in

මෘගයන් අතර ජීවත් වූ “මනුෂ්‍ය දේවතාවිය”

ඩයන් ෆොසිගේ අභිරහස් මරණය! 🦍💔

ලෝකයම හිතාගෙන හිටියේ “ගෝරිල්ලෝ” කියන්නේ මිනී කන භයානක රාක්ෂයෝ කියලා. ඒත් මේ දිරිය කාන්තාව ලෝකයටම ඔප්පු කළා ගෝරිල්ලෝ කියන්නේ අපි හිතනවට වඩා ආදරණීය, හැඟීම් තියෙන “නිහඬ යෝධයෝ” පිරිසක් කියලා.

දඩයම්කරුවන්ගෙන් ගෝරිල්ලන් බේර ගන්න විශාල කාර්‍යභාරයක් කරන ඇය අභිරහස් ලෙස ගෝරිල්ලන් අතරම මරා දමනවා. ඒක අදටත් අභිරහසක්.

📍 ඇය කවුද?

ඇය නමින් ඩයන් ෆොසි (Dian Fossey). අවුරුදු 18ක් පුරා රුවන්ඩාවේ අති දුෂ්කර කඳුකර වනාන්තරවල ගෝරිල්ලන් සමඟ ඇය ජීවත් වුණා. ඇයට ගෝරිල්ලෝ කොච්චර ආදරය කළාද කියනවා නම්, රැලේ නායකයා ඇයට තමන්ගේ දරුවන්ට වගේ සමීප වෙන්න ඉඩ දුන්නා.

📍 ඇය කළ විප්ලවය

එදා ලෝක ප්‍රකට කිං කොං (King Kong) වැනි චිත්‍රපට නිසා මිනිස්සු ගෝරිල්ලන්ට බය වුණා. ඒත් ඩයන් ගෝරිල්ලන්ගේ ඇස් දෙක දෙස බලාගෙන, උන් සමඟ එකට සෙල්ලම් කරමින් ලෝකයට පෙන්නුවා ඔවුන් අපේම නෑදෑයෝ වගේ පිරිසක් බව. ඩයන්ගේ පර්යේෂණ නැති වෙන්න අද මේ ලෝකයේ එක කඳුකර ගෝරිල්ලෙක්වත් ඉතිරි වෙන්නේ නැහැ.

📍 ඛේදජනක අවසානය

ගෝරිල්ලන්ව මස් පිණිසත්, ශරීර කොටස් විකිණීමටත් දඩයම් කළ දඩයම්කරුවන්ට ඩයන් ලොකු හිසරදයක් වුණා. ඇය උන්ගේ උගුල් කැඩුවා, දඩයම්කරුවන්ට එරෙහිව සටන් කළා. ඒත් අන්තිමේදී… 1985 දෙසැම්බර් 27 වැනිදා, ඇය ආදරය කළ වනාන්තරය මැද තිබුණු ඇගේ කුටිය ඇතුළේදීම කවුරුත් නොදන්නා අතකින් ඇයව ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කළා.

“තමන් ආදරය කළ සතුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතයම පූජා කළ මේ අසමසම කාන්තාව ගැන ඔබ දැන සිටියාද?”

අදටත් ඇය නිසලව සැතපෙන්නේ ඇය පණ වගේ ආරක්ෂා කළ, දඩයම්කරුවන් විසින් මරා දැමූ ඇගේ හිතවත්ම ගෝරිල්ලා වූ “ඩිජිට්” (Digit) ගේ සොහොන අසලමයි.

උපුටා ගැනීම : Unknown Diary

What do you think?

Written by Mic

ස්පාඤ්ඤයේ ලියොනෝර් කුමරිය

ජපානයම හෙල්ලූ “සංකෙබෙට්සු” මෘගයා