in

ඊයේ අපි දැකපූ සංසිද්ධිය

ශ්‍රී ලංකාවේ අහස පුරා සමනලුන්ගේ අපූරු ගමනක්!
මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් දකින්න ලැබෙන දහස් ගණනක් කහ සහ සුදු සමනලුන් එකම දිශාවකට පියාසර කරන දර්ශනය දැක්කාද?
මේක අහම්බයක් නොවෙයි. සොබාදහමේ සිදුවන අපූරු Seasonal Butterfly Migration එකක්!
🌿 🦋Why Are They Moving?
මෝසම් වැසි සමඟ පරිසරයේ ඇතිවන වෙනස්කම් මේ සංක්‍රමණයට වැදගත් වෙනවා.
Rainfall encourages fresh plant growth, providing food for caterpillars and suitable host plants for egg-laying.
ඒ සමඟ සමනල ගහනය වැඩි වන විට ආහාර සහ බිත්තර දැමීමට සුදුසු ස්ථාන සොයා ඔවුන් වෙනත් ප්‍රදේශවලට පැතිරී යනවා.
🦋 🦋 Who Are These Travellers?
මෙම සංක්‍රමණයට සම්බන්ධ බව පර්යේෂණවලින් හඳුනාගෙන ඇති විශේෂ කිහිපයක් මෙන්න.

  • Lesser Albatross – Appias galene
  • Common Albatross – Appias albina
  • Lemon Emigrant – Catopsilia pomona
    මේ සමනලුන් බොහෝදෙනෙක් අයත් වෙන්නේ Pieridae නම් සමනල පවුලටයි.
    🌏 🦋 Where Are They Going?
    2024 වසරේ Taprobanica විද්‍යාත්මක සඟරාවේ පළවූ ශ්‍රී ලාංකික පර්යේෂණයකින් සමනල සංක්‍රමණ මාර්ග පිළිබඳ වැදගත් තොරතුරු හෙළි කර තිබෙනවා.
    Researchers recorded migration patterns at 60 locations across Sri Lanka.
    එම පර්යේෂණයේදී හඳුනාගත් ප්‍රධාන ගමන් දිශාවක් වන්නේ ගිනිකොන දිග සිට වයඹ දෙසට ගමන් කිරීමයි.
    Kumana National Park ආසන්නයේ Kebiliththa ප්‍රදේශයේ සිට Wilpattu දෙසට කිලෝමීටර් 280ක පමණ ගමන් මාර්ගයක් ද එහිදී හඳුනාගෙන තිබෙනවා.
    🐛 🦋 Nature Has Its Own Timing!
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමනල සංක්‍රමණ කාලය සාමාන්‍යයෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පවතින අතර, මාර්තු සිට අප්‍රේල් දක්වා කුඩා සංක්‍රමණයක් ද වාර්තා වෙනවා.
    මෙම ගමන් මෝසම් වැසි, ශාක වර්ධනය, ආහාර ලබාගැනීම සහ ප්‍රජනන අවශ්‍යතා සමඟ සම්බන්ධයි.
    ❤️ 🦋 Are They Flying Towards Sri Pada?
    අපේ රටේ ජනප්‍රවාදවල සමනලුන් ශ්‍රී පාදය වන්දනා කිරීමට යන බව කියවෙනවා.
    නමුත් විද්‍යාත්මකව සමහර සමනලුන් උස් ස්ථානවලට එකතු වන හැසිරීමක් පෙන්වනවා. එය Hill-topping ලෙස හඳුන්වන අතර, සහකරුවන් සොයාගැනීමට උපකාරී වන හැසිරීමක්.
    එහෙත් සියලුම සංක්‍රමණික සමනලුන් ශ්‍රී පාදයට ගමන් කරනවා කියන අදහස නිවැරදි නැහැ.
    ⚠️ 🦋 Is This a Sign of an Upcoming Disaster?
    සමාජ මාධ්‍යවල මේ සමනල සංක්‍රමණය ස්වාභාවික විපතක පෙර ලකුණක් බවට විවිධ අදහස් පළවෙනවා.
    නමුත් සමනල සංක්‍රමණය සුළි කුණාටු හෝ භූමිකම්පා වැනි විපත් කලින් අනාවැකි කීමට භාවිත කළ හැකි බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ.
    🌱 🦋 A Beautiful Migration That Needs Protection
    අද අපි දකින මේ සුන්දර සංසිද්ධිය අනාගතයේත් දැකගන්න නම් සමනලුන්ගේ ආහාර ශාක, බිත්තර දැමීමට සුදුසු ස්ථාන සහ ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කළ යුතුයි.
    Habitat destruction, invasive plants and changing rainfall patterns can threaten butterfly populations and their migration routes.
    🦋 Thousands of tiny wings. One incredible journey. One beautiful reminder of nature’s connection to the seasons.
    ශ්‍රී ලංකාව කියන්නේ පුංචි දූපතක් වුණත්, මෙවැනි විස්මිත ස්වාභාවික සංසිද්ධිවලින් පිරුණු රටක්!
    💚 Let’s protect the little wings that make our island beautiful.

Nature – ස්වභාවධර්මය

What do you think?

Written by Mic

වර්ටිගෝ (Vertigo) කියන්නේ මොකක්ද? ඇයි ලෝකය කැරකෙනවා වගේ දැනෙන්නේ

සෘතුවලට වෙනස්වන ඒ ඇස්