Sri Lanka Cat Snake
(Boiga ceylonensis)
නිදි මාපිලා යනු මෙරටට ආවේණික වූ කොලුබ්‍රිඩේ කුලයට අයත් සර්ප විශේෂයකි.මධ්‍යම ප්‍රමාණයේ සිහින් දිගු පැතලි දේහයකින් සමන්විත වන මෙම මාපිල් විශේෂයේ පැහැදිලිව වෙන් වූ ගෙලක් පිහිටයි. සිරස් කණිනිකාවක් සහිත විශාල ඇස් සහ ශක්තිමත් දිගු ග්‍රාහක වලිගයක්ද මෙම මාපිල් විශේෂයට පිහිටයි.
භාහිර පෘෂ්ඨීය වර්ණය![]()
අළු,හෝ ලා දුඔුරැ වලින් හෙබි අතර හිස මුදුනේ තිත් වැනි තද පුල්ලි පිහිටා ඇත.ඇස පිටුපසින් ආරම්භව ගෙල දක්වා දිව යන කලු පැහැති පුල්ලි පේලියක් දැක ගත හැකිය. හොම්බ කෙළවර සිට ආරම්භ ව මුඛය කෙලවර දක්වා දිවෙන තද පැහැති පලල් වූ පටියක් පැහැදිලිව දැක ගත හැකිය.
ශරීර ප්‍රමාණය![]()
දිග-උපතේදී සෙන්ටිමීටර 25-30 අතර වන අතර ,වැඩුණු සතුන් සෙන්ටිමීටර 50-95 දක්වා වර්ධනය වේ. මීටරයකට වඩා දිගින් වැඩුනු සතුන්ද කලාතුරකින් දැක ගත හැකිය.
හැසිරීම![]()
ප්‍රධාන වශයෙන් වෘක්ෂීය සර්ප විශේෂයකි. භූමීයේද සමහර අවස්ථා වලදී දැක ගත හැකිය. දහවල් කාලයේදී ගස් බෙන වලදී හෝ තුරු වදුලු වල අලසව දිවි ගෙවයි. තම ශක්තිමත් ග්‍රාහක වලිගය උපකාරී කර අතු වල එල්ලී සිටින අවස්ථා ද දැක ගත හැකිය. වඩා ක්‍රියාශීලි රාත්‍රි කාලයට වන අතර නිශාචර සර්ප විශේෂයකි.
ප්‍රජනනය සහ පැටවුන් බෝ කිරීම![]()
වරකට බිත්තර 3-15 දක්වා දමනු ලැබේ.
ආහාර ![]()
ගෙම්බන්,කටුස්සන්,සිකනලුන්,හූනන්,මීයන් ,කුඩා පක්ෂීන් මෙන්ම ස්වජාතිභක්ෂනය ටද ප්‍රියතාවයක් දක්වයි.
විෂ තත්වය![]()
වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් කමක් නොමැති විෂ තත්ත්වය ක් පවතී. කලබල වූ සැනින් පහර දීමට උත්සහා කරයි. ඩුවනෝයි ග්‍රන්ථියක් සහ ඔපිස්තොග්ලයිපස් වර්ගයේ දළ පිහිටයි. දෂ්ඨනයකින් පසු පැය කිහිපයක් හෝ දින කිහිපයක් පවතින ඉදිමුමක් පැවතිය හැකිය. සුලු විෂ කාණ්ඩයට අයත් වන සර්ප විශේෂයකි.
ව්‍යාපෘතිය![]()
වෙරළ බඩ ශුෂ්ක කලාපයේ සිට මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 1500 ක් පමණ තෙක් විහිදුනු ප්‍රදේශ වලින් සුලභව හමුවන මාපිල් විශේෂයකි. මිනිස් ජනාවාස ආශ්‍රීතවද හමු වී ඇත.
Nalinda Jayalath


