in

මාරකයේ සෙවනැල්ල..

වතුරේ රජුන්ව වළපල්ලට යවන “ජගුවර්” 🐆💀

නිශ්ශබ්දව ඇවිත්, තත්පර ගාණකින් මුළු ලෝකයම උඩුයටිකුරු කරන්න පුළුවන් දරුණුම මෘගයෙක් ඉස්සරහා, ඔයා කොච්චර ලොකු “පොරක්” වුණත් වැඩක් නැහැ. තමන්ගේ සීමාව ඇතුළට ආවොත් ඕනෑම චණ්ඩියෙක්ව දණගස්වන්න පුළුවන් නියම රජෙක්ගේ ලේ වැකි ආධිපත්‍යය තමයි මේ…

ඔයාලට මේ පේන්නේ අන්න ඒ වගේ ඇඟ හිරිවැටෙන, දරුණු නිශ්ශබ්දතාවයකින් පස්සේ සිද්ධ වුණු ලේ වැකි දඩයමක ප්‍රතිඵලයක්. වතුර ඇතුළේ ඉන්නකොට කාටවත්ම බය නැති, මඩ ගොහොරුවල මාරකයා කියලා හිතන් ඉන්න “කේමන් කිඹුලෙක්ව” (Caiman), උගේම නිවහනෙන් ගොඩට ඇදලා අරන්, උගේම ඇඟ උඩ නැගලා ඉන්න මේ මෘගයා වෙන කවුරුත් නෙවෙයි ජගුවර් (Jaguar).

💀 හිස්කබල් කුඩු කරන මාරක හකු පීඩනය!

සිංහයෝ, කොටියෝ (Leopards) හෝ ව්‍යාඝ්‍රයෝ (Tigers) තමන්ගේ ගොදුරේ බෙල්ල හපලා හුස්ම හිර කරලා මරද්දී, ජගුවර්ලා කරන්නේ දරුණු වැඩක්. මුන්ගේ හකු පීඩන බලය (Bite Force) වර්ග අඟලකට රාත්තල් 1,500ක් (1,500 PSI) තරම් අධිකයි! මේක සිංහයෙක්ගේ හෝ ව්‍යාඝ්‍රයෙක්ගේ හකු බලයටත් වඩා වැඩියි. මේ ප්‍රබල බලය නිසා උන්ට පුළුවන් කිඹුලෙක්ගේ ඝන හම විතරක් නෙවෙයි, කෙලින්ම හිස්කබල (Skull) සහ කැස්බෑවන්ගේ කටු පවා කුඩු වෙන්න හපාගෙන යන්න.

💀 මුන් රජ කරන මාරක භූමි දෙක

මේ වගේ දරුණු ජගුවර්ලා බහුලවම ජීවත් වෙන්නේ ලෝක ප්‍රකට ඇමේසන් (Amazon) වනාන්තරයේ සහ පැන්ටනල් (Pantanal) තෙත් බිම් කලාපයේයි. මේ කලාප දෙකේම ඉන්න දරුණුතම විලෝපිකයා වෙන්නේ මුන් තමයි.

📸 ඇයි මේ වගේ ඡායාරූපයක් ගැනීම මේ තරම් වටින්නේ?

ඇමේසන් කැලේ කියන්නේ අතිශය ඝන, අඳුරු තැනක් නිසා එහේ ඉන්න ජගුවර් කෙනෙක් කිඹුලෙක් දඩයම් කරනවා දකිනවා තබා ඇස් දෙකට දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. හැබැයි පැන්ටනල් කලාපය කියන්නේ ගංගා සහ විවෘත තණබිම් වැඩි ප්‍රදේශයක්. ඒ නිසා ජගුවර්ලා කිසිම බයක් නැතුව දවල් කාලයේ ගංගා අයිනට ඇවිත් කිඹුලන්ව දඩයම් කරන මේ වගේ සුපිරි, ඇස් අදහාගත නොහැකි පින්තූර සහ වීඩියෝ කැමරාවලට ගන්න තියෙන ලෝකයේ හොඳම සහ නියමම තැන තමයි පැන්ටනල් (Pantanal) කියන්නේ!

තමන්ගේ බල ප්‍රදේශයට ඇතුළු වුණොත්, ප්‍රතිවාදියා මොන වගේ මාරක කිඹුලෙක් වුණත් දණගස්වලා, උගේ පිට උඩ නැගලා සෙල්ලම ඉවර කරන්න ජගුවර්ලා දෙපාරක් හිතන්නේ නැහැ කියලා මේ පින්තූරෙන් ලස්සනට ඔප්පු වෙනවා.

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

සූර්ය බලයෙන් ලෝකය වටේ ගිය ඒ අපූරු ගුවන් යානයේ අවාසනාවන්ත අවසානය!