රුධිරයේ සීනි මට්ටම අධික වීම Hyperglycemia ලෙස හඳුන්වනවා. මෙය සමහරවිට මුල් අවධියේ පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වාම තිබිය හැකියි.
අධික පිපාසය – නිතර වතුර බීමට සිතීම
නිතර මුත්‍රා කිරීම – විශේෂයෙන් රාත්‍රියේදී
අධික තෙහෙට්ටුව හා දුර්වලතාව
පෙනීම බොඳ වීම
මුඛය වියළීම සහ විජලනය
තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වීම
ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වීම
රුධිරයේ සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කිරීම, වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ නිවැරදිව ගැනීම, සුදුසු ආහාර රටාවක් සහ ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගැනීම වැදගත්.
වමනය, ව්‍යාකූලතාව, දැඩි විජලනය හෝ වේගවත්/ගැඹුරු හුස්ම ගැනීම වැනි බරපතළ ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.
Knowledge “දැනුම “


