ඔයා ලෑස්තිද වානේ කූඩුවක බැහැලා “මෝරෙක්ව” හම්බවෙන්න? ![]()
![]()
පින්තූරේ දැක්කම ඇඟ හීතල වෙලා ගියාද? මේක නිකන්ම නිකන් ටුවර් එකක් නෙවෙයි. මේකට කියන්නේ “Shark Cage Diving” කියලා. ලෝකයේ ඉන්න දරුණුම දඩයක්කාරයා, ඒ කියන්නේ Great White Shark (මහා සුදු මෝරා) එක්ක මූණට මූණ බලන් ඉන්න ලැබෙන මේක ලෝකයේ තියෙන භයානකම වගේම පිස්සු හැදෙන අත්දැකීමක්!
වානේ කූඩුව ඇත්තටම ෂුවර්ද?
මෝරෙක්ට තියා කාටවත් ලේසියෙන් කඩන්න බැරි විදිහට හදපු හරිම ශක්තිමත් වානේ කූඩුවක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මේ කූඩුව බෝට්ටුවක ගැටගහලා මුහුදට බස්සනවා. ඔයාට තියෙන්නේ ඔක්සිජන් ටැංකියකුත් දාගෙන ඒ කූඩුව ඇතුළට වෙලා මෝරා එනකල් බලන් ඉන්නයි.
මෝරාව ගෙන්නගන්න දාන “ලේ විල”
මෝරෝ නිකන්ම කූඩුව ළඟට එන්නේ නැහැ. උන්ව ගෙන්නගන්න මළු කොටස් සහ ලේ මිශ්‍ර කරපු දියරයක් මුහුදට හලනවා. ඒ මිනී ගඳට මෝරෝ පිස්සුවෙන් වගේ කූඩුව වටේ කැරකෙන්න ගන්නවා. සමහර වෙලාවට උන් කූඩුවේ කම්බි හපා කන සද්දේ පවා ඔයාට ඇහෙන්නේ හරියටම කන් අඩිය ළඟින් වගෙයි!


මෝරු බලන්න යන්න ඕනේ කොහේටද?
1. Gansbaai (දකුණු අප්‍රිකාව): මේකට කියන්නේ “ලෝකයේ මෝරුන්ගේ අගනුවර” කියලා. මෙතැනදී මහා සුදු මෝරුන් දුසිම් ගණනින් දකින්න පුළුවන්.
2.Guadalupe Island (මෙක්සිකෝව): මෙතැන වතුර හරිම පැහැදිලියි. ඒ නිසා මෝරාගේ දත්වල තියෙන ඉරි පවා ඔයාට අතේ දුරින් බලාගන්න පුළුවන්.
3.Neptune Islands (ඕස්ට්‍රේලියාව): ලෝකයේ ඉන්න දැවැන්තම මෝරුන්ව දකින්න නම් මෙතැනටම යන්න ඕනේ.
ඇත්තටම මෝරෙක් කූඩුව ඇතුළට ආවොත්?
ගොඩක් වෙලාවට මේක ආරක්ෂිතයි කිව්වට, දරුණු සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.
• එක පාරක් මෝරෙක් කූඩුවේ කම්බි අස්සෙන් ඔළුව දාලා ඇතුළටම එන්න හදපු වීඩියෝ එකක් මුළු ලෝකයම හොල්ලලා දැම්මා.
• තවත් වෙලාවක මෝරෙක් කූඩුව රඳවලා තිබ්බ කේබල් එක හපලා කඩන්න හදපු අවස්ථාත් තියෙනවා. හිතන්නකෝ ඒ වෙලාවේ කූඩුව ඇතුළේ ඉන්න කෙනාට මොනවා හිතෙන්න ඇද්ද කියලා!
Unknown Diary “අභිරහස්” සටහන
පරිසරවේදීන් කියන විදිහට මේ විනෝදාංශය නිසා මෝරුන්ගේ ස්වභාවය වෙනස් වෙලා ලු. දැන් මෝරු හිතන්නේ “මිනිස්සු ඉන්න තැන කෑම තියෙනවා” කියලා. මේක වෙරළේ නාන සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු අනතුරක් වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා.
හිතලා බලන්න, වානේ කූඩුවක හිටියත් අඩි 20ක් විතර දිග මහා සුදු මෝරෙක්ගේ ඒ බිහිසුණු කළු ඇස් දෙක දිහා කෙළින්ම බලන්න ඔයාට හයියක් තියෙනවාද? ![]()
![]()
![]()
ඔයාගේ යාළුවන්ගෙන් මේ වගේ මරු වැඩක් කරන්න තරම් බය නැති කෙනා කවුද? එයාගේ නම පල්ලෙහායින් Comment කරන්න! ![]()
උපුටා ගැනීම : Unknown diary


