in

ලෝකයේ සාර්ථකම දුරස්ථ ආදර කතාව: ඇල්බට්‍රොස් කුරුල්ලන්ගේ අපූරු විවාහය!

දුරස් වෙලා ඉන්නකොට ආදරයත් ඈත් වෙනවා කියලා ගොඩක් අය කිව්වට, “ඇල්බට්‍රොස්” (Albatross) කියන මුහුදු ලිහිණියන්ට මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. මේ කුරුල්ලන් තමන්ගේ සහකරුවාව තෝරාගන්නේ මුළු ජීවිත කාලයටමයි. හැබැයි පුදුමයට කරුණ තමයි, මේ යුවළ තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ එකිනෙකාගෙන් ඈත් වෙලා, තනිවම මහමුහුද හරහා දහස් ගණනක් දුර පියාසර කරමිනුයි.

සමහරවිට මේ දෙන්නා මාස ගාණක් හරි අවුරුදු ගාණක් හරි ඉන්නේ එකම සාගරයේ දෙපැත්තක වෙන්න පුළුවන්. හැබැයි බිත්තර දාන කාලය ආවාම මේ දෙන්නා හරියටම තමන් කලින් මුණගැසුණු දූපතටම ආයෙත් පියඹලා එනවා. එහෙම ඇවිත් තමන්ගේ සහකරුවාද කියලා අඳුරගන්න සහ ආදරය අලුත් කරගන්න ඔවුන් අපූරු නැටුමක් (courtship dance) නටනවා. හොටවල් එකට අතුල්ලමින් සහ අහස දෙසට හරවමින් කරන මේ නැටුමෙන් පස්සේ ඔවුන් දෙන්නා එකතුවෙලා කූඩුවක් හදලා එකම එක පැටියෙක් බිහිකරනවා.

මේ කුරුල්ලන් අතර “දික්කසාද වීම්” (divorce) සිද්ධ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඔවුන්ගේ මේ බැඳීම දශක ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් විවාහයකටත් වඩා වැඩි කාලයක් පවතිනවා. පැටියෙක් ලොකු මහත් කරනවා කියන්නේ මේ අයට ලොකු අභියෝගයක්. බිත්තරය රකින එකේ ඉඳන් අවුරුද්දකට වඩා කල් යනකන් මේ පැටියාව පෝෂණය කරන්න අම්මා වගේම තාත්තත් එකට එකතුවෙලා ලොකු වගකීමක් දරනවා.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

නාග ලෝකයේ “තනි ඇසක්” ඇති මාරයා

මිනිසෙකු ගිලදැමූ යෝධ කිඹුලෙකු ගොඩගන්න හෙලිකොප්ටරයකින් ගඟට බැස්ස පොලිස් නිලධාරියා!