නෙළුම් බීජ කොෂය තුළ සැඟවුණු අපූරු විද්‍යාව
ඔබට මේකේ මිනිස් මුහුණක් වගේ පෙනෙනවාද?
ඒත් මේක ඇත්තටම මුහුණක් නොවෙයි…
මේ තියෙන්නේ නෙළුම් මලේ බීජ කොෂය (Seed pod).
නෙළුම් මල පිපී අවසන් වූ පසු, මලේ බීජ වර්ධනය කරන කොටස ක්‍රමයෙන් විශාල වී මෙවැනි බීජ කොෂයක් බවට පත්වෙයි. එහි ඇති කුඩා වටකුරු කුහර තුළ නෙළුම් බීජ වර්ධනය වේ.
එහෙත් මේක මිනිස් මුහුණක් වගේ පෙනෙන්නේ ඇයි?
අපේ මොළයට අහඹු හැඩතල සහ රටාවලින් මුහුණු හඳුනාගැනීමේ ස්වභාවික ප්‍රවණතාවක් තිබෙනවා. මෙය Pareidolia (අහඹු රටාවක හුරුපුරුදු හැඩයක් හඳුනාගැනීම) ලෙස හැඳින්වේ.
ඒ නිසා නෙළුම් බීජ කොෂයේ වටකුරු බීජ කුහර සහ මධ්‍ය කොටස එකට දකින විට, අපේ මොළයට එය ඇස් සහ මුහුණක් වගේ පෙනෙන්න පුළුවන්.
ස්වභාවධර්මය මුහුණු හදන්නේ නැහැ…
නමුත් අපේ මොළය ස්වභාවධර්මයේ රටාවලින් මුහුණු සොයාගන්නවා.
Nature – ස්වභාවධර්මය


