in

විෂයි, වසයි දෙකම තියෙන ලෝකයේ දුර්ලභ සර්පයා?

Tiger Keelback

සාමාන්‍යයෙන් අපි දන්නේ සර්පයෙක් දෂ්ට කළාම “විෂ” (Venom) ශරීරගත වෙනවා කියලනේ. හැබැයි කවුරුහරි ඔයාව හැපුවොත් විෂ වෙන, ඇඟ ඇල්ලුවොත් “වස” (Poison) වෙන සර්පයෙක් ගැන ඇහුවොත් ඔයා විශ්වාස කරනවාද?

ඔව්, සත්ව විද්‍යාඥයන් පවා පුදුම කරපු මේ අමුතුම සර්පයා තමයි Tiger Keelback. නැත්නම් විද්‍යාත්මක නමින් හඳුන්වන Rhabdophis tigrinus.

මෙයා ලෝකයේ ඉන්න අනිත් හැම සර්පයෙකුටම වඩා වෙනස් වෙන්නේ සහ භයානක වෙන්නේ ඇයි කියලා අද අපි බලමු.

📌 කවුද මේ Tiger Keelback?

කුලය (Family): මෙයා අයිති වෙන්නේ ලෝකයේ විශාලම සර්ප කුලයක් වෙන Colubridae (කොලුබ්‍රිඩේ) කුලයටයි. (අපේ රටේ ඉන්න ගැරඬියන්, ඇහැටුල්ලන්, මාපිලන් අයිති වෙන්නෙත් මේ කුලයටම තමයි).

ජීවත් වන ප්‍රදේශ: මුලින්ම කිව්වොත් මේ සර්පයා ලංකාවේ නැහැ. මෙයා ප්‍රධාන වශයෙන්ම දකින්න ලැබෙන්නේ නැගෙනහිර ආසියාතික රටවල් වෙන ජපානය, චීනය, කොරියාව, රුසියාවේ නැගෙනහිර ප්‍රදේශ සහ තායිවානය වගේ රටවලයි. (කොරියාවේ ඉන්න අය බහුලවම දකින සර්පයෙක්)

විශේෂයෙන්ම ගංගා, වැව් අසල සහ තෙතමනය අධික කුඹුරු ආශ්‍රිතව මුන් බහුලව ගැවසෙනවා.

ප්‍රමාණය (Size): මුන් මාර ලොකු සර්පයෝ නෙවෙයි. සාමාන්‍යයෙන් වැඩුණු සර්පයෙක් සෙන්ටිමීටර 60 සිට 100 දක්වා (අඩි 2 සිට 3ක් පමණ) දිගකට වර්ධනය වෙනවා. කලාතුරකින් අඩි 4ක් විතර දිග මුන් හමුවෙලත් තියෙනවා. ඇඟේ කොටින්ගේ වගේ ලස්සන තැඹිලි, කහ සහ කළු පාට ලප පිහිටලා තියෙන නිසයි මුන්ට “Tiger” කියන නම ලැබිලා තියෙන්නේ.

1. විෂයි වසයි දෙකම තියෙන “Double Weapon” එක!

ගොඩක් අය “Venomous” (විෂ) සහ “Poisonous” (වස) කියන වචන දෙක පටලවා ගන්නවා. සර්පයෙක් හැපුවාම ශරීරයට යන්නේ විෂ (Venom). හැබැයි යම් සතෙක්ව කෑවාම හෝ ඇඟ ඇල්ලුවාම ශරීරගත වෙන්නේ වස (Poison).

Tiger Keelback කියන්නේ මේ දෙකම එකට පිහිටපු ලෝකයේ ඉන්න අතිශය දුර්ලභ සර්පයෙක්! මෙයාගේ කට ඇතුළේ දළ විෂ වගේම, බෙල්ල පිටුපස තියෙන ග්‍රන්ථිවල (Nuchal Glands) මාරාන්තික වස ගබඩා වෙලා තියෙනවා.

2. තමන්ගේම කියලා වසක් නෑ මෙයා සුපිරි “වස හොරෙක්”!

හැබැයි මෙතන තියෙන ලොකුම අභිරහස ඒක නෙවෙයි. Tiger Keelback සර්පයාට තමන්ගේ ඇඟ ඇතුළේ මේ වස (Poison) නිපදවන්න බැහැ! එතකොට කොහෙන්ද මෙයාට මේවා ලැබෙන්නේ?

