේ අමුතුම හැසිරීම් තියෙන සත්තු ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ වගේ සතෙක් ඔයාගේ ඉස්සරහ කට ඇරගෙන හිටියොත් ඔයා මොකද කරන්නේ? 😂

ඔයාගේ අදහස Comment එකකින් කියන්න.

ඔයාගේ අදහස Comment එකකින් කියන්න. ලෝකයේ මෙතෙක් නොඇසූ අපූරු තතු දැනගන්න

What do you think?

Written by Mic

🌊මහ මුහුදේ “කහ යක්ෂයා”

ඇමරිකාවේ “කිඹුල් රජදහන”