Brown Hyena!
හයිනාවෝ කිව්වම අපිට මතක් වෙන්නේ රංචු පිටින් ඇවිත් සිංහයන්ටත් ගේම ඉල්ලන, අමුතු විදිහකට හිනාවෙන දරුණු සත්තු ජාතියක්නේ. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඒ හැම හයිනාවෙක්ටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, හයිනා පවුලේ ඉන්න අමුතුම සාමාජිකයෙක් ගැන.
මෙයාගෙ නම Brown Hyena (දුඹුරු හයිනා). පෙනුමෙන් හයිනාවෙක් වගේ නෙවෙයි, නිකම් කුඩා වලහෙක් වගේ පේන මේ සතා පිටුපස තියෙන්නේ හරිම අමුතු සහ දුක්බර කතාවක්!
1. හයිනාවෙක්ද? නැත්නම් වලහෙක්ද? ![]()
![]()
මුන්ගේ ඇඟ දිහා බැලුවම මුලින්ම හිතෙන්නේ මුන් හයිනා පවුලේ නෙවෙයි කියලා. මුළු ඇඟ පුරාම ඝනකම්, දිග දුඹුරු පාට ලෝම පිහිටලා තියෙනවා. කර වටේ විතරක් අළු-සුදු පාට කේසර වගයක් තියෙනවා. හැබැයි මුන්ගේ මූණ වෘකයෙක් හෝ වලහෙක් වගේ පෙනුමක් තමා ගන්නේ. උගේ මේ දිග ලෝම පිහිටලා තියෙන්නේ නිකම්ම නෙවෙයි, කාන්තාරයේ තියෙන අධික සීතලෙන් සහ රස්නයෙන් ආරක්ෂා වෙන්නයි.
2. මිනිස්සුන්ව බය කරන “හිනාව” මුන්ට නැහැ! ![]()

අපි දන්න Spotted Hyena (පැල්ලම් සහිත හයිනා) කලබල වුණාම මිනිස්සු වගේ හිනාවෙන සද්දයක් දානවනේ. හැබැයි Brown Hyena කියන්නේ හරිම නිහඬ, අහිංසක සතෙක්. මුන් අර වගේ බය හිතෙන සද්ද දාන්නේ නැහැ. සන්නිවේදනය කරන්න ඕන වුණාම කරන්නේ පොඩි ගොරවන සද්දයක් දාන එක විතරයි.
3. “The Ghost of the Namib” – කාන්තාරයේ හොල්මන ![]()
![]()
මුන්ව හඳුන්වන්නේ කාන්තාරයේ හොල්මන කියලා. මොකද මුන් ජීවත් වෙන්නේ ලෝකයේ තියෙන දරුණුම පරිසරයන් වෙන නැමීබ් (Namib) සහ කලහාරි (Kalahari) කාන්තාරවල. මුන් දවල් කාලයේදී ගුල් ඇතුළේ නිදාගෙන, රාත්‍රී කාලයේදී විතරක් තනිවම කෑම හොයාගෙන මයිල ගණන් ඇවිදිනවා.
4. මුහුදු වෙරළේ දඩයම් කරන අමුතුම ක්‍රමය ![]()
![]()
නැමීබ් කාන්තාරය අයිනේ තියෙන මුහුදු වෙරළට (Skeleton Coast) මේ හයිනාවෝ නිතරම එනවා. මුන් එතනට එන්නේ මුහුදු වෙරළේ ඉන්න සීල් සත්තුන්ගේ (Cape Fur Seals) පැටවුන්ව දඩයම් කරන්නයි. කාන්තාරයක ජීවත් වෙන සතෙක් වෙරළට ඇවිත් සීල් සත්තු දඩයම් කරන එක සත්ත්ව විද්‍යාඥයන් පවා පුදුම කරවන දර්ශනයක්! මුන්ට මස් විතරක් නෙවෙයි, කාන්තාරයේ තියෙන වට්ටක්කා වගේ පලතුරු (Tsamma melons) කාලත් වතුර සපයාගන්න පුළුවන් පුදුම ජීර්ණ පද්ධතියක් තියෙනවා.
5. ලෝකයෙන්ම වඳවීමේ තර්ජනයට ලක්වූ සතෙක් ![]()
මුළු ලෝකයෙන්ම මේ වෙනකොට ඉතිරිවෙලා ඉන්නේ දුඹුරු හයිනාවන් 4,000ත් 10,000ත් අතර වගේ සුළු ප්‍රමාණයක් විතරයි. ඒ නිසා මුන් “Near Threatened” (වඳවීමේ තර්ජනයට ආසන්න) සතෙක් විදිහටයි රතු දත්ත පොතේ නම් කරලා තියෙන්නේ. අප්‍රිකාවේ ඉන්න ගොවියන් තමන්ගේ හරක් මරන්න එයි කියලා හිතලා බයට මුන්ව වස දීලා සහ වෙඩි තියලා මරා දමනවා. හැබැයි ඇත්තටම මුන් කරන්නේ මැරුණු සත්තුන්ගේ කුණුකුණා කා දමලා පරිසරය පිරිසිදු කරන එකයි.
ඔයා දන්නවාද? දුඹුරු හයිනාවන්ට ලොකු අනතුරක් ආවොත්, උන් කරන්නේ සටන් කරන එක නෙවෙයි. එකපාරටම මැරුණා වගේ රඟපාන එකයි (Playing dead). සිංහයෙක් හෝ දිවියෙක් ආවොත් මුන් මැරුණා වගේ නිසලව වැතිරිලා ඉන්නවා, ඒ සත්තු ගියාට පස්සේ ආයෙත් නැගිටලා දුවනවා!
හයිනා පවුලේ ඉන්න මේ අමුතුම “වලස් මූණා” ගැන ඔයා කලින් දැනගෙන හිටියාද? කමෙන්ට් එකක් දාගෙන යන්න! ![]()
උපුටා ගැනීම : Unknown diary