මෙයා කරන්නේ සුපිරි හොරකමක්. මෙයාගේ ප්‍රධාන කෑමක් තමයි අධික වස සහිත මැඩියන් (Toxic Toads). මේ මැඩියන්ව කෑවාම, උන්ගේ ඇඟේ තියෙන “Bufadienolides” කියන මාරාන්තික හෘද විෂ (Cardiotonic Steroids) මේ සර්පයාගේ ශරීරයට උරා ගන්නවා. ඊටපස්සේ ඒ වස තමන්ගේ බෙල්ල පිටුපස තියෙන බෑග් වගේ ග්‍රන්ථිවල සේෆ් එකේ තම්පත් කරලා තියාගන්නවා.

💡 පුදුම හිතෙන දේ තමයි, අම්මා සර්පයෙක් මේ වස මැඩියන්ව කෑවාම, ඒ වස තමන්ගේ බිත්තර හරහා පැටවුන්ටත් දායාද කරන්න මේ සර්පයාට පුළුවන්!

😡 මෙයා ආක්‍රමණශීලීද?

මේක තමයි වැදගත්ම දේ. Tiger Keelback කියන්නේ ස්වභාවයෙන්ම ඉතාම ලැජ්ජාශීලී, ආක්‍රමණශීලී බවෙන් අඩු සර්පයෙක්. මිනිස්සුන්ව දැක්ක ගමන් මුන් කරන්නේ බයේ හැඟිලා පැනලා යන එක. සාමාන්‍යයෙන් පෑගෙන්නේ නැතුව මුන් මිනිස්සුන්ට පහර දෙන්න එන්නේ නැහැ.

හැබැයි, මෙයා ආක්‍රමණශීලී වෙන්නේ තමන්ගේ ඇඟේ “වස” තියෙනවාද නැද්ද කියන කාරණය මතයි! ඒක වෙන්නේ මෙහෙමයි:

ඇඟේ වස නැති වෙලාවට: මැඩියෝ නැති දූපත්වල ඉන්න Tiger Keelback සර්පයන්ට ඇඟේ වස නැති නිසා, හතුරෙක් ආපු ගමන් උන් බයේ පැනලා දුවනවා.

ඇඟේ වස තියෙන වෙලාවට: හොඳට වස මැඩියෝ කාපු සර්පයෙක් ඉස්සරහට හතුරෙක් ආවොත් මෙයා දුවන්නේ නැහැ! එතකොට මෙයා මාරම චණ්ඩියෙක් වෙනවා. බෙල්ල පිම්බලා, නයා වගේ පෙනේ පුප්පලා (Cobra-like posture), බෙල්ලේ තියෙන වස ග්‍රන්ථි හතුරාට පේන්න හරවනවා. හතුරෙක් ඇවිත් මෙයාගේ බෙල්ල හැපුවොත්, අර ගබඩා කරපු වස කෙලින්ම හතුරාගේ කටට සහ ඇස්වලට විදිනවා. ඒ වස ඇස්වලට වැටුණොත් සත්තු විතරක් නෙවෙයි, මිනිස්සු පවා අන්ධ වෙන්න පුළුවන්.

4. හොරෙන් දෙන කෑම පිටුපස දළ (Rear-Fanged)

මෙයා නයි, පොළොංගු වගේ ඉස්සරහින් දළ පිහිටපු සර්පයෙක් නෙවෙයි. මෙයාගේ විෂ දළ පිහිටලා තියෙන්නේ කටේ අන්තිමටම වෙන්න (Rear-fanged). ඒ නිසා සාමාන්‍යයෙන් නිකන් පාරක් ගැහුවොත් විෂ ශරීරගත වෙන්නේ නැහැ.

හැබැයි හොඳට කට ඇරලා හයියෙන් හැපුවොත්, මෙයාගේ විෂ කෙලින්ම ලේ කැටි ගැසීම නවත්වනවා (Anticoagulant). ඒකෙන් ඇතුළාන්ත ලේ ගැලීම් (Internal Hemorrhaging) සහ වකුගඩු අකර්මණ්‍ය වීම් වෙලා මිනිසෙක් වුණත් මිය යන්න පුළුවන්. ඒ නිසා මෙයා සෙල්ලමකට ගන්න පුළුවන් ඩයල් එකක් නෙවෙයි!

ස්වභාවධර්මයේ තියෙන මේ වගේ අමුතුම නිර්මාණ ගැන ඔයාලා මොකද හිතන්නේ? තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් සතෙක්ගේ වස හොරකම් කරන මේ “Tiger Keelback” ගැන යාළුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා!

උපුටා ගැනීම : Unknown diary

What do you think?

Written by Mic

පිටකොන්දෙන් පැටව් වදන අම්මා!

80,000කට අධික සතුන් පිරිසක් අවසන් ගමන් ගිය ලෝකයේ අමුතුම සුසාන භූමිය!