පුංචි කාලේ අපි හැමෝටම “ටෙඩී බෙයාර්” යාළුවෙක් හිටියා මතකද? රෑට බදාගෙන නිදාගන්න, දුක හිතුනාම තුරුල් වෙන්න හිටිය ඒ යාළුවාගේ නම හැදුනේ කොහොමද කියලා ඔයා දන්නවාද?
ඒ කතාව පටන් ගන්නේ ලොකු කරුණාවන්ත ක්රියාවකින්.
1902 අවුරුද්දේ ඇමෙරිකානු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් (Theodore Roosevelt) දඩයමේ ගියා. දවස් ගානක් ගිහින් සතෙක් හොයාගන්න බැරි වුන නිසා, එතුමාගේ සේවකයෝ වලසෙක්ව අල්ලලා ගහක බැඳලා ජනාධිපතිතුමාට කිව්වා “දැන් වෙඩි තියන්න” කියලා.
ඒත් ජනාධිපතිතුමා ඒක ප්රතික්ෂේප කළා.
“බැඳ දාලා ඉන්න අසරණ සතෙක්ට වෙඩි තියන්න මගේ හිත දෙන්නේ නෑ, ඒක මනුස්සකමක් නෙවෙයි” කියලා එතුමා ඒ සතාව නිදහස් කළා. එතුමාගේ අන්වර්ථ නාමය වුනේ “ටෙඩී” (Teddy).
මේ සිද්ධිය දැකපු කඩ හිමියෙක්, රෙදි වලින් පුංචි වලස් බෝනික්කෙක් මහලා එයාගේ කඩේ ඉස්සරහා තිබ්බා. ඒකට නම දැම්මේ “Teddy’s Bear” (ටෙඩීගේ වලහා) කියලා.
අන්න එහෙමයි අද අපි ආදරේ කරන ටෙඩී බෙයාර් හැදුනේ.
ඉතින් මතක තියාගන්න, ටෙඩී බෙයාර් කියන්නේ නිකම්ම සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒක කරුණාවේ සංකේතයක්. බලවත් කෙනෙක් වුනත් හිතේ දයාව තියෙන්න ඕනේ කියන පාඩම මේ පුංචි වලහා අපිට කියලා දෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


