in

බුදු හිමිගේ සැබෑ පාත්‍ර ධාතුව අදටත් සුරක්ෂිතව තියෙන්නේ මුස්ලිම් පල්ලියකද? 

බෞද්ධයන් අනිවාර්යයෙන්ම දැනගත යුතු ඇෆ්ගනිස්ථානයේ සැඟවුණු අද්භූත කතාව! 

බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතූන් වහන්සේ ගැන අපි හැමෝම අහලා තිබුණට, ඇත්තටම ඒ සැබෑ ඓතිහාසික පාත්‍රා ධාතුවට පස්සේ කාලෙක මොකද වුණේ කියලා ලංකාවේ අපේ බෞද්ධයෝ ගොඩක් දෙනෙක් දන්නේ නැහැ නේද?

බුදු හිමි පාවිච්චි කරපු මේ පූජනීය වස්තුව අදටත් ලෝකයේ අතිශය සුරක්ෂිතව, හැබැයි හිතාගන්නවත් බැරි තැනක තියෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි! ඔව්, ඒක අදටත් සුරක්ෂිතව තියෙන්නේ ඇෆ්ගනිස්ථානයේ කාබුල් ජාතික කෞතුකාගාරයේයි!

මේක නිකන්ම නිකන් පාත්තරයක් නෙවෙයි, විශ්කම්භය මීටර් 1.75ක් විතර වෙන, බර කිලෝග්‍රෑම් 400කට ආසන්න දැවැන්ත ශෛලමය (ගල්) පාත්‍රයක්. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේදී විතර කුෂාන් අධිරාජ්‍යයේ බලවත්ම රජෙක් වුණු කණිෂ්ක රජතුමා තමයි මේ පුදුමාකාර පාත්‍රා ධාතුව ඉන්දියාවේ ඉඳන් වර්තමාන පකිස්ථානයට අයිති පේෂාවර් නුවරට වැඩම කරවලා තියෙන්නේ.

ඒ විතරක් නෙවෙයි, ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ඉන්දියාවට ආපු චීන ජාතික පාහියන් හිමියන් සහ 7 වෙනි සියවසේදී ආපු හියුං සියෑං හිමියන් තමන්ගේ දේශාටන වාර්තාවල මේ දැවැන්ත පාත්‍රා ධාතුව තමන්ගේම ඇස් දෙකෙන් දැක්කා කියලා හරිම පැහැදිලිව ලියලා තියෙනවා. 

හැබැයි ඉතින් කාලයත් එක්ක සිද්ධ වුණු දේශපාලන පෙරළි, යුද්ධ සහ ආක්‍රමණ නිසා මේ පාත්‍රා ධාතුව පස්සේ කාලෙක ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නුවරට අරන් යන්න සිද්ධ වෙලා තියෙනවා. මෙතන තමයි ලෝකයේම සිද්ධ වුණු ලොකුම හාස්කම තියෙන්නේ! 

ඇෆ්ගනිස්ථානය සම්පූර්ණයෙන්ම ඉස්ලාම් ආගමික රටක් බවට පත්වුණාට පස්සෙත්, මේ බෞද්ධ පාත්‍රා ධාතුවට කිසිම හානියක් කරන්න එහේ මුස්ලිම් පාලකයෝවත්, ජනතාවවත් ඉඩ දුන්නේ නැහැ. ඔවුන් මේ දැවැන්ත පාත්‍රය සැලකුවේ ලෝකයට පහළ වුණු ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයෙක් පාවිච්චි කරපු ඉතාමත් පූජනීය භාජනයක් විදිහටයි. 

ඔවුන් මේකට කොච්චර ගරු කළාද කියනවා නම්, පාත්‍රයේ පිටත මතුපිට අලංකාර අරාබි අක්ෂරවලින් කුරාණයේ ශුද්ධ වූ පාඨ පවා කැටයම් කරලා, සියවස් ගණනාවක් තිස්සේ කන්දහාර් නුවර තිබුණු පැරණි ඉස්ලාම් පල්ලියක් ඇතුළේ තියලා මේකට පුද පූජා පවා පවත්වලා තියෙනවා!

ලෝකයේ වෙන කිසිම ආගමික වස්තුවකට මේ වගේ ඉරණමක්, මේ වගේ ගෞරවයක් ලැබිලා නැතුව ඇති. ආගම් සහ අධිරාජ්‍යයන් කිහිපයක් හරහාම මේ විදිහට උපරිම ගෞරවයට පාත්‍ර වුණු මේ අද්භූත පාත්‍රා ධාතුව, බුදුරජාණන් වහන්සේගේ මහා පෞරුෂය සහ උන්වහන්සේගේ වස්තූන් සතුව තිබුණු ඒ අදෘශ්‍යමාන මහා බලපෑම මුළු ලෝකයටම නිහඬව කියාපාන ජීවමාන සාක්ෂියක් නෙවෙයිද?

උපුටා ගැනීම : Hela Rahas

What do you think?

Written by Mic

යාපනයේ ක්‍රිකට් පිටියෙන්, ලෝකයේ බලවත්ම රජ මාලිගයට ගිය අමුතුම කොල්ලාගේ කතාව! 

යාපනය නල්ලූර් කෝවිලේ හැමෝම නොදන්න, අදටත් ජීවමානව පවතින ඒ සිංහල ලේවල අසිරිමත් බැඳීම කුමක්ද?