ඔන්න ඉතින් හාහාපුරා කියලා පලවෙනිම වතාවට අද මම කියන්න යන්නෙ කැලෑ සතෙක් ගැනනම් නෙවෙයි..අද මගෙ ලිපිය සම්පූර්ණයෙන්ම මම ලියන්නෙ අපි හැමෝම ගොඩක් ආදරේ කරන බළලුන්, එහෙම නැත්නම් පූසො සම්බන්ධ ප්‍රසිද්ධම මත දෙකක් ගැන..ඉතින් මම මගෙ ඔරුවට දිරච්ච හබලක් ඔට්ටු අල්ලලා කියනවා ඔයා මේ වෙද්දි විවිධ තැන් වල පූසො අපිව දකින්නෙ යෝධ බළල් පැටවුන් විදිහට කියලා තියන කතාවක් ගොඩක් දුරට දකින්න ඇති..ඉතින් මුලින්ම අපි දැන් අන්න ඒක ගැන කතාකරමුකෝ..
මේ පූසො කියලා කියන්නෙ ක්‍රි.පූ. 7500 දි වගේ මිනිස් වාසයට අරගන්න පටන්ගත්ත, මේ වෙද්දි Omnivore ( සර්වභක්ෂක ) ජීවන රටාවක් පෙන්නුම් කරත් සම්පූර්ණයෙන්ම Carnivore ( මාංශභක්ෂක ) සතුන් විශේෂයක්..ඒකට හේතුව තමයි ඔවුන්ගේ ශරීරය මස් මත පදනම් වුන ආහාර වේලක් සඳහාම අද්විතීය විදිහට අනුවර්තනය වෙලා තියන එක..ඉතින් මිනිස්සු බලෙන් හැම කුන්ඩවාලෙම කටේ ඔබද්දි මේ යක්කුත් කෑවට, ඇත්තටම පුතා පූසො කියන්නෙ සම්පූර්ණයෙන්ම මාංශභක්ෂක සතුන් විශේෂයක්..හරි හරි දැන් අපි බලමුකො මුලින්ම අපි කතාකරපු මාතෘකාව..ඒ තමයි ” බළල්ලු අපිව දකින්නෙ විශාල බළල් පැටව්න් විදිහටද “..ඇත්තටම ඔයා ඔය කතාව ඕනි තරම් දැකලා ඇතිනේ..ඉතින් මෙහෙම කියන්න හේතු විදිහට මේ කතාවට අදාල ලිපි වල පෙන්නලා දීලා තියෙන්නෙ පූසන් දඩයම් කරලා සත්තුන්ව ගෙදරට අරන් එන එක, පූසො අපේ ඇඟේ ඇතිල්ලෙන එක, පූසො අපිව නාවන එක, අපි ලඟ නිදාගන්න එක වගේ දේවල්..කොහොම උනත් ඔයත් මේක ඇත්ත කියලා හිතුවනම් කියන්න කණගාටුයි පුතා..ඒක පට්ටපල් බොරුවක්..ඒ වගේම සම්පූර්ණයෙන්ම වැරදි මතයක්..ඒ ඇයි කියලා මම ඔයාට මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..මේ පූසන්ගෙ හැසිරීම් රටාව Domestic Cat ( ගෘහාශ්‍රිත පූසන් ) ගෙ විතරක් නෙවෙයි, සිංහයා, ව්‍යාඝ්‍රයා, කොටියා, ජගුවර්, චීටා, වගේ Big Cat Family එකෙත් පෙන්නන සමාන ලක්ෂණ කිහිපයක්..ඒ කියන්නෙ පූසෙක් ඇවිත් ඔයාගෙ ඇඟේ ඇතිල්ලුන පලියට, මරපු සතෙක්ව අරන් ආපු පලියට, ඔයාව නාවපු පලියට ඒකෙ තේරුම පූසො අපිව ලොකු බළල් පැටව් විදිහට දකිනවා කියන එක නෙවෙයි..සරලවම කිව්වොත් බළල් පවුලෙ තියන පොදු ලක්ෂණයක් තමයි තමන් එක්ක වාසය කරන සත්ව විශේෂය මොකක් උනත් ඒ අය තමන්ගෙම සාමාජිකයන් විදිහට දකින එක..ඉතින් ඒකට අනුව සිංහයො, කොටි වගේ විශාල සත්තුත් තමන්ගෙ සහෝදරයන්ගෙම ඇඟේ ඇතිල්ලෙනවා, වෙලාවකට නාවනවා වගේ දේවල් කරනවා..ඉතින් ඊට අනුව පූසොත් අපිව දකින්නෙ එකම පව්ලක් විදිහට, එහෙම උනහම එයාලා අපේ ඇඟේ ඇතිල්ලෙනවා, අපිව නාවන්න හදනවා වගේ දේවල් කරනවා..සරලවම පූසො එකම ගෙදර ඉන්න බල්ලන්ව පවා ඔහොම නාවනවා..ඒත් ඔයා ඕනි තරම් දැකලා ඇති සිංහයො ගස් ගල් වල ඇතිල්ලෙද්දි, පූසො පුටු, මේස වලත් ඇතිල්ලෙනවා..එතකොට ඔය කලින් කතාවට අනුව ගෙදර තියන මේසෙත් ලොකු බළල් පැටියෙක් විදිහටද පූසො දකින්නෙ..
