in

ආසන පටි (Seat Belts) නීතිය: ශ්‍රී ලංකාව / ජපානය

ජීවිත ආරක්ෂාවට ජපානයෙන් අපට ගත හැකි පාඩම් 🚗

අද වෙද්දෙ හොද නිවුස් එකක් තාමා ආසන පටි පැලදීම.ඩ්‍රයිවර් ආසන පටි දාන්න ඕන කියන එක අපිට හුරු පුරුදු උනාට ගමන් කරන අනික් අය ආසන පටි දාන්න ඕන කියන එක ලන්කන් අපිට එතරම් හුරු නැනෙ.

කොහොම වුනත් දැන් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල පසුපස අසුන් ඇතුළුව ආසන පටි පැළඳීම දැන් අනිවාර්ය කර තිබෙනවා. මෙම නීතිය නොමල් පාරටත් තිබ්බනම් මරු.

අපෙ රටෙ තියන වාහන වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ ජපන් වාහනනෙ.

වාහනයේ ධාරිතාව සහ ආසන පටි (Vehicle Capacity & Seat Belts):

ජපානය: ජපන් සමාගම් විසින් වාහනයක් නිෂ්පාදනය කරන විටම, එම වාහනයේ නීත්‍යානුකූලව ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාවට හරියන පරිදිම ආසන පටි (Seat Belts) සවි කරනු ලබයි. වාහනයක අනුමත මගීන් ගණනට වඩා එකම අයෙකුට හෝ වැඩිපුර ගමන් කිරීමට එහි ඉඩක් නැත. එ හින්ද අමතර අයට සීට් බෙල්ට් නැ කියන එක එතින් හොද හෙතුවක් වෙන්නෙ නැ.මොකද යන්න පුල්ජ්වන් ප්‍රමානය ඉක්මවල වාහනෙ යන්න ජපානෙ ඉඩක් නැ.

අප රටේද වාහනයේ ලියාපදිංචි අනුමත මගීන් ප්‍රමාණයට (Approved Capacity) පමණක් ගමන් කිරීම සහ එක් අයෙකුට එක් ආසන පටිය බැගින් තිබීම අනිවාර්ය කළ යුතුය. වාහන නිෂ්පාදකයින් ලබා දී ඇති ආරක්ෂිත උපක්‍රම ඒ අයුරින්ම භාවිත කළ යුතුය.

අධිවේගී මාර්ගවලට පමණක්ද? (Highway vs. Normal Roads):

ජපානය: ජපානයේ ආසන පටි නීතිය අධිවේගී මාර්ගවලට (Expressways) පමණක් සීමා වී නැත. සාමාන්‍ය ගම්බද හෝ නගරබද මාර්ග (Normal Roads) ඇතුළු සියලුම මාර්ගවල ගමන් ගන්නා විට රියදුරු, ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන් ආසන පටි පැළඳීම 100% ක්ම අනිවාර්ය වේ.

ලංකාව දැනට නව දැඩි නීති ක්‍රියාත්මක වන්නේ අධිවේගී මාර්ග සඳහා පමණක් වුවද, අනතුරු ඕනෑම තැනක සිදුවිය හැකි බැවින් සාමාන්‍ය මාර්ගවලදී පවා පසුපස අසුන්වල අයත් ආසන පටි පැළඳීමට හුරුවීම ඉතා වැදගත් වේ.

නිදහස් කිරීම් සහ ළමා ආරක්ෂාව (Exemptions & Child Safety)

ජපානය: වයස අවුරුදු 6 ට අඩු සියලුම ළමුන් සඳහා සාමාන්‍ය ආසන පටි වෙනුවට විශේෂිත ළමා ආරක්ෂිත අසුන් (Child Seats) භාවිත කිරීම නීතියෙන්ම අනිවාර්ය වේ.

ලංකාව වෙ කුඩා ළමුන් සහ උසින් අඩු අය (අඩි 4.5 ට අඩු) දැනට අධිවේගී මාර්ග ආසන පටි නීතියෙන් නිදහස් කර තිබුණද, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටවල මෙන් සුදුසු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම රියදුරාගේ වගකීමකි.

ජපානෙ මෙ නීති තියනව වගෙමෙ ඔක්කොම මෙ නීති පිලිපදිනවා.මොකද මාර්ග අනතුරු උපරිම අඩුයි.එක ජිවිතයක් වුනත් එක වටිනවා.අනික තමා පොලිසිය පස්සෙන් ඉදන් එවා කරනවද බලන්න එන්නෙත් නැ.

ලයිශන් එක ගන්න යනකොටත් ට්‍රයල් එකෙත් පිටිපස්සෙ යන කෙනට සීට් බෙල් දාගන්න කිවෙ නැත්තම් ට්‍රයල් එක ෆෙල්.

ආසන පටියක් කියන්නේ පොලිසියෙන් බේරෙන්න අධිවේගී මාර්ගයේදී විතරක් දාන දෙයක් නෙවෙයි. වාහනයේ අනුමත ප්‍රමාණයට විතරක් නැගලා, සාමාන්‍ය පාරේ ගියත් ආසන පටි පැළඳීම ඔබගේත් ඔබගේ පවුලේ අයගේත් ජීවිතය සුරක්ෂිත කරයි!

ලන්කන් අපිට මහාමර්ග අනතුරු කියන්නෙ හරිම නොමල් වුනාට ,ඒක එහෙම වෙන්න හොද දෙයක් නෙමෙ.

අනික් රටවල් වලත් මෙ නීති ගොඩක් තදට තියනවා

Mahesh Ravilal

What do you think?

Written by Mic

ජූලියන් බෝලිං මහතා