in

ඔයා දැනන් හිටියද ආර්ජන්ටිනාවේ ඔබේ බබාට මුල් නම විදිහට “Messi” කියන නම දාන්න නීතියෙන් බෑ කියලා?

2014 වසරේදී ආර්ජන්ටිනාවේ Rosario නගරයේ නීතිමය බලධාරීන් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දරුවන්ට මුල් නම ලෙස “Messi” යන්න භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

මොකක්ද මේ නීතිය?

ආර්ජන්ටිනාවේ පවතින නාමකරණ නීතිය (Civil Code) අනුව:

වාසගම් මුල් නම් ලෙස යොදාගැනීම තහනම්: “Messi” යනු ලියොනෙල්ගේ වාසගම (Surname) වන බැවින් එය මුල් නම (First Name) ලෙස තැබිය නොහැක.

විකාරරූපී නම් තැන්පත් කිරීම තහනම්: සමාජයට නොගැලපෙන හෝ පසුව දරුවා අපහසුතාවයට පත්වන “Extravagant” නම් යෙදීම නීතියෙන් වැළැක්වේ.

අරමුණ: සමාජයේ පුද්ගලයන්ගේ නම් සහ වාසගම් පැටලීම වැළැක්වීම සහ පවුල් නාමයන්හි අනන්‍යතාවය රැකගැනීම.

එතකොට කොහොමද ආදරේ පෙන්නන්නේ?

Lionel නමේ රැල්ල: “Messi” තහනම් නිසා ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු 2023 දී Rosario නගරයේ උපන් පිරිමි දරුවන්ගෙන් විශාල පිරිසකට “Lionel” ලෙස නම තැබීමට දෙමාපියන් පෙළඹුණා.

නීතිය කැඩූ එකම අවස්ථාව: 2014 දී Rio Negro ප්‍රදේශයේ විසූ Hector Varela නම් දැඩි මෙසීගේ දැඩි රසිකයෙක් , දීර්ඝ නීතිමය සටනකින් පසු තම පුතුට “Messi Daniel Varela” ලෙස නම තැබීමට රාජ්‍යයෙන් විශේෂ අවසරයක් ලබාගත්තා!

BEE3

What do you think?

Written by Mic

විද්‍යාඥයන් විසින් විශ්වයේ රහසක් වන,

පුද්ගලයන් 30,000කට එක් අයෙකුට පමණක් ඇති දුර්ලභ තත්ත්වයක්!