in

මිහින්තලේ දන්සල කියන්නේ නිකන්ම කෑම බෙදපු තැනක් නෙවෙයි. ඒක මාරම ප්ලෑන් එකකට රන් වුණු සුපිරි රාජ්‍ය ආයතනයක්! 

අද කාලේ පොසොන් ආවම පාරක් පාරක් ගානේ දන්සල් දෙන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මීට අවුරුදු 1000කට කලින් අපේ රටේ තිබ්බ මහා දන්සල් පාලනය වුණේ අදටත් වඩා දරුණු, සුපිරි නීති පද්ධතියක් සහ රාජ්‍ය විගණනයක් යටතේ කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි 📜🤔`

හැබැයි මේක 100%ක්ම ඇත්ත. මේකට ඔප්පු කරන්න පුළුවන් නියම සාක්ෂි මිහින්තලේ තියෙන මිහින්තලා පුවරු ලිපි වල පැහැදිලිවම තියෙනවා 🪨🔍.

ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේදී හතරවන මහින්ද රජතුමා කොටවපු මේ සෙල්ලිපි කියවලා බලපු පුරාවිද්‍යාඥයෝ පවා හොල්මන් වෙලා තියෙන්නේ ඒකේ තිබ්බ සිස්ටම් එක දැකලා 😲🗺️

මේ දන්සලේ තිබ්බ පට්ටම සිද්ධිය තමයි, දන්සලක් කිව්වම අපිට හිතෙන්නේ පිනට කරන වැඩක් කියල වුණාට, රජතුමා දන්සලේ වැඩ කරපු හැම සේවකයෙක්ටම නියමිත වැටුප් ගෙවලා තියෙන එක 💰🌾.

උයන ප්‍රධාන කෝකියා (මුළුබත් වඩනුවා) 👨‍🍳, දර ගේන කෙනා (දර නඟනුවා) 🪵, වතුර අදින අය, කෑම බෙදන අය මේ හැමෝටම රජයෙන් රන් කහවනු වගේම ජීවත් වෙන්න ඉඩම් (දිවෙල්) වෙන් කරලා දීලා තිබ්බා 🪙🏡.

ඒ කියන්නේ කාගෙවත් ශ්‍රමය නිකන් සූරාකාලා නැහැ 💪❤️.

ඒ වගේම තමයි දන්සලට ලැබෙන හාල්, එළවළු, හැම බඩු බාහිරාදියක් ගැනම දිනපතා, මාසිකව වගේම වාර්ෂිකව Audit කරලා තියෙනවා 📊📝. දන්සලේ බඩු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්න එක සපුරා තහනම් ❌.

එහෙම අහු වුණු අයට දෙන දරුණු දඬුවම් පවා සෙල්ලිපියේ කොටලා තියෙනවා ⚖️. අද කාලේ වගේ නොමිලේ ලැබෙන බඩු යටිමඩි ගහන්න එදා කාටවත් හීනෙකින්වත් හිතන්න ලැබිලා නැහැ 🤫🙅‍♂️.

මිහින්තලේට අදටත් ගියොත් දැවැන්ත කළුගලින් නෙළපු බත් ඔරුවයි කැඳ ඔරුවයි බලාගන්න පුළුවන් 😮 ඒක දැක්කම පිස්සු හැදෙනවා. මේ බත් ඔරුවේ එක පාරකට හාල් සේරු 3000කට වඩා උයලා දාන්න පුළුවන්ලු 🍚🔥

ඒ කියන්නේ එක පාර දහස් ගණනකට කෑම ලෑස්ති කරපු මාරම Logistics & Engineering ප්ලෑන් එකක් එතන තිබිලා තියෙන්නේ 🛠️🚀

නිකන්ම ශ්‍රද්ධාවෙන් විතරක් කෑම බෙදන්නේ නැතුව 😇, සම්පත් ටික හරියට කළමනාකරණය කරලා, සේවකයන්ටත් සාධාරණය ඉටු කරලා වැඩක් කරන්නේ කොහොමද කියලා අපේ මුතුන්මිත්තන් අදින් අවුරුදු 1000කට කලින්ම ලෝකෙටම පෙන්වලා දීලා තියෙනවා 🌍✨

ඇත්තටම අද ඉන්න දේශපාලකයින්ට වගේම මැනේජ්මන්ට් ඉගෙනගන්න අයටත් මේක මරු පාඩමක් නේද? 

උපුටා ගැනීම : Hela Rahas

What do you think?

Written by Mic

යාපනය නල්ලූර් කෝවිලේ හැමෝම නොදන්න, අදටත් ජීවමානව පවතින ඒ සිංහල ලේවල අසිරිමත් බැඳීම කුමක්ද? 

භී# ෂණය මැදින් ඇසුණු ඒ අද්භූත දුම්රිය හඬ!  කල්කටාවේ මුඩුක්කු හොල්ලපු සුදු සාරිය