චෙක් ජනරජයේ රජය දිගු කාලයක් ප්‍රමාද වූ තෙත්බිම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටියදී, බීවර් සතුන් තමන්ගේම ක්‍රමයට එම පරිසරය යළි ගොඩනඟමින් සිටියහ. ![]()
![]()
ඔවුන් ඉදිකළ ස්වභාවික වේලි හේතුවෙන් ජලය රඳවා තබා ගැනීමටත්, අවසාදිත පාලනය කිරීමටත් හැකි වූ අතර, වැදගත් තෙත්බිම් පරිසරයක්ද නිර්මාණය විය. ![]()
![]()
වඩාත් අපූරු කරුණ වන්නේ, මෙම බීවර්ලාගේ ස්වභාවික ක්‍රියාකාරකම් හේතුවෙන් රජයට ඉදිකිරීම් සඳහා වැය කිරීමට තිබූ චෙක් කොරුණා මිලියන 30ක් පමණ — ඇමරිකානු ඩොලර් මිලියන 1.2කට ආසන්න මුදලක් — ඉතිරි කර ගැනීමට හැකි වූ බවට ඇස්තමේන්තු කර තිබීමයි. ![]()
නමුත් මේ බීවර්ලා බදු ගෙවන්නන්ගේ මුදල් ඉතිරි කිරීමට සැලසුම් කරගෙන වැඩ කළේ නැහැ. ![]()
ඔවුන් කළේ ඔවුන්ට හොඳින්ම කළ හැකි දේ පමණයි…
වේලි ඉදිකිරීම, ජලය රඳවා ගැනීම සහ තම පරිසරය වෙනස් කිරීම. ![]()
![]()
සමහර වෙලාවට මිනිසුන්ට විශාල ව්‍යාපෘති, යන්ත්‍ර සහ මිලියන ගණනක මුදල් අවශ්‍ය වෙනවා.
ඒත් ස්වභාවධර්මයට…
“ඉන්වොයිසියක්” නැතුවම වැඩේ කරලා දෙන්න පුළුවන්
අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya


