මේකට හේතුව වෙන්නේ කූඹියෙක් මිය ගියාම මේ කුඹියාගෙ සිරුරින් “ඔලෙයික් ඇසිඩ්” නම් රසායනික සංයෝගය නිකුත් කිරීම. ඉතින් මේ සංයෝගයේ සුවඳ දැනුනම අනිත් කූඹින්ට ඒකෙන් ලැබෙන සඤ්ඤාව තමයි “මෙයා මිය ගිහින්, මෙයාව සුසාන භූමියට ගෙනිහින් දාන්න ඕන” කියන එක..![]()
ඇත්තටම සුසාන භූමියක් කිව්වට ඒකෙන් අදහස් කරන්නෙ කොලනියෙන් පිටතට ගෙනිහින් දාන්න ඕන කියන එකයි. ඉතින් කූඹි එකතු වෙලා තවත් කූඹියෙක්ව මිය ගියහම එයාව ඔවුන්ගේ කොලනියේ වෙනත් කෙනෙකුට ඒක කරදරයක් නොවන තැනකට ගෙනිහින් දානවා..![]()
නමුත් ඔයාල දන්නවද වැරදිලා හරි මේ රසායනික සංයෝගය ජීවතුන් අතර ඉන්න කූඹියෙකුගෙ සිරුරේ ගෑවොත් ඒ කූඹියටත් අනිත් කූඹි සළකන්නේ මිය ගිය කූණියෙකුට සළකන ආකාරටමයි..![]()
හැමදාම අළුත් දේ දැන ගන්න | Follow
උපුටා ගැනීම :සැ. ම්. පා


