පර්යේෂකයෝ පිරිසක් අලුත් සොයාගැනීමක් කරලා තියෙනවා. ඒ තමයි, අපේ ඇඟේ තියෙන PLTP කියන එන්සයිමයට පුළුවන් කියලා ලේ නහර ඇතුළේ තැන්පත් වෙලා තියෙන කොලෙස්ටරෝල් (arterial plaques) ඇදලා අරන්, ඒවා ස්වභාවිකවම ඇඟෙන් අයින් කරන්න.
දැනට තියෙන ගොඩක් බෙහෙත්වලින් කරන්නේ අලුතෙන් කොලෙස්ටරෝල් තැන්පත් වෙන එක නවත්වන එකනේ. හැබැයි මේ ක්රමයේ විශේෂත්වය තමයි, දැනටමත් නහර ඇතුළේ තද වෙලා තියෙන කොලෙස්ටරෝල් තට්ටු දිය කරලා ඉවත් කරන්න මේකට පුළුවන් වීම.
සාමාන්‍යයෙන් මේ කොලෙස්ටරෝල් තට්ටු නිසා නහර ඇතුළේ ලේ ගමනාගමනය පටු වුණාම හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට ස්ටෙන්ට් (stents) දාන්න නැත්නම් බයිපාස් (bypass) වගේ සැත්කම් කරන්න වෙනවා.
හැබැයි මේ PLTP එන්සයිමය කරන්නේ, නහර ඇතුළේ තියෙන කොලෙස්ටරෝල් ටික අරගෙන, ඒවා HDL (හොඳ කොලෙස්ටරෝල්) වලට මාරු කරන එක. ඊටපස්සේ ඒ කොලෙස්ටරෝල් අක්මාව හරහා ඇඟෙන් අයින් වෙලා යනවා. සමහර අයගේ මේ එන්සයිමය උපතින්ම අඩුවෙන් පිහිටන්න පුළුවන්. අන්න ඒ නිසා විද්‍යාඥයෝ මේ එන්සයිමය වැඩිකරන්න පුළුවන් ‘ජාන චිකිත්සාවක්’ (gene therapy) හඳුන්වා දීලා තියෙනවා.
සත්තුන් යොදාගෙන කරපු පරීක්ෂණවලදී පෙනිලා තියෙනවා, මාස තුනක් වගේ කෙටි කාලයකදී නහරවල තිබුණු බ්ලොක් (block) 40% කින් විතර අඩු කරන්න මේ ක්‍රමයට පුළුවන් කියලා. ඒ වගේම මේ නිසා නහර ආයෙත් කලින් තිබුණා වගේම ලේ ගලාගෙන යන්න පුළුවන් විදිහට පිරිසිදු වෙනවා.
දැනට මේකේ මිනිස් පරීක්ෂණ (clinical trials) කරගෙන යන්නේ සැත්කම් කරන්න බැරි මට්ටමේ ඉන්න රෝගීන්ටයි. විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව තමයි, ඉස්සරහට සැත්කම් කරන්නේ නැතුව, ශරීරයේ තියෙන ස්වභාවික පද්ධතියම පාවිච්චි කරලා ලේ නහර පිරිසිදු කරන එක. මේක හෘද රෝගවලට ලොකු පෙරළියක් වෙයි කියලා තමයි හැමෝම විශ්වාස කරන්නේ.
උපුටා ගැනීම : Chaminda Lakmal Kalubovila


