in

ගැහැණු සතා මියගිය විට පිරිමි සතා ගැහැණු සතෙක් බවට පත්වෙන ක්ලවුන්ෆිෂ්ගේ අපූරු රහස!

“Finding Nemo” චිත්‍රපටය නිසා අපි කවුරුත් ආදරය කරන “ක්ලවුන්ෆිෂ්” (Clownfish) මාළුන් ගැන ඔබ නොදන්න පුදුමාකාර රහසක් තියෙනවා. ඒ තමයි, ඉපදෙන හැම ක්ලවුන්ෆිෂ් මාළුවෙක්ම උපතින්ම පිරිමි සතුන් වීම! හැබැයි තමන්ගේ සමාජ මට්ටම අනුව ජීව විද්‍යාත්මකව තමන්ගේ ලිංගිකත්වය (gender) වෙනස් කරගන්න මේ මාළුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා.

මේ මාළුන් ජීවත් වෙන “අනිමනි” (Anemone) ශාකයක් ඇතුළේ තියෙන්නේ හරිම අපූරු පවුල් සංවිධානයක්. මේ රංචුවක ඉන්නේ බිත්තර දාන එකම එක ප්‍රධාන ගැහැණු සතෙක් (Alpha female) සහ ඇයට සහය දෙන එක ප්‍රධාන පිරිමි සතෙක් (Breeding male) විතරයි. අනිත් ඔක්කොම ප්‍රමාණයෙන් කුඩා පිරිමි සතුන්. යම්කිසි විදිහකින් මේ ප්‍රධාන ගැහැණු සතා මියගියොත් හෝ අතුරුදන් වුණොත් මොකද වෙන්නේ? එතකොට රංචුවේ ඊළඟට ඉන්න ලොකුම පිරිමි සතා ක්‍රමයෙන් ගැහැණු සතෙක් බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා!

ගැහැණු සතා නොමැතිවීමත් සමඟ මොළයෙන් නිකුත් කරන හෝමෝන වෙනස්කම් නිසා, සති කිහිපයකින් හෝ මාසෙකින් දෙකකින් මේ පිරිමි සතාගේ සිරුරේ ඩිම්බ කෝෂ වර්ධනය වී සම්පූර්ණ ගැහැණු සතෙක් බවට පත්වෙනවා. ඊටපස්සේ රංචුවේ ඉන්න ඊළඟ ලොකුම පිරිමි සතා, අලුත් ප්‍රධාන පිරිමි සතාගේ තැනට පත්වෙනවා. ප්‍රමාණයෙන් ලොකු මාළුවා ගැහැණු සතෙක් වීමෙන් වැඩි බිත්තර ප්‍රමාණයක් දාන්නත්, කුඩා මාළුන්ට ඒ බිත්තර ආරක්ෂා කරන්නත් මේ ක්‍රමය නිසා හැකියාව ලැබෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

හිම දේශයේ රජවරු..

ස්පාඤ්ඤයේ ලියොනෝර් කුමරිය