in

බල්ලන්ට “කාලය” ඉවෙන් දැනෙනවා කියන්නේ ඇත්තක්ද?

ඔබ ගෙදර එන වෙලාව හරියටම දැනගෙන ඔබේ සුරතල් බල්ලා දොර ළඟට වෙලා බලන් ඉන්නේ කොහොමද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවාද? මනෝවිද්‍යාඥ “ඇලෙක්සැන්ඩ්‍රා හොරෝවිට්ස්” (Alexandra Horowitz) ගේ පර්යේෂණවලට අනුව, මේකට හේතුව බල්ලන්ට තමන්ගේ නහය පාවිච්චි කරලා “කාලය” ගතවෙන විදිහ ඉවෙන් තේරුම් ගන්න පුළුවන් වීමයි!

බල්ලන්ට සුවඳ මගින් කාලය දැනෙන අපූරු විද්‍යාත්මක ක්‍රියාවලිය රඳා පවතින්නේ වාතයේ සුවඳ හැසිරෙන ආකාරය මතයි. ඔබ නිවසින් පිටවෙන විට ඔබේ සුවඳ උපරිමයෙන් පවතින අතර, පැය ගණනක් යද්දී එය ක්‍රමයෙන් මැකී යනවා. ඔබේ සුවඳ යම්කිසි මට්ටමකට අඩුවූ පසු ඔබ නැවත නිවසට එන බව පුරුද්දෙන් ඔවුන් ඉගෙන ගන්නවා. පැරණි සහ නව සුවඳවල් අතර ඇති කුඩා වෙනස්කම් පවා හඳුනාගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා. ඔවුන්ගේ ලෝකය ඇතුළේ දුර්වල සුවඳකින් අතීතයත්, වාතයේ ඇති ප්‍රබල සුවඳකින් අනාගතයත් (ඔබ ළඟාවෙන බව) ඔවුන් ඉතා නිවැරදිව වටහා ගන්නවා.

ඇත්තටම ඔවුන්ට හරියටම වෙලාව කීයද කියලා තේරෙන්නේ නැහැ. ඔවුන් කාලය මනින්නේ සුවඳ මතක තබාගැනීමෙනුයි (olfactory memory). මිනිස්සුන්ට සුවඳ දැනෙන ග්‍රාහක (scent receptors) මිලියන 6ක් තියෙද්දී, බල්ලන්ට ග්‍රාහක මිලියන 100කට වඩා තියෙන නිසා ඔවුන්ට මේ දේ ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලිය (metabolism) වේගවත් නිසා, මිනිසුන්ට ගතවෙන මිනිත්තු 60ක කාලය බල්ලන්ට මිනිත්තු 75ක් වගේ තමයි දැනෙන්නේ.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සාගරයේ සැඟවුණු “අමරණීය” jellyfish

නයිල් කිඹුලාගේ හකු බිඳීම!