1800 ගණන්වලදී රොබට් ඔගස්ටස් චීස්බ්රරෝ (Robert Augustus Chesebrough) නමැති රසායන විද්‍යාඥයා තෙල් කර්මාන්තශාලාවල සේවකයන් තමන්ගේ කැපුම් තුවාල සහ පිළිස්සුම් තුවාල සඳහා බොරතෙල් පිරිපහදු කිරීමේදී ඉතිරි වන අපද්‍රව්‍යයක් පාවිච්චි කරනවා දැක්කා. ඔහු එය තවදුරටත් පිරිසිදු කර සකස් කරමින් වර්තමානයේ අප කවුරුත් දන්නා “වැස්ලින්” (Vaseline) නිෂ්පාදනය ලෝකයට හඳුන්වා දුන්නා.
ඔහු වැස්ලින්වල තිබූ ඖෂධීය ගුණය ගැන කෙතරම් විශ්වාස කළාද කියනවා නම්, ඔහු දිනපතාම වැස්ලින් හැන්දක් බැගින් ශරීරය ඇතුළත සුවපත් වීමට ආහාරයට ගෙන තිබෙනවා. ඔහුට වයස අවුරුදු 50 ගණන්වලදී වැළඳුණු දරුණු පෙනහළු රෝගයකින් (pleurisy) බේරීමට තමන්ගේ මුළු සිරුරම වැස්ලින්වලින් වසා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටි බවත්, පසුව ඔහු ඉන් සුවය ලැබූ බවත් ප්‍රසිද්ධ කතාවක්. තමන්ගේම නිෂ්පාදනය කෙරෙහි තිබූ දැඩි විශ්වාසය නිසාම ඔහු වයස අවුරුදු 96ක් වැනි දිගු කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට සමත් වුණා.
උපුටා ගැනීම : Cliply