අපොයි නෑ..ඒක පිටිපස්සෙ තියෙන්නෙ වෙනම කතාවක්..මේ බළල් පවුලෙ සාමාජිකයො අජීවී වස්තු වලත් නිතරම ඇතිල්ලෙනවා..ඒකට හේතුව තමයි ඔවුන්ගෙ සුවඳ ඔවුන් සතු ස්ථාන වල ලකුණු කරන එක..බළල්ලුන්ගෙ සුවඳ දැනීමේ හැකියාව මිනිස්සුන්ට වඩා 14 ගුණයක් වගේ වැඩියි..ඉතින් මේ වගේ එක එක තැන් වල ඇතිල්ලිලා සුවඳ සලකුණු කරාට පස්සෙ පිටස්තර පූසෙක් ආපු ගමන් එයා දැනගන්නවා ඒ ප්‍රදේශය අයිති වෙනත් පූසෙක් ඉන්නවා කියන එක..ඉතින් මෙන්න මේ ටික තමයි පූසන්ගෙ ඔය හැසිරීම් රටාවට ඇත්තම හේතුව..එහෙම නැතුව දරුවෝ එයාලා මේවා කරන්නෙ මිනිස්සුන්ව ලොකු බළල් පැටව් විදිහට දකින නිසානම් නෙවෙයි..ඒක තනිකරම මිථ්‍යා මතයක් විතරයි..
හා හා තාම ඉවර නෑ..දැන් අපි යමු දෙවනි කොටසට..ඊලඟ ප්‍රශ්නෙ තමයි ” අපි ගෙදරින් පිට ගියහම පූසො හිතන්නෙ අපි දඩයමේ ගිහින් කියලා “..මෙන්න මේ කතාවත් ඔයා සමහරවිට දකින්න ඇතිනේ..කලින් වගේම කියන්න තියෙන්නෙ ඕකත් පට්ටපල් බොරුවක්..මේ පූසො කියලා කියන්නෙ රටා හඳුනාගැනීමට සහජ බුද්ධියක් තියන සත්තු විශේෂයක්..ඉතින් ගෙදර මිනිස්සු උදේ පාන්දර වැඩට ගිහින් හවස ගෙදර එන එක මේ පූසන්ට එදිනෙදා ජීවිතේ සාමාන්‍ය දෙයක් විතරයි..එහෙම නැතුව අයිතිකාරයා දඩයමේ ගියා කියලා හිතන්නෙවත්, ගෙදර එන්න පරක්කු වුනහම වෙන සතෙක්ගෙ ගොදුරක් වෙලා කියලවත් එයාලා හිතන්නෙ නෑ..හැබැයි මිනිස්සු ගෙදරින් පිටට යන්නෙ ආහාර සම්බන්ධ දෙයක් නිසා කියන්නනම් මේ පූසො කොහොමත් දන්නවා..ඒ වගේම අන්න ඒකට දායක වීමක් විදිහට තමයි මේ පූසොත් හිටපු ගමන් දඩයම් කරපු සත්තුන්ගෙ කොටස් එහෙම ගෙදරට අරන් එන්නෙ..හැබැයි මේ කතා කොහොම උනත් මේ අපූරු සත්තුන්ට තියෙන්නෙනම් ඇදහිය නොහැකි තරමේ සටන් දක්ෂතාවයක් වගේම අති ප්‍රබල වේගයක්..කොහොම උනත් අපි දැන් මේ කතාකරපු කරුණු දෙකම හරියට ලංකාවෙ ඔළු ඇතුලෙ මුල් බැහැගත්ත ප්‍රසිද්ධම මිථ්‍යා මතයක් වුන ” කොළ දිවියා බළල්ලු මරණවා ” කියන කතාව වගේම තමයි..ගෘහාශ්‍රිත පූසන්ව දඩයම් කරන්නෙ Jungle cat ( වල් බළලා ) සහ Fishing cat ( හඳුන් දිවියා ) කියන අය උනත් ඒකෙ වැරැද්ද සම්පූර්ණයෙන්ම වැටෙන්නෙ ප්‍රමාණයෙන් පූසෙකුටත් වඩා කුඩා, අහිංසක කොළ දිවියාගෙ එකව්න්ට් එකට..කොහොම උනත් ඔන්න ඕවා තමයි මේ දවස් වල පූසො සම්බන්ධව වයිරල් වුන ප්‍රසිද්ධම මිථ්‍යා මත ටික..කොහොම උනත් ඇත්තටම ඒකට හේතු මොනවද කියන්න ඔයා දැන් දන්නවනේ..![]()
සටහන – Shan Kottegoda![]()
In frame – Leo ![]()
කතෘ අයිතිය සුරකින්න ![]()


