in

1912 අප්‍රේල් 15 වන දින,

අත්ලාන්තික් සාගරයේ ගිලී ගිය RMS Titanic නෞකාවේ ගමන් කළ මගියෙකු පැළඳි,අදටත් ලෝකයේ ඉතිරිව ඇති අතිශය දුර්ලභ සැබෑ ජීවිත ආරක්ෂක කබායක (Life Vest / Life Jacket) ඡායාරූපයකි.

ටයිටැනික් නෞකාව තුළ ජීවිත ආරක්ෂක කබා 3,500කට ආසන්න ප්‍රමාණයක් තිබුණද,වර්තමානය වන විට ලොව පුරා කෞතුකාගාර සහ පුද්ගලික එකතුකරන්නන් සතුව ඉතිරිව ඇත්තේ මෙවැනි සැබෑ කබා 6 සිට 12 දක්වා ඉතා කුඩා ප්‍රමාණයක් පමණි.කැන්වස් රෙදිවලින් සහ ඇතුළත කෝක් (Cork) කැට යොදා සකසා තිබූ මෙම ඇඳුම්,එදා අත්ලාන්තික් සාගරයේ අධික ශීතල ජලයේ ගිලෙමින් සිටි සිය ගණනක් මගීන්ගේ ජීවිත බේරාගැනීමට උපකාරී විය.ලෝක නාවික ඉතිහාසයේ විශාලතම ඛේදවාචකයක සැබෑ සාක්ෂියක් ලෙස මෙය සැලකේ.

වසර 110කට වඩා පැරණි,මෙවැනි විශාල නාවික ඛේදවාචකයක සැබෑ මතක සටහනක් අදටත් කිසිදු හානියක් නැතිව මෙලෙස සුරක්ෂිතව දැකගන්නට ලැබීම ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න!

Feel Vibe

What do you think?

Written by Mic

මව්බිමට අහිමි වූ විශිෂ්ටතම ජනාධිපතිවරයා – ලලිත් ඇතුලත්මුදලි

16 වන සියවස,