in

ජනප්‍රිය වඳුරු පැටියාගේ කූඩුවට පැනලා ජපානයේදී අත්අඩංගුවට පත්වුණු ඇමරිකානුවන්!

සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙන්න ගිහින් අමාරුවේ වැටුණු තරුණයන් දෙදෙනෙක් ගැන ජපානයෙන් වාර්තා වෙනවා. ජපානයේ “ඉචිකාවා” (Ichikawa) සත්වෝද්‍යානයේ ඉන්න “පන්ච්” (Punch) කියන වඳුරු පැටියා මේ දවස්වල අන්තර්ජාලය පුරාම හරිම ජනප්‍රියයි. 2026 මැයි 17 වැනිදා, ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙක් මේ වඳුරු පැටියාගේ කූඩුවට පැනලා අත්අඩංගුවට පත්වෙලා තියෙනවා!

වාර්තාවලට අනුව, 24 හැවිරිදි “රීඩ් ජානායි ඩේසන්” විශේෂ ඇඳුමක් ඇඳගෙන වඳුරන් ඉන්න කූඩුව වටේ තියෙන අගලට පැනලා තියෙනවා. ඔහුගේ මිතුරා වෙන 27 හැවිරිදි “නීල් ජබාරි ඩුවාන්” මේ භයානක ක්‍රියාව වීඩියෝ කරලා තියෙනවා. හැබැයි වාසනාවකට මේ අයට වඳුරන් ඉන්න තැනටම යන්න කලින් සත්වෝද්‍යානයේ සේවකයන් ඔවුන්ව නවතාගෙන තිබෙනවා.

සතුන්ගේ වගේම මිනිස්සුන්ගේත් ආරක්ෂාව ගැන හිතන්නේ නැතිව කරපු මේ මෝඩ වැඩේ සත්වෝද්‍යාන බලධාරීන් දැඩිව හෙළා දකිනවා. මේ ඇමරිකානු ජාතිකයන් දෙදෙනාම “ව්‍යාපාරික කටයුතුවලට බාධා කිරීම” කියන චෝදනාව යටතේ ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා. ක්‍රිප්ටෝ (cryptocurrency) ප්‍රවර්ධන වැඩසටහනකට අදාළව මේ අය මේ දේ කරන්න ඇති කියලා මාධ්‍ය වාර්තා කරනවා. සත්වෝද්‍යානයක් කියන්නේ වීඩියෝ හදන්න තියෙන තැනක් නෙවෙයි කියන එක මේ සිදුවීමෙන් හොඳටම පැහැදිලි වෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

මාරක සීතලේ ලේ පිපාසිත දඩයක්කාරයා!!

“The Jungle Book” සැබෑ ලෝකය