දකුණු කොරියාවේ සත්වෝද්‍යානයක සිටින අතිශය දුර්ලභ සුදු සිංහ දෙනක් මේ දිනවල අන්තර්ජාලය පුරා කාගේත් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ‘ලූනා’ (Luna) ලෙස නම් කර ඇති ඇයගේ ළා ක්‍රීම් පැහැති ලොම් තට්ටුව, මෘදු දෑස් සහ මනඃකල්පිත පෙනුම නිසා ඇයව දකින බොහෝ දෙනෙක් පවසන්නේ ඇය හරියට ෆැන්ටසි (Fantasy) චිත්‍රපටයකින් කෙලින්ම මතු වුණු සත්වයෙකු වගෙයි කියා. ඇයගේ මෙම අසාමාන්‍ය සුන්දරත්වය නිසාම ලූනාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මිලියන ගණනින් නැරඹුම් වාර වාර්තා කරමින් ලොව පුරා වේගයෙන් වයිරල් (Viral) වෙමින් පවතිනවා.
බැලූ බැල්මට ඇය ඇල්බිනෝ (Albino) සත්වයෙකු ලෙස පෙනුනත්, ඇත්තටම ලූනා ඇල්බිනෝ සිංහයෙකු නොවෙයි. ඇයගේ මේ සුවිශේෂී පෙනුමට හේතුව “ලියුසිසම්” (Leucism) නමින් හැඳින්වෙන ඉතා දුර්ලභ ජානමය තත්ත්වයකුයි. මෙමඟින් සිරුරේ ලොම්වල වර්ණය ළා පැහැයක් ගත්තත්, ඇල්බිනෝ සතුන් මෙන් නොව ඇස්වල සහ සමේ ස්වභාවික වර්ණක (Pigment) එලෙසින්ම ආරක්ෂා වී පවතිනවා. ලෝකයේ සමහර සතුන් උන්ගේ ශක්තිය නිසා කැපී පෙනෙන විට, තවත් සතුන් උන්ගේ දුර්ලභත්වය නිසා අගය කරනු ලබනවා. නමුත් ලූනා කියන්නේ ඒ ශක්තිමත් බව, අභිමානය සහ දුර්ලභ සුන්දරත්වය කියන සියල්ලම එකට කැටිවුණු, කිසිදා අමතක නොවන අපූරු මැවීමක්! ![]()
![]()
![]()
උපුටා ගැනීම : Bee3


