in

අයිස්ලන්තය අනිත් රට වල කටවල් ඇරෙන්න ගහපු අමුතුම මූල්‍යම ගැටේ ගැන දන්නවද 😨

2008 අවුරුද්දේ අයිස්ලන්තයේ ප්‍රධානම බැන්කු තුන රටේ දරුණුම මූල්‍යමය බිඳ වැටීමටත් හේතු වෙමින් බංකොළොත් වෙන්න ගන්නවා. වෙනත් රට වල මෙහෙම වෙලාවට වෙන්නේ රජයෙන් මුදල් බිලියන ගණන් ඔවුන්ට ලබා දීලා ඔවුන්ව bail out කරන එක ( සරලව කිව්වොත් රජය බැන්කුව බේර ගන්නවා ). නමුත් අයිස්ලන්ත රජය ප්‍රකාශ කරනවා,

“බැන්කුවක් වැරදි තීරණ ගන්නවා නම්, බැන්කුව අසාර්ථක වෙන්න ඕනා..මිනිසුන් නෙමේ ” කියලා..

අයිස්ලන්ත රජය කරන්නේ බැන්කු වැහෙන්න දීලා, මිනිසුන්ගේ මුදල් වලට රජය මඟින් වග කියන එක. ඔවුන් මිනිස්සුන්ගෙ භය නැති කරනවා. ඒ කියන්නෙ, මෙතනදි හිතන්න කවුරුහරි මනුස්සයෙක් මේ බැන්කු වල තැන්පත් කරපු මුදලක් තියෙනවා කියල. ඔවුන්ට අවශ්‍ය වෙලාවට මේ මුදල ඇක්සස් කරන්න රජය ඉඩ සලසනවා. නමුත් ටෙක්නිකලි බැංකුව බංකොලොත්. හැබැයි මිනිස්සුන්ගෙ සල්ලි ආරක්ෂිතයි.

මේ අතරේ අයිස්ලන්ත රජය ඔවුන්ගේ මුදල් ඒකකය වුන ක්‍රෝනා (krona) එකේ වටිනාකම වැටෙන්න ( value drop ) දෙනවා. මේකෙන් සංචාරක කර්මාන්තය සහ අපනයනය උත්තේජනය වෙනවා. ඒ ක්‍රමය හරහා ඔවුන් නැවත ආදායම් ලබලා රටේ ආර්ථිකය නැවත ගොඩ නගනවා.

ඉතින් එහෙමයි..අයිස්ලන්තය අසාර්ථක බැංකු වලට ඔවුන්ගේ වරදට දඬුවම් දීලා, මිනිස්සුන්ගෙ මුදලුත් ආරක්ෂා කරලා රටත් නැවත සංවර්ධනය කළේ..🌍

උපුටා ගැනීම : :සැ. ම්. පා

What do you think?

Written by Mic

මැරුණු කූඹියෙක්ව අනිත් කූඹි උස්සගෙන යනව දැකල තියෙනවද ?