අහස සිඹින ගොඩනැගිල්ලක (Skyscraper) ප්‍රමාණයෙන් යුත්, අලුතින්ම සොයාගත් ග්‍රහකයක් (Asteroid) පිළිබඳව තාරකා විද්‍යාඥයින් විසින් විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.නවතම කක්ෂීය දත්තවලට අනුව, ‘2025NT1’ ලෙස නම් කර ඇති මෙම අභ්‍යවකාශ පාෂාණය 2032 වසරේදී පෘථිවිය සමඟ ගැටීමේ 83න් 1ක (1-in-83) සම්භාවිතාවක් පවතින බව හඳුනාගෙන තිබේ. මුලදී මෙයින් විශාල තර්ජනයක් එල්ල නොවනු ඇතැයි විශ්වාස කළද, පසුව සිදුකළ නිරීක්ෂණ සහ වඩාත් නිවැරදි ගමන් පථ ගණනය කිරීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙය පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමට හෝ පෘථිවියේ ගැටීමට ඇති ඉඩකඩ වැඩි බවයි. මේ හේතුවෙන් ලොව පුරා අභ්‍යවකාශ ආයතනවල දැඩි අවධානය මීට යොමුව ඇත.
මෙම ග්‍රහකය මුළු මහත් ජීවී ලෝකයම වඳකර දැමිය හැකි තරම් දැවැන්ත එකක් නොවන නමුත්, මීටර් කිහිපයක පළලකින් යුත් මෙහි විශාලත්වය අනුව යම් හෙයකින් පෘථිවියේ ගැටුණහොත් කලාපීය වශයෙන් දැවැන්ත විනාශයක් සිදුකිරීමේ හැකියාව පවතී. එය ගැටෙන ස්ථානය අනුව, ඇතිවන ප්‍රබල කම්පන තරංග (Shockwaves) සහ ලැව්ගිනිවල සිට ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම කඩා වැටීම දක්වා වූ විනාශයන් සිදුවිය හැක. එමෙන්ම, මෙම ග්‍රහකය සාගරයට කඩා වැටුණහොත් ඉන් භයානක සුනාමි තත්ත්වයක් පවා නිර්මාණය වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
උපුටා ගැනීම : Bee3


