Surinam Toad! ![]()
ස්වභාවධර්මයේ තියෙන සමහර දේවල් දැක්කාම අපිට හිතාගන්නවත් බැහැ මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා!
සාමාන්‍යයෙන් ගෙම්බෝ බිත්තර දාන්නේ වතුරටනේ. ඊටපස්සේ ඒ බිත්තරවලින් ඉස්ගෙඩියෝ ඇවිත් තමයි ගෙම්බෝ වෙන්නේ. ![]()
![]()
හැබැයි, තමන්ගේ බිත්තර ටික පිටකොන්ද ඇතුළේ හංගගෙන, සති කිහිපයකට පස්සේ තමන්ගේම හම හිල් කරගෙන කෙලින්ම ගෙම්බා පැටව් එළියට දාන මාරම අපූරු, ඒ වගේම ඇඟ හිරිවැටෙන ගෙම්බෙක් ගැන ඔයා අහලා තියෙනවාද? ![]()
![]()
![]()
කවුද මේ අපූරු සත්වයා? ![]()
නම (Common Name): Surinam Toad (සුරිනාම් ගෙම්බා) ![]()
විද්‍යාත්මක නාමය (Scientific Name): Pipa pipa (පීපා පීපා) ![]()
කුලය (Family): මෙයා අයිති වෙන්නේ Pipidae (පිපිඩේ) කියන අමුතුම ගෙම්බන් කුලයටයි. මේ කුලයේ ඉන්න ගෙම්බන්ගේ විශේෂත්වය තමයි මුන්ට දිවක් (Tongue) පිහිටලා නැහැ! ![]()
![]()
ජීවත් වන ප්‍රදේශ (Habitat): දකුණු ඇමරිකාවේ, විශේෂයෙන්ම ඇමසන් වනාන්තරයේ (Amazon Rainforest) තියෙන මඩ සහිත ගංගා, වැව් සහ වගුරු බිම්වල තමයි මේ ඩයල් එක ජීවත් වෙන්නේ. ![]()
![]()
පෙනුමෙන් කොළයක් වගේ! ![]()




මුලින්ම මෙයාගේ පෙනුම ගැන කිව්වොත්, දැක්කාම ගෙම්බෙක් කියලා හිතන්නත් අමාරුයි. ඇඟ සම්පූර්ණයෙන්ම තැලිලා පැතලි වෙලා තියෙන්නේ. හරියට වතුරේ පාවෙන “කොළයක්” (Dead leaf) වගේමයි.
ඇස් දෙක මාරම පොඩියි. මේ අපූරු පෙනුම නිසාම වතුර යට ඉන්න හතුරන්ට මෙයාව ලෙහෙසියෙන් හොයාගන්න බැහැ! ![]()
![]()
හැබැයි මුන්ගේ පෙනුමට වඩා මුළු ලෝකයම පුදුම කරන්නේ මුන් පැටව් හදන “හරු අපූරු” ක්‍රමයයි! ![]()
![]()
ඇඟ කිළිපොලා යන ඒ “පිටකොන්දේ” රහස! ![]()
![]()
මේ හැමදේම සිද්ධ වෙන්නේ වතුර යටදී. ගැහැණු ගෙම්බා සහ පිරිමි ගෙම්බා එකතු වෙලා ප්‍රජනනයේ යෙදෙද්දී මුන් වතුර ඇතුළේ සර්කස් පදිනවා වගේ කරණම් ගහන්න ගන්නවා! ![]()
![]()
1 බිත්තර ටික කොන්ද උඩට: ගැහැණු සතා බිත්තර මුදාහරිද්දීම පිරිමි සතා ඒ බිත්තර ටික තමන්ගේ බඩෙන් තද කරලා, ගැහැණු සතාගේ පිටකොන්ද උඩ හරියට පිළිවෙළකට අතුරනවා. ![]()
![]()
2 හම ඇතුළට යන බිත්තර: ඊටපස්සේ ගැහැණු සතාගේ පිටකොන්දේ තියෙන හම හොඳට ඉදිමිලා, ජෙලි එකක් වගේ වෙලා, අර බිත්තර ටික හම ඇතුළටම ගිල ගන්නවා!
