in

ඩයිනෝසරයන් අතුගාලා දාපු “මරණයේ ආවාටය”?

Chicxulub Crater

මීට අවුරුදු මිලියන 66කට කලින් පෘථිවියේ රජ කරපු ඩයිනෝසරයන්ව තත්පර ගණනකින් ලෝකයෙන්ම අතුරුදහන් කරපු ඒ මහා විනාශය ගැන ඔයාලා අහලා තියෙනවා නේද?

ඒකට හේතු වුණු කිලෝමීටර් 10-15ක් විතර විශාල දැවැන්ත උල්කාපාතය වැටුණු තැන අදටත් පෘථිවියේ තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? 🌍💥

📍 කොහෙද මේක තියෙන්නේ?

මේ ආවාටය තියෙන්නේ මධ්‍යම ඇමෙරිකාවේ මෙක්සිකෝ රාජ්‍යයේ, යුකටාන් අර්ධද්වීපයේ (Yucatán Peninsula). මේ ස්ථානය හඳුන්වන්නේ “චික්සුලබ් ආවාටය” (Chicxulub Crater) කියලා.

පුදුමය කියන්නේ මේකයි: මේ දැවැන්ත ආවාටයෙන් අඩක් තියෙන්නේ ගොඩබිමේ! ඉතිරි අඩ තියෙන්නේ මෙක්සිකෝ බොක්ක මුහුදු පතුලේ. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට ඇහැට එකපාරටම මේක ලොකු වලක් විදියට පේන්නේ නැහැ.

💥 ඒ වෙලාවේ මොකද වුණේ? (The Final Seconds)

1. පරමාණු බෝම්බ බිලියන ගණනක බලයක්: පැයට කිලෝමීටර් 64,000ක විතර පිස්සු හැදෙන වේගයකින් ආපු මේ උල්කාපාතය පෘථිවියේ වදිනකොට හිෙරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය වගේ බිලියන 10ක බලයක් පිටවුණා!

2. මීටර් 100කට වඩා උස සුනාමි: මුහුදට පතිත වුණු ගමන් මුළු පෘථිවියම හොලවමින් දැවැන්ත සුනාමි රළ ඇතිවුණා.

3. වසර ගණනක අඳුර: පස, පාෂාණ සහ දුහුවිලි මුළු වායුගෝලයම වසා ගත්තා. සූර්යාලෝකය පෘථිවියට ඒම සම්පූර්ණයෙන්ම නතර වුණා. ගස් වැල් මැරුණා, ඊටපස්සේ ශාක භක්ෂක ඩයිනෝසරයන් මැරුණා… අන්තිමට මාංශ භක්ෂකයන්ටත් වුණේ ඒ දේමයි.

🔍 අදටත් තියෙන අද්භූත සලකුණ “Cenotes”

මේ උල්කාපාතය වදීදී ඇතිවුණු දැවැන්ත පීඩනය නිසා යුකටාන් අර්ධද්වීපය වටේටම විශාල භූගත ජල ලෙන් සහ විවෘත ජල තටාක (Cenotes) දහස් ගණනක් නිර්මාණය වුණා. අදටත් අභ්‍යවකාශයේ ඉඳන් බලද්දී මේ ආවාටයේ මායිම පැහැදිලිව අඩකවයක් (Semicircle) විදියට හඳුනාගන්න පුළුවන්!

පෘථිවි ජීවීන්ගෙන් 75%ක්ම එක රැයින් නැති කරපු ඒ මහා ප්‍රහාරය සිදුනොවුණා නම්, සමහර විට අදටත් පෘථිවියේ රජ කරන්නේ මිනිස්සු නෙවෙයි… ඩයිනෝසරයන් වෙන්න තිබුණා! 🦕🔥

🎁 Google එකේ තියෙන රහස! 🤫

ඔයත් දැන්ම ෆෝන් එකෙන් හරි Computer එකෙන් හරි Google එකට ගිහින් “Chicxulub crater” කියලා Search කරලා බලන්නකෝ! Screen එක උඩින් ඩයිනෝසරයන්ව නැති කරපු ඒ වගේම දැවැන්ත උල්කාපාතයක් පල්ලෙහාට කඩාගෙන වැටෙනා සුපිරි 3D Animation එකක් ඔයාටත් බලාගන්න පුළුවන්! 👀☄️

මෙවැනි නොදන්න අමුතුම විද්‍යාත්මක, අභ්‍යවකාශ සහ ලෝකයේ වෙනත් විමර්ශනාත්මක තොරතුරු දිනපතා දැනගන්න ENJOY LK පේජ් එක Follow කරලා තියාගන්න! 📖✨

ලිපිය හොඳයි නම් යාලුවන්ටත් බලන්න Share පාරක් දාන්න අමතක කරන්න එපා! 🔔

What do you think?

Written by Mic

ෆිනීෂියානුවන්: මධ්‍යධරණී මුහුදේ වෙළඳ හා නාවික විශාරදයෝ

මධ්‍යම අප්‍රිකාවේ අද්භූත රහස් හංගගෙන ඉන්න “Bururi” ඝන වනාන්තරය!