in

ලුණු ලෙවකන්න අංශක 90ක බෑවුම් නගින ලෝකයේ අපූරුතම එළුවන්!

උතුරු ඉතාලියේ (northern Italy) තියෙන අංශක 90ක් විතර කෙලින් තියෙන දැවැන්ත වේලි (dam walls) දිගේ කිසිම බයක් නැතිව ඉහළට නගින සත්තු ජාතියක් ගැන ඔබ අහලා තියෙනවාද? මේ සත්තු තමයි “Alpine ibex” කියලා හඳුන්වන කඳුකර එළුවන් විශේෂය. Cingino කියන වේල්ලේ මීටර් 50ක් විතර ඉහළට නගින මේ සත්තු මේ තරම් අවදානමක් ගන්නේ ඇයි කියලා දන්නවාද? මේ ඔක්කොම කරන්නේ වේල්ලේ බැඳිලා තියෙන ලුණු ටිකක් ලෙවකන්නයි!

මේ එළුවන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ ශාක. හැබැයි ඒවයේ සෝඩියම් (sodium) සහ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ ගොඩක් අඩුයි. ඒ නිසා වැසි ජලයත් එක්ක මේ වේලිවල බැඳෙන ලුණු සහ ඛනිජ ලවණ ලබාගන්න ඔවුන්ට මේ වගේ භයානක ගමන් යන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වසන්ත කාලයේදී තමයි මුළු රංචුවම එකතුවෙලා මේ විදිහට වේලි දිගේ ඉහළට නගින්නේ.

කොහොමද මේ තරම් ලිස්සනසුලු කෙළින් බිත්තියක් දිගේ මේ අය නගින්නේ? මේකට රහස තියෙන්නේ ඔවුන්ගේ කුර (hooves) වලයි. මේ කුරවල යටි පතුල් රබර් වගේ මෘදුයි, ඒ වගේම ඒවට පුළුවන් රික්තකයක් (suction) විදිහට බිත්තියට තදින් ඇලෙන්න. කුරේ වටේ තියෙන තද කොටසින් බිත්තියේ තියෙන පුංචි පැලුම්වලට හිරවෙන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම මේ සතුන්ගේ බර අඩු වීමත් මේ වැඩේට ලොකු සහයෝගයක් දෙනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

පියවර 100 කින් මරණය ගෙනෙන චීන “අධිරාජයා”

ගිනිකොන ආසියාවේ අදෘශ්‍යමාන දඩයක්කාරයා