සතියක් විතර යද්දී මේ බිත්තර වටේට හම වැහිලා, හරියට මී වදයක් වගේ සිදුරු සිදුරු තියෙන ස්තරයක් අම්මගේ පිටේ හැදෙනවා. ![]()
![]()
3 සේෆ් රූම් එක: දැන් බිත්තර ටික තියෙන්නේ අම්මගේ හම ඇතුළේ ආරක්ෂිතවයි. සර්පයෙකුටවත්, වෙන මාළුවෙකුටවත් මේ බිත්තර කන්න ලැබෙන්නේ නැහැ. ![]()
![]()
පැටව් එළියට එන හැටි! ![]()
![]()
සාමාන්‍යයෙන් ගෙම්බන්ගේ බිත්තරවලින් ඉස්ගෙඩියෝ (Tadpoles) ආවාට, Pipa pipa ගේ බිත්තර ඉස්ගෙඩියෝ බවට පත් වෙන්නෙත්, උන්ගේ කකුල් සහ ඇඟ හැදෙන්නෙත් අම්මගේ පිට ඇතුළෙමයි! මේකට දවස් කිහිපයක් ගත වෙනවා. ![]()
පැටව් හොඳට වැඩුනාට පස්සේ තමයි ලෝකයේ තියෙන මාරම දර්ශනය සිද්ධ වෙන්නේ! අම්මගේ පිටේ තියෙන සිදුරු (Pores) ඇතුළෙන් පොඩි ගෙම්බා පැටවුන්ගේ කකුල්, අත්, ඔළු එළියට දාලා හතර අතේ වනන්න ගන්නවා! ![]()
![]()
ඊටපස්සේ එකින් එකා, අම්මා ගෙම්බාගේ පිටකොන්දේ හම හිල් කරගෙන, සිදුරු අස්සෙන් කෙලින්ම වතුරට පැනලා පීනන්න ගන්නවා! ![]()
(සමහර වෙලාවට එක පාර පැටව් 100කට වඩා මේ විදියට අම්මගේ පිටෙන් එළියට පනිනවා).
ඔයාට “Trypophobia” (කුඩා සිදුරු සමූහයක් එකට දැක්කාම ඇතිවන බය හෝ අප්පිරියාව) තියෙනවා නම්, මේ සතා පැටව් වදන වීඩියෝ එකක් බලන්න යන්න එපා! මොකද ඒක ඒ තරමටම ඇඟ ඇතුළෙන් හිරිවැටිලා යන දර්ශනයක්! ![]()
![]()
පැටව් ටික ගියාට පස්සේ අම්මාට මොකද වෙන්නේ? ![]()
![]()
ඔන්න හැමෝටම තියෙන ප්රශ්නය. පැටව් ටික ඔක්කොම පිටතට ආවාට පස්සේ අම්මාගේ පිටකොන්ද හරියට හිස් වුණු මී වදයක් වගේ සිදුරු ගොඩක් විතරයි ඉතිරි වෙන්නේ. හැබැයි ස්වභාවධර්මය මුන්ට මරු විසඳුමක් දීලා තියෙනවා! ![]()
පැටව් ටික ගියපු ගමන්, අම්මා තමන්ගේ පිටේ තියෙන පරණ හම සම්පූර්ණයෙන්ම ගලවලා දානවා (Shedding).
ඊටපස්සේ ආයෙත් සුපුරුදු පරිදි සාමාන්‍ය ලස්සන හමක් මෙයාට ලැබෙනවා! ![]()
![]()
තමන්ගේ පැටවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේම හම සේෆ් හවුස් එකක් කරගත්තු මේ මව් සෙනෙහසේ අපූරු නිර්මාණය ගැන ඔයාලා මොකද හිතන්නේ? ![]()
උපුටා ගැනීම : Unknown diary